සේවා රැස්වීම් වැඩසටහන
මාර්තු 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 132
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. හතරවන පිටුවේ සඳහන් යෝජනා (ඔබේ බලප්‍රදේශයට ගැළපෙනවා නම්) යොදාගනිමින් මාර්තු 1 මුරටැඹ සඟරාව සහ පළමු යෝජනාව යොදාගනිමින් මාර්තු 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් ගැළපෙන ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි. එක ඉදිරිපත් කිරීමකදී නිතිපතා සඟරා ලබාගන්න කෙනෙකුට කරන නැවත බැලීමක් නිරූපණය කරන්න. නැවත බැලීම අවසානයේදී මාර්තු 15 මුරටැඹ සඟරාවේ අවසාන පිටුව යොදාගනිමින් ලබන මාසයේ පවත්වන්නාවූ සිහිකිරීමේ උත්සවය ගැන ගෙවැසියාට මතක් කරන්න.
විනා. 20: “බයිබලයට වැඩි අවධානයක්!”a
විනා. 15: අපව ශක්තිමත් කිරීමට සැපයුමක්. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. හැඳින්වීම විනාඩියකට පමණක් සීමා කර, විරුද්ධවාදිකම් මැද්දේ අපේ සහෝදරයන් ඇදහිලිවන්තව සහ දෙවිට විශ්වාසවන්තව සිටි ආකාරය ගැන සබය සමඟ සාකච්ඡා කරන්න. “පාලක මණ්ඩලයෙන් ලිපියක්” යන කොටසද කියවා සාකච්ඡා කරන්න. අද දින යෙහෝවා සිදු කරන පුදුමාකාර ක්‍රියාවන් ගැන මෙනෙහි කිරීමෙන් යෙහෝවාට සහ අපගේ ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයට අප ළං වෙයි. (ගීතා. 77:12-14) එසේ ළංව සිටීමෙන් යක්ෂයාට විරුද්ධව සිට “ඇදහිල්ලේ ස්ථිරව” සිටීමට අපට හැකියාව ලැබෙයි. (1 පේතෘ. 5:8, 9) යෙහෝවාගේ සංවිධානය කෙරෙහි අගය දැක්වීමට නවකයන්ට එය උපකාරයක් වෙයි.
ගීතිකා අංක 137 සහ අවසාන යාච්ඤාව.
මාර්තු 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 140
විනා. 10: සභා නිවේදන.
විනා. 15: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම—7වන කොටස.”bමේ කොටස සූදානම් වෙද්දී 2002 ජූලි 15 මුරටැඹ 27වන පිටුවේ 5-6 ඡේද බලන්න.
විනා. 20: අර්මගෙදොන් යනු කුමක්ද? විනාඩියකට වැඩි නොවූ හැඳින්වීමක් කර පහත දැක්වෙන ප්‍රශ්න යොදාගනිමින් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් පවත්වන්න. (1) මිනිසුන්ට පොළොව විනාශ කිරීමට දෙවි ඉඩ දෙයිද? ගීතා.96:10; 37:29; එළි.11:18 (2) බයිබලයේ පෙන්වා ඇති ලෙසට අර්මගෙදොන් යනු කුමක්ද? එළි.16:14,16 (3) අර්මගෙදොන් යුද්ධය සිදු වෙන්නේ මැද පෙරදිග පමණක්ද? එළි.19:19; යෙරෙ.25:33 (4) අර්මගෙදොන් යුද්ධයේදී විනාශ වෙන්නේ කවුද? එමෙන්ම මොනවාද? දානි.2:44; එළි.19:17,18; 1යොහ.2:16,17 (5) විනාශය සදාකාලිකද? මතෙ.25:46; 2තෙස.1:8,9 (6) බේරී ජීවත් වන්නෝ සිටීවිද? ශෙප.2:3; රෝම10:13; ගීතා.37:34; එළි.7:9,10,14 (7) අර්මගෙදොන් යුද්ධයේදී කුඩා දරුවන්ට කුමක් සිදු වේවිද? ගණන්.16:27,32; එස.9:6 (8) දුෂ්ටයන්ව විනාශ කිරීමෙන් දෙවි ප්‍රේමණීය කෙනෙක් නොවන බව අඟවයිද? 2පේතෘ.3:9; ලූක්18:7,8 (9) මධ්‍යස්ථව සිටිය හැකිද? මතෙ.24:37-9; 12:30 (10) දෙවිට විරුද්ධව යුද්ධ කිරීමට ජාතීන්ව පොලඹවන්නේ කවුද? එළි.16:13,14. සඳහන් කර ඇති බයිබල් පද ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. ක්ෂේත්‍ර සේවයේදී මෙම තොරතුරු භාවිත කළ හැකි අන්දම ගැන සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 109 සහ අවසාන යාච්ඤාව.
