ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/05 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • පෙබරවාරි 14න් පටන්ගන්නා සතිය
  • පෙබරවාරි 21න් පටන්ගන්නා සතිය
  • පෙබරවාරි 28න් පටන්ගන්නා සතිය
  • මාර්තු 7න් පටන්ගන්නා සතිය
2005 අපගේ රාජ්‍ය සේවාව
km 2/05 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

පෙබරවාරි 14න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 174

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවන පිටුවේ සඳහන් යෝජනා (ඔබේ බලප්‍රදේශයට ගැළපෙනවා නම්) යොදාගනිමින් පෙබරවාරි 1 මුරටැඹ සඟරාව සහ පළමු යෝජනාව යොදාගනිමින් පෙබරවාරි 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. දී ඇති යෝජනා බල ප්‍රදේශයට අනුව සකස් කරගත හැකි ආකාරය කෙටියෙන් සලකා බලන්න.—වර්ෂ 2005 ජනවාරි රාජ්‍ය සේවාවේ 8වන පිටුව බලන්න.

විනා. 35: “සිහි කිරීමේ කාලය ක්‍රියාකාරකම් වැඩි කිරීම් කාලයක්.”a සේවා අවේක්ෂක විසින් මෙහෙය විය යුතුයි. හයවන ඡේදය සාකච්ඡා කරන විට 2004 සැප්තැම්බර් 8 පිබිදෙව්! සඟරාවේ 12-13 පිටුවල ඇති අදහස් ඇතුළත් කරන්න. උපකාරික පුරෝගාමි සේවය කිරීමට ඉදිරිපත් වී සිටින අයගේ නම් නිවේදනය කරන්න. අමතර ක්ෂේත්‍ර සේවා රැස්වීම් සඳහා කර තිබෙන සැලසුම් සඳහන් කරන්න. සිහි කිරීමේ කාලය තුළ ආත්මික ක්‍රියාකාරකම් යම් ආකාරයකින් වැඩි කිරීමට දිරිගන්වන්න.

ගීතිකා අංක 14 සහ අවසාන යාච්ඤාව.

පෙබරවාරි 21න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 31

විනා. 10: සභා නිවේදන. “තවදුරටත් ශුභාරංචිය ගැන දැනගැනීමට ඔවුන්ට උපකාර කරන්න” යන මාතෘකාවෙන් යුත් 6වන පිටුවේ තිබෙන කොටුවේ ප්‍රධාන කරුණු සලකා බලන්න. අවශ්‍යතාවක් ඇති වූ විට නැවත ගොස් බලන්න (S-43) පත්‍රිකාව ඉක්මනින්ම පිරවීමට සියලුදෙනාවම දිරිගන්වන්න.

විනා. 20: “යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාවට ස්තුතිවන්ත වන්න”b සිහි කිරීම පවත්වන වේලාව සහ ස්ථානයත්, කථිකයාගේ නම සහ අදාළ වෙනත් තොරතුරුත් නිවේදනය කරන්න. හතරවන ඡේදය සාකච්ඡා කරන විට, ප්‍රචාරකයෙක් සඟරා මාර්ගයක් ඇති කරගෙන සිටින පුද්ගලයෙකුට සිහි කිරීමට පැමිණීමට ආරාධනා කරන ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න. දැනටමත් සිහි කිරීමේ මුද්‍රිත ආරාධනා පත් ලබා දී නැත්නම් මෙම රැස්වීමෙන් පසු ඒවා ලබා දීමට කටයුතු සැලසුම් කරන්න.

විනා. 15: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම—6වන කොටස.”c සිහි කිරීමේ උත්සවයේදී ටිකදෙනෙක් පමණක් රොටි සහ වයින්වලට පංගුකාරයන් වන්නේ මන්දැයි බයිබල් ශිෂ්‍යයෙකු නඟන ප්‍රශ්නය ඇතුළත් කරමින් විනාඩි හතරක නිරූපණයක් කරන්න. පාඩම මෙහෙයවන්නා එසේ ඇසීම ගැන ප්‍රශංසා කර, එය ලියා ගනිමින් ඒ ගැන පාඩමෙන් පසුව සලකා බලමු කියා පවසයි. පාඩම අවසන් කළ පසු මෙහෙයවන්නා ශිෂ්‍යයාව 2004 මාර්තු 15 මුරටැඹ කලාපයේ 5වන පිටුවේ ඇති “පංගුකාරයන් විය යුත්තේ කවරෙක්ද?” යන මාතෘකාව යටතේ ඇති තොරතුරු පෙන්වයි. ඔවුන් දෙදෙනා එක්ව එහි ඇති මූලික කරුණු කියවන අතර තමා නැඟූ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබා දීම ගැන ශිෂ්‍යයා තම අගය ප්‍රකාශ කරයි.

