ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/04 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ඔක්තෝබර් 11න් පටන්ගන්නා සතිය
  • ඔක්තෝබර් 18න් පටන්ගන්නා සතිය
  • ඔක්තෝබර් 25න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 1න් පටන්ගන්නා සතිය
2004 අපගේ රාජ්‍ය සේවාව
km 10/04 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ඔක්තෝබර් 11න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 219

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. ඊළඟ සතියේ සේවා රැස්වීමට “දෙවි සමඟ ගමන් කරන්න” යන දිස්ත්‍රික් සමුළුවේදී ලබාගත් සටහන් සමඟ 1වන පිටුවේ ඇති ප්‍රශ්න යොදාගනිමින් පුනරීක්ෂණය සඳහා සූදානම් වන ලෙස දිරිගන්වන්න. අටවන පිටුවේ සඳහන් යෝජනා (ඔබේ සභාවේ ක්ෂේත්‍රයට ගැළපෙනවා නම්) යොදාගනිමින් ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාව සහ ඔක්තෝබර් 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. ඉදිරිපත් කිරීම් කරන විට ශුද්ධ ලියවිලි පදයක් ඇතුළත් කිරීමට ප්‍රචාරකයන්ව දිරිගන්වන්න. මේ යෝජනා හැර වෙනත් ආකාරයකටත් ඉදිරිපත් කිරීම් කළ හැකියි.

විනා. 15: අන් අයට උපකාර කිරීමෙන් ප්‍රීතිය ලැබීම. (යොහ. 4:34) සම්මුඛ සාකච්ඡා. දේවවචනය ඉගෙනගැනීමේදී කෙනෙකුගේ මුහුණ දීප්තිමත් වනු දැකීම ප්‍රීතියකි. (w94 3/1, 29 පිටුවේ 6 සහ 7 ඡේද) බලපෑමෙන් යුක්තව ක්ෂේත්‍ර සේවයේදී බයිබලය පාවිච්චි කරන, බයිබල් පාඩම් පටන්ගන්නා හා පවත්වන ප්‍රචාරකයන් හෝ පුරෝගාමීන් දෙතුන්දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න. උනන්දුව දැක්වූ අයෙක් තුළ ඔවුන් තවදුරටත් උනන්දුව වැඩි කරන්නේ කෙසේද? එසේ කිරීමේදී ඔවුන් ලබන්නේ කුමනාකාර සතුටක්ද? ක්ෂේත්‍රයෙන් ඔවුන් ලද අද්දැකීම් පැවසීමට හෝ නිරූපණය කිරීමට සලස්වන්න.

විනා. 20: “නව විවරණිකාව බෙදාහැරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක්”a සේවා අවේක්ෂක විසින් මෙහෙය විය යුතුයි. ඉදිරිපත් කර ඇති යෝජනා නිරූපණය කරන්න. එක් නිරූපණයකදී, ශුද්ධ ලියවිල්ල භාවිතයෙන් කෙරෙන ඉදිරිපත් කිරීමට ගෙවැසියා ඉතා අඩු උනන්දුවක් පෙන්වන අතර විවරණිකාව වෙනුවට පත්‍රිකාවක් දෙනු ලබයි.

ගීතිකා අංක 69 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 18න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 127

විනා. 5: සභා නිවේදන. නව විවරණිකාව බෙදාහැරීමේ විශේෂ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් කර ඇති සැලසුම් ගැන කෙටියෙන් පවසන්න.

විනා. 40: “දිස්ත්‍රික් සමුළුව දෙවිත් සමඟ ගමන් කිරීමට අපව පොලඹවයි.” වැඩිමහල්ලෙක් විසින් මෙහෙය විය යුතුයි. විනාඩියක් හෝ ඊට අඩුවෙන් හැඳින්වීමක් කර, ලිපියේ ඇති ප්‍රශ්න යොදාගෙන සමුළු වැඩසටහන සබයේ සහභාගිත්වය ඇතිව සාකච්ඡා කරන්න. සෑම ප්‍රශ්නයකටම ප්‍රමාණවත් වන සේ කාලය වෙන් කරන්න. සමහර ප්‍රශ්නවලදී එක පිළිතුරක් පමණක් ලබාගැනීම සෑහේ. නියමිත කාලය තුළදී සියලු බයිබල් පද කියවීම කළ නොහැකිය. ඒවා සඳහන් කර ඇත්තේ පිළිතුරු සොයාගැනීමේ පහසුව තකාය. ඉගෙනගත් දේ අදාළ කරගැනීමේ ප්‍රයෝජන එම අදහස් දැක්වීම්වල තිබිය යුතුයි.

