නිවේදන
◼ සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? මේ පොත නැත්නම් ජීවය—මෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැත්නම් මැවීමෙන්ද? (සිංහලෙන් නැත) ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! කලාපවල පිටපත් බෙදා දෙන්න. උනන්දුවක් දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව හඳුන්වා දෙන්න. නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීමේ අරමුණින් නැවත ගොස් බලන්න. නොවැම්බර්: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු. තමන්ට දරුවන් නැතැයි යමෙක් කියන්නේ නම් ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. ඒ මගින් නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා හෝ මගේ බයිබල් කතන්දර පොත.
◼ රුධිරය එපා—වෛද්‍ය විද්‍යාව රුධිරය සම්බන්ධ අභියෝගයට මුහුණ දෙයි නමැති වීඩියෝ පටයේ තොරතුරු දෙසැම්බර් මාසයේ සේවා රැස්වීමේදී සලකා බැලීමට නියමිතයි. මෙය දැන් DVD තැටි වශයෙන් ලබාගත හැකියි. එමෙන්ම එය රුධිර ප්‍රවේශන සඳහා විකල්ප—වාර්තාමය දර්ශන මාලාවක් නමැති වීඩියෝ පටයටද ඇතුළත් කර තිබේ. මේ DVD තැටියේ පහත සඳහන් දේවල් අන්තර්ගතයි. රුධිර ප්‍රවේශන විකල්ප ක්‍රම—සරලයි, සුරක්ෂිතයි, ඵලදායකයි; රුධිර ප්‍රවේශන විකල්ප සෞඛ්‍ය සුරැකුම්—රෝගියාගේ අවශ්‍යතා සපුරාලමින් අයිතිවාසිකම් රැක දේ; රුධිරය එපා—වෛද්‍ය විද්‍යාව රුධිරය සම්බන්ධ අභියෝගයට මