ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/05 1 පි.
  • යෙහෝවාගේ මහත් දවස ළඟය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාගේ මහත් දවස ළඟය
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • දේවරාජ්‍යයේ පාලනය දැනටමත් පටන් අරන්!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “අවදිව සිටින්න”
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබල් අනාවැකිවලින් ඉගෙනගන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විශ්වාස කළ හැකි පොතක්—7වන කොටස
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2005 අපගේ රාජ්‍ය සේවාව
km 5/05 1 පි.

යෙහෝවාගේ මහත් දවස ළඟය

1 පවතින සමාජ ක්‍රමය තුරන් කර ධර්මිෂ්ඨකම රජයන නව ලොවක් ගෙනෙනු ලබන දෙවිගේ දවස එනතුරු ක්‍රිස්තියානීන් මහත් ඕනෑකමකින් බලා සිටිනවා. (2 පේතෘ. 3:12, 13) එම දවස කවදා පැමිණේද කියා නොදන්න නිසා අප නොකඩවා සෝදිසියෙන් සිටිය යුතු අතර අන් අයටත් එසේ කිරීමට උපකාර කළ යුතුයි. (එස. 33:7-9; මතෙ. 24:42-44) දෙවිගේ අනාවැකිමය වචනය මෙනෙහි කිරීම මගින් “යෙහෝවාගේ මහත් දවස ළඟ” බවට අප තුළ තිබෙන ස්ථිර විශ්වාසය තව තවත් ශක්තිමත් වෙයි.—ශෙප. 1:14.

2 ලෝක බලයන්වල වැටීම: එළිදරව් 17:9-11හි වාර්තා වී ඇති ලෙස ප්‍රේරිත යොහන් “රජවරු සත්දෙනෙක්” ගැන සඳහන් කරනවා. අනුපිළිවෙළින් පැමිණි ලෝක බලවේග හත ඔවුන්ගෙන් නියෝජනය වෙනවා. ඒවගේම ‘අටවන රජ’ කෙනෙකු ගැනද යොහන් සඳහන් කරනවා. දැන් ඉන් නියෝජනය වෙන්නේ එක්සත් ජාතීන්වයි. තවත් ලෝක බලවේගයන් පැමිණෙයි කියා අප අපේක්ෂා කළ යුතුද? නැහැ. මන්ද අනාවැකියේ සඳහන් වන්නේ අටවන රජ “විනාශයට යන්නේය” කියායි. ඉන්පසු භුමික රජ කෙනෙකුගේ පැමිණීමක් ගැන සඳහන් වන්නේ නැහැ. අප සිටින්නේ කුමන කාල වකවානුවකද කියා තේරුම්ගැනීමට එම අනාවැකියෙන් ඔබට උපකාරයක් ලැබුණාද?

3 දානියෙල් 2:31-45හි තිබෙන අනාවැකිය අපට යෙහෝවාගේ දවස පැමිණීම ගැන තේරුම්ගන්න උපකාර කරනවා. නෙබුකද්නෙශර් දුටු එම සිහිනයෙන් දැක්වෙන දැවැන්ත රූපයෙන් නියෝජනය වන්නේ ලෝක බලයන්වල වැටීමයි. මේ සෑම බලයක්ම පැමිණ අවසන්. එසේනම් අපේ කාලයේ පවතින්නේ කුමන බලයද? එම රූපයේ පාදවලින් සංකේතවත් කරන කාලය තුළයි. ඊළඟට සිදු වන දේ අනාවැකිය තුළ පැහැදිලිව විස්තර කර තිබෙනවා. මනුෂ්‍යයන්ගේ පාලනයන් මුළුමනින්ම විනාශ කර “කිසි කලකත් විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවන්නේය.” මෙයින් යෙහෝවාගේ දවස ළඟ බව පෙනී යන ආකාරය ඔබට දැකගත හැකිද?

4 අමතර සාක්ෂි: යෙහෝවාගේ දවස ළඟ බවට අමතර සාක්ෂි අප දකිමින් සිටිනවා. ප්‍රේරිත පාවුල් “අන්තිම දවස්වල” සිටින මිනිසුන්ගේ ගති ලක්ෂණ ගැන කළ පුරෝකථනය අද ඉටු වෙමින් තිබෙන ආකාරය අප දකිනවා. (2 තිමෝ. 3:1-5) අවසානය පැමිණීමට පෙර ලොව පුරා සිදු කළ යුතු සාක්ෂි දැරීමේ කාර්යයට අප හවුල් වෙමින් සිටිනවා. (මතෙ. 24:14) අපගේ ප්‍රසිද්ධ දේශනා සේවය තුළින් දේවදූතයෙකු කළ ප්‍රකාශයේ හදිසිතාව අපි තුළ තිබෙන බව පෙන්වමු. එම ප්‍රකාශය මෙයයි. “දෙවිට භය ඇතිව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න. මන්ද, ඔහුගේ විනිශ්චයේ පැය පැමිණ තිබේ.”—එළි. 14:6, 7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න