අප යෙහෝවාගේ අධිකාරියට ගරු කළ යුතුයි
පුරාණයේ විසූ කෝරා, දාතාන්, අබීරාම් ගැන ඔබට අසන්න ලැබෙන විට ඔබේ මතකයට එන්නේ කුමක්ද? කැරලිගැසීම ගැනයි! කුමකට එරෙහිවද ඔවුන් කැරලිගැසුවේ? දෙවි පිහිටෙව්ව අධිකාරියට එරෙහිවයි. ඔවුන් ගත් ක්‍රියා මාර්ගයේ ඛේදජනක ප්‍රතිඵල ගැන විස්තරයක් ගණන කථාව 16වන පරිච්ඡේදයේ සඳහන් වෙයි. වසර 2002 අගෝස්තු 1 මුරටැඹ සඟරාවේ “දෙවිගේ අධිකාරියට පක්ෂපාතව යටත් වන්න” නමැති ලිපිය සලකා බැලීමෙන් ඒ සිද්ධිය පිළිබඳව සමාලෝචනයක් ලබාගත හැකියි. මේ ලිපිය කියවා, ඉන්පසු, ඒ වාර්තාව ගැන ගැඹුරින් සිතා බැලීමට උපකාරවත් වන යෙහෝවාගේ අධිකාරියට ගරු කරන්න නමැති වීඩියෝ පටය නැරඹීම ප්‍රයෝජනවත් බව ඔබට පෙනී යාවි. දෙවිට විශ්වාසවන්තව සිටි කෝරාගේ පුත්‍රයන් හා ඔවුන්ගේ කැරලිකාර පියා අතර ඇති වූ ගැටුම ඔබ ඒ වීඩියෝ පටය නරඹද්දී දකීවි. කෝරා ගත් ක්‍රියාමාර්ගය විශ්වයේ පරමාධිපති සමඟ ගැටුමක් ඇති කරගැනීමට හේතු විය. (ගණන්. 26:9-11) ඒ සැබෑ සිද්ධිය අප සියලුදෙනාම තුළම යෙහෝවාට සැමවිටම පක්ෂපාතව සිටීමට පෙලඹීමක් ඇති කළ යුතුයි.
කෝරා සහ ඔහුගේ පැත්තගත් කැරලිකරුවන්, පක්ෂපාතකමේ පරීක්ෂණයෙන් අසමත් වූ තීරණාත්මක පැති හයක් සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි සොයාගැනීමට මේ වීඩියෝ පටය නරඹද්දී උත්සාහ කරන්න. (1) ඔවුන් යෙහෝවාගේ අධිකාරියට අගෞරව කළේ කෙසේද? (2) උඩඟුකම, පෞද්ගලික අභිලාෂයන් ඉටු කරගැනීමේ ආශාව හා ඊර්ෂ්‍යාව යන නරක ගුණාංගවලට තමන්ව පාලනය කිරීමට ඔවුන් ඉඩහැරියේ කෙසේද? (3) යෙහෝවා පත් කළ අයගේ අඩු පාඩුකම්වලට ඔවුන්ගේ අවධානය යොමු වූයේ කෙසේද? (4) පැමිණිලි කිරීමට නැඹුරුවාවක් ඔවුන් තුළ ක්‍රමානුකූලව වර්ධනය වූ අයුරු විස්තර කරන්න. (5) ඔවුන්ට ලැබී තිබූ සේවා වරප්‍රසාදවලින් ඔවුන් සෑහීමට පත් නොවූයේ මන්ද? (6) ඔවුන් දෙවිට පක්ෂපාත වනවාට වඩා හිත මිතුරන්ට හා පවුලේ අයට පක්ෂපාත වූයේ කෙසේද?
මෙම බයිබල් නාට්‍යයෙන් ඉගෙනගත් පාඩම් වර්තමානයේ අප දෙවිගේ අධිකාරිය සම්බන්ධයෙන් දරන ආකල්පයට අදාළ වන ආකාරය සලකා බලන්න. (1) සභාවේ වැඩිමහල්ලන්ගේ තීරණවලට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? ඒ මන්ද? (2) නුසුදුසු චේතනා අප තුළ ඇති වන විට ඒවා පහකර දැමීම සඳහා අපට කුමක් කළ හැකිද? (3) පෙරමුණ ගැනීම සඳහා පත් කර තිබෙන අයගේ අසම්පූර්ණකම් අප දකින විට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? (4) පැමිණිලි කිරීමේ නැඹුරුවාවක් අප තුළ වර්ධනය වෙන්න පටන්ගෙන ඇති බව අපට දැනෙන විට අප කුමක් කළ යුතුද? (5) අපට ලැබී තිබෙන වරප්‍රසාද ගැන අපට හැඟී යා යුත්තේ කෙසේද? (6) පක්ෂපාතකම සම්බන්ධයෙන් අප කිසිවිටකත් දෙවිට වඩා මුල් තැන නොදිය යුත්තේ කාටද? මෙය අපට දුෂ්කර විය හැක්කේ කුමන අවස්ථාවලදීද?
මේ තොරතුරු සභාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු නැවත වතාවක් මේ වීඩියෝ පටය නැරඹීම හොඳ අදහසක් නොවේද? ඒ වීඩියෝ පටයෙන් නරඹන දේවල් හොඳින් සිතටගෙන, අප සැමවිටම යෙහෝවාගේ අධිකාරියට ගරු කළ යුතුවීමට හේතු ඔබේ මනසේ තව තවත් පැළපදියම් කරගන්න.—ගීතා. 18:25; 37:28.