මාර්තු 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 144
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවන්න. ලැබුණු සම්මාදම් ගැන සඳහන් කරන්න. අප්‍රියෙල් 10වනදා පවත්වන විශේෂ ප්‍රසිද්ධ කථාවට උනන්දුව දක්වන අයට ආරාධනා කිරීමට සියල්ලන්ව දිරිගන්වන්න. අප්‍රියෙල් සහ මැයි මාසවල ඉදිරිපත් කරන පොත් පත් සඳහන් කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා හඳුන්වා දෙන්න. වර්ෂ 2005 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ සඳහන් සඟරා බෙදාහැරීම වැඩි කිරීම සඳහා තිබෙන යෝජනා සාකච්ඡා කරන්න. වත්මන් සඟරාවල ඇති උනන්දුව දනවන කාරණා ගැන කතා කරන්න. හතරවන පිටුවේ සඳහන් (ඔබේ බලප්‍රදේශයට ගැළපේ නම්) මාර්තු 15 මුරටැඹ සහ දෙවන යෝජනාව යොදාගනිමින් මාර්තු 8 පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් යෝග්‍ය ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි. සෑම ඉදිරිපත් කිරීමකදීම අපේ ලෝක ව්‍යාප්ත සේවයට මුදල් ලැබෙන්නේ කෙසේද කියා පැහැදිලි කරන්න.—මුරටැඹ 2වන පිටුව හෝ පිබිදෙව්! 5වන පිටුව.
ගීතිකා අංක 116 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 119
විනා. 5: සභා නිවේදන.
විනා. 20: ඔබ අතර ප්‍රේමය ඇතිව සිටින්න. (යොහන් 13:35) වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරනු ලබන කතාවක්. වර්ෂ 2003 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ 15-18 පිටුවල ඇති 10-21 දක්වා ඡේද පදනම් කරගන්න. අපට දිරිගන්වා තිබෙන්නේ අප්‍රියෙල් සහ මැයි මාසවල ඉදිරිපත් කිරීමේදී සඳහන් කළ ආකාරයට දැනටමත් දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව පාඩම් කර තිබෙන අය සමඟ නිවාස බයිබල් පාඩමක් ඇරඹීමටයි. දුර්වල අයට උපකාර කිරීමේදී වැඩිමහල්ලන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රචාරකයන්ට හැකි අයුරු පෙන්වා දෙන්න.
විනා. 20: “දිව්‍යාණ්ඩු සේවා පාසැල අපට ප්‍රයෝජනවත් වන අයුරු” පාසැල් අවේක්ෂක විසින් ඉදිරිපත් කරන කතාවක්. වර්ෂ 2004 ඔක්තෝබර් අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයෙන් අදහස් ගෙනහැර දක්වන්න. පාසැලෙන් ප්‍රයෝජන ලබන ආකාරය ගැන අදහස් දැක්වීමට එක්කෙනෙක්ව හෝ දෙදෙනෙක්ව කලින් සූදානම් කරන්න.
ගීතිකා අංක 36 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.