ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/05 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ජූනි 13න් පටන්ගන්නා සතිය
  • ජූනි 20න් පටන්ගන්නා සතිය
  • ජූනි 27න් පටන්ගන්නා සතිය
  • ජූලි 4න් පටන්ගන්නා සතිය
2005 අපගේ රාජ්‍ය සේවාව
km 6/05 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ජූනි 13න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 198

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවන පිටුවේ සඳහන් පළමු යෝජනා යොදාගනිමින් (ඔබේ බලප්‍රදේශයට ගැළපෙනවා නම්) ජූනි 1 මුරටැඹ සඟරාව සහ ජූනි 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් ගැළපෙන ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි. එක නිරූපණයකදී අවිධිමත් ලෙස සඟරා ඉදිරිපත් කරන එක් ආකාරයක් පෙන්වන්න.

විනා. 15: බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් වීමට අන් අයට උපකාර කරන්න. අපගේ දේව සේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම නම් පොතෙහි 97-99 දක්වා පිටු පදනම් කරගෙන වැඩිමහල්ලෙක් විසින් දෙනු ලබන කතාවක් හා සබය සමඟ කරන සාකච්ඡාවක්. බයිබලය පාඩම් කරන ශිෂ්‍යයෙකුට සභාව සමඟ දේශනා සේවයේ සහභාගි වීමට අවශ්‍ය ශුද්ධ ලියවිලිමය සුදුසුකම් තිබේද කියා සොයා බලන විධිවිධානය ගැන සාකච්ඡා කරන්න. බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබන බයිබල් ශිෂ්‍යයන්ට ගෙයින් ගෙට සේවය ආරම්භ කිරීම සඳහා අපට පුහුණු කළ හැකි ආකාරය ඊළඟ සතියේදී අපි සලකා බලමු.

විනා. 20: “විඳදරාගැනීමට දේශනා සේවය අපට උපකාර වේ”aකාලය ඉඩ දෙන පරිදි සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පද ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 149 සහ අවසාන යාච්ඤාව.

ජූනි 20න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 206

විනා. 10: සභා නිවේදන. වෙනත් භාෂාවලින් ඇති පොත් පත් ප්‍රචාරකයන්ට ලබාගත හැකි ආකාරය පැහැදිලි කරන්න. පොත් පත් අංශය භාරව සිටින සහෝදරයා මුරටැඹ ප්‍රකාශන ලැයිස්තුව තුළින් එක් එක් භාෂාවලින් ලබාගත හැකි ප්‍රකාශන මොනවාදැයි සොයා බලයි. මෙම තොරතුරු සභා බල ප්‍රදේශයට ගැළපෙන්නේ කෙසේද කියා සාකච්ඡා කරන්න. වෙනත් භාෂාවලින් පොත් පත් ලබාගැනීමට පොත් පත් අංශය භාරව සිටින සහෝදරයා මාර්ගයෙන් අයැදුම් කළ යුතුයි. එක් ප්‍රකාශනයක් වුවත් ප්‍රමාදයකින් තොරව ලබාගැනීම සඳහා එසේ කළ යුතුයි.

විනා. 15: දෙවිගේ වචනය බලවත්ය. (හෙබ්‍රෙ. 4:12) වර්ෂ 2003 නොවැම්බර් 15 මුරටැඹ 11වන පිටුවේ 13-17 ඡේද මත පදනම් කතාවක්. තම ජීවිත වෙනස් කරගැනීමට මිනිසුන්ව පොළඹවන්න බයිබල් උපදෙස්වලට හැකි ආකාරය පිළිබඳව තිබෙන අද්දැකීම් සඳහන් කරන්න. (w00 1/1 3-5 පිටු) දේවසේවයේ සෑම අංගයකදීම බයිබලය හොඳින් භාවිත කිරීමට සියල්ලන්ට උනන්දු කරන්න.

විනා. 20: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම—10වන කොටස.”bපුහුණු වීම් කරන ආකාරය පෙන්වීමට නිරූපණයක් කරන්න. ශිෂ්‍යයා ඉදිරිපත් කිරීමක් කරන ආකාරය පුහුණු වන විට නිවැසියාගේ කොටස නිරූපණය කරන පාඩම පවත්වන්නා ප්‍රදේශයේ දක්නට තිබෙන විරුද්ධත්වයක් පෙන්වයි. එවිට පවසන්නේ කුමක්ද කියා ශිෂ්‍යයා නිශ්චිත ලෙස නොදන්නා විට එය හසුරුවන ආකාරය ඔහුට පැහැදිලි කරන්න. ඊට අමතරව, ගෙයින් ගෙට සේවයේ මුල් වතාවට නියැලෙන විට තමන් ලද පුහුණුව ගැන අදහස් දැක්වීමට එක් කෙනෙකුව හෝ දෙදෙනෙකුව කලින්ම සූදානම් කරන්න.

ගීතිකා අංක 208 සහ අවසාන යාච්ඤාව.

ජූනි 27න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක113

විනා. 10: සභා නිවේදන. ජූනි මාසය සඳහා සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. ගිණුම් වාර්තාව සහ පරිත්‍යාග ගැන සඳහන් කරන්න. අටවන පිටුවේ සඳහන් යෝජනාව යොදාගනිමින් (ඔබේ බලප්‍රදේශයට ගැළපෙනවා නම්) ජූනි 15 මුරටැඹ සඟරාව හෝ දෙවන යෝජනාව යොදාගෙන ජූනි 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් ගැළපෙන ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි. නිරූපණයෙන් පසු නිවැසියා තුළ උනන්දුවක් ඇති කිරීමට පැවසූ ආරම්භක වදන් නැවත කියන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: ජූලි සහ අගෝස්තු මාසවලදී විවරණිකා ඉදිරිපත් කිරීම. අතිරේකය පදනම් කරගෙන කරන කතාවක් සහ සබය සමඟ කරන සාකච්ඡාවක්. අතිරේකය භාවිත කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. තුන්වන පිටුවේ ඇති කොටුව සහ 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ ඇති මූලික කරුණු උලුප්පා දක්වන්න. මුල් හමුවීමේදීම විවරණිකා ඉදිරිපත් කිරීම සඳහා සභා බල ප්‍රදේශයට ගැළපෙන යෝජනා සාකච්ඡා කරන්න. ඉදිරිපත් කිරීම් දෙකක් හෝ තුනක් නිරූපණය කරන්න. නහඹර ප්‍රචාරකයෙකුගේ එක් නිරූපණයක්වත් ඊට ඇතුළත් කරන්න.

ගීතිකා අංක 196 සහ අවසාන යාච්ඤාව.

ජූලි 4න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 70

විනා.10 සභා නිවේදන.

විනා. 15: පවුලේ කාලසටහනෙන් ඔබත් ප්‍රයෝජන ලබනවාද? 2005 මැයි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ තිබෙන යෝජනා සලකා බලන්න. යෝජනා අදාළ කරගැනීමට තමන් ගෙන තිබෙන වෑයම් සහ එම වෑයම්වලින් ලබා තිබෙන ප්‍රයෝජන ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

විනා. 20: “ප්‍රසිද්ධ ස්ථානවල පලදායී ලෙස සාක්ෂි දැරීම”cසභා බල ප්‍රදේශයට අදාළ වන ආකාරය පෙන්වන්න. සුදුසු අවස්ථාවලදී නැවත ගොස් බලන්න (S- 43) යන පත්‍රිකාව භාවිත කිරීමට ප්‍රචාරකයන්ට සිහිගන්වන්න.—2005 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාව 6 පි.

ගීතිකා අංක 120 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න