ගීතිකා අංක 165 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 25න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 56

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව. සභා බල ප්‍රදේශයේ නව විවරණිකාව බෙදාහැරීමෙන් ලැබුණු හොඳ ප්‍රතිඵල නිරූපණය කර පෙන්වන්න. කාලය ඉඩ දෙන පරිදි මෙම විශේෂ වැඩ පිළිවෙළේ අද්දැකීම් ගෙනහැර දක්වන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: දෙවිගේ වචනය සඳහා රුකුල් දෙන සාක්ෂි සපයන්න. සේවා පාසල් පොතේ 256 සහ 257 පිටු මත පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්. ජනයාට ශුද්ධ ලියවිල්ලේ ඉදිරිපත් කර ඇති දේ සාධාරණ බව තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා බයිබලයට අමතරව වෙනත් මූලාශ්‍රවලින් සාක්ෂි සපයාගත හැක්කේ කෙසේද? පහත දැක්වෙන ප්‍රශ්න සඳහා අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න: මැවුම්කරුවෙකුගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි සොයාගැනීම සඳහා භෞතික විශ්වයෙන් කුමන උදාහරණ සපයාගත හැකිද? (මැවුම්කරු 11 සිට 14; 22 සිට 24; 50 සිට 55 පිටු) බයිබලය සැබවින්ම දේවවචනය බව අන්‍යයන්ට පෙන්වීම සඳහා විශාරදයන් හෝ ප්‍රවීණයන්ගේ අදහස් අපට උපයෝගී කරගත හැක්කේ කෙසේද? (දැනුම 15 සිට 17 පිටු) දෙවි දුෂ්ටකමට ඉඩ දී ඇත්තේ ඇයි යන්න අන්‍යයන්ට තේරුම් කර දීම සඳහා අපට යොදාගත හැකි නිදර්ශන හෝ සැසඳීම් මොනවාද? (දැනුම 75 සහ 76 පිටු) බයිබලයේ උපදෙස් අදාළ කරගැනීමේ වටිනාකම අන්‍යයන්ට අවබෝධ කර දීමට ඔබ යොදාගෙන ඇති අද්දැකීම් හෝ උදාහරණ මොනවාද?

ගීතිකා අංක 62 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 1න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 15

විනා. 10: සභා නිවේදන. ක්ෂේත්‍ර සේවා වාර්තා ලබා දෙන ලෙස සියල්ලන්ට මතක් කරන්න.

විනා 20: වෙනත් භාෂාවක් කතා කරන අයට උපකාර කළ හැකි අයුරු. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි යන පොත් පිංචයේ පෙරවදන පදනම් කරගන්න. අලුත් පොත් පිංචයේ අංග ගෙනහැර දක්වන්න. අපට නොතේරෙන භාෂාවක් කතා කරන අයෙකුට උපකාර කිරීම සඳහා ගත හැකි පියවර තුන ගැන සාකච්ඡා කරන්න. නැවත ගොස් බලන්න (S-43) යන පෝරමය යමෙකු රාජ්‍ය පණිවුඩයට උනන්දුවක් නොදැක්වූවද එය පිරවිය යුතු බව සඳහන් කරන්න. අලුත් පොත් පිංචය භාවිත කරන අයුරු පෙන්වීමට නිරූපණයක් ඇතුළත් කරන්න.

විනා 15: සභා අද්දැකීම්. නව විවරණිකාව බෙදාහැරීමෙන් ලද අද්දැකීම් පැවසීමට සබය දිරිගන්වන්න. විශේෂ අද්දැකීම් නිරූපණය කර පෙන්වීමට කලින් සැලසුම් කරන්න. සභාවේ පොත් අංශයේ ප්‍රමාණවත් සැපයුමක් නැත්නම්, ප්‍රචාරකයන් ළඟ ඇති වැඩිපුර විවරණිකා පොත් අංශයට බාර දෙන්න කියා ඉල්ලා සිටින්න.

ගීතිකා අංක 175 සහ අවසාන යාච්ඤාව.

[Footnote]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න