ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/05 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
2005 අපගේ රාජ්‍ය සේවාව
km 5/05 7 පි.

නිවේදන

◼ මැයි: මාසය සඳහා ඉදිරිපත් කිරීම: මුරටැඹ සහ පිබිදෙව්! යන සඟරා දෙකේම පිටපත බැගින් ඉදිරිපත් කරන්න. සිහි කිරීමට පැමිණි අය හෝ වෙනත් දිව්‍යාණ්ඩු කටයුත්තකට සහභාගි වූ නමුත් සභා රැස්වීම්වලට දිගටම නොපැමිණි අය ඇතුළු ඕනෑම කෙනෙකුව නැවත බලන්න යන විට දෙවිට නමස්කාර කරන්න යන පොත තැබීමට උනන්දු වන්න. දැනටමත් දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව පාඩම් කර තිබෙන අය සමඟ නිවාස බයිබල් පාඩමක් ඇරඹීමට වෑයම් කරන්න. ජූනි: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කරන්න. තමන්ට දරුවෝ නැහැයි කියලා කවුරුහරි කියනවා නම් පවුලේ සන්තෝෂය හෝ දැනුම පොත ඉදිරිපත් කරන්න. බයිබල් පාඩම් ඇරඹීමට වෑයම් කරන්න. ජූලි සහ අගෝස්තු: පිටු 32න් යුත් ඕනෑම විවරණිකාවක් බෙදා දිය හැකියි. පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලු ජාතීන් සඳහා පොතක්, මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකිද? ඔවුන් සැබවින්ම පවතීද? සහ සතුටින් පිරි ජීවිතයකට මඟ.

◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙකු විසින් ජූනි 1දා හෝ ඉන්පසුව හැකි විගස සභාවේ ගිණුම් විගණනය කළ යුතුයි. මෙම විගණනය කළායින් පසුව සභාවේ ඊළඟ වතාවේ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.

◼ ජූනි මාසයේ ආරම්භයේදී 2005 දිස්ත්‍රික්ක සමුළුවේදී පළඳින බැජ් කාඩ් ඉල්ලුමකින් තොරව පොත් පත් සැපයුම සමඟ එවීමට නියමිතයි. මේවා ඉල්ලුම් කිරීම අවශ්‍ය නැත. මේවා එවන්නේ එක් එක් සභාවේ අවශ්‍යතාව අනුව 25 බැගින් වූ කොටස් වශයෙනි. ප්ලාස්ටික්වලින් සාදා ඇති බැජ් කාඩ් රඳවනයන් සභාවේ යම් කෙනෙකුට අවශ්‍ය නම් ඒවා ඉල්ලුම් කළ යුතුය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න