ගීතිකා අංක 21 සහ අවසාන යාච්ඤාව.

පෙබරවාරි 28න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 42

විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව. පෙබරවාරි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. අටවන පිටුවේ සඳහන් දෙවන යෝජනාව යොදාගනිමින් (ඔබේ බලප්‍රදේශයට ගැළපේ නම්) පෙබරවාරි 15 මුරටැඹ සහ පෙබරවාරි 8 පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් යෝග්‍ය ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි. එක් නිරූපණයක් අවසානයේදී මාර්තු 8 පිබිදෙව්! කලාපයේ පිටුපස කවරය යොදාගනිමින් ප්‍රචාරකයා නිවැසියාට සිහි කිරීමේ උත්සවයට පැමිණෙන්න කියා ආරාධනා කරන ආකාරය පෙන්වයි. එම පිබිදෙව්! සඟරාව ලැබී නැත්නම් සිහි කිරීමේ ආරාධනා පතක් භාවිත කරන්න.

විනා. 20: දුර්වලව සිටින අය ගැන සැලකිලිමත් වන්න. (ක්‍රියා 20:35) විනාඩියකට වඩා අඩු කාලයකින් හැඳින්වීම කර, මුරටැඹ පාඩම මෙහෙයවන ආකාරයට 2004 ජූලි 1 මුරටැඹ 17-18 පිටුවල 12-16 දක්වා ඇති ඡේද ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න. එම ඡේද කියවීම සඳහා හොඳින් කියවිය හැකි සහෝදරයෙකුව යොදාගන්න. එම තොරතුරු සිහි කිරීමේ උත්සවයට සහ විශේෂ කථාවට අදාළ වන ආකාරය විශේෂයෙන්ම පෙන්වන්න.

විනා. 10: සෝදිසියෙන් සිටින්න! නැමැති විවරණිකාව ඉදිරිපත් කරන්න. මාර්තු මාසයේදී මෙම විවරණිකාව ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කර ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. ඒ සඳහා 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ තිබෙන ඉදිරිපත් කිරීම් හෝ බලප්‍රදේශයට ගැළපෙන වෙනත් ඉදිරිපත් කිරීම් හෝ යොදාගත හැකියි.

ගීතිකා අංක 72 සහ අවසාන යාච්ඤාව.

මාර්තු 7න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 12

විනා. 10: සභා නිවේදන. “සිහි කිරීමේ උත්සවය ගැන මතක් කිරීම්” යන කොටුවේ ඇති ප්‍රධාන කරුණු පුනරීක්ෂණය කරන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: “ක්ෂේත්‍ර සේවයේදී සඟරා ඉදිරිපත් කරන්න.”d තුන්වන සහ 4වන ඡේද සාකච්ඡා කරන විට එම තොරතුරු අදාළ කරගත හැකි ආකාරය පෙන්වන්න. ව්‍යාපාර ස්ථානවල, වීදි සේවයේදී, පොදු ස්ථානවලදී හෝ අවිධිමත් සාක්ෂි දරන විට හොඳින් සඟරා බෙදාහරින ප්‍රචාරකයෙක්ව හෝ දෙදෙනෙක්ව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. මෙවැනි අවස්ථාවලදී ඔවුන් සඟරා බෙදාහරින්නේ කෙසේද කියා ඔවුන්ගෙන් අසන්න. එක් ඉදිරිපත් කිරීමක් කරන ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න. නැතහොත් ඔවුන්ගේ අද්දැකීමක් නිරූපණය කර පෙන්වීමට සලස්වන්න.

ගීතිකා අංක 192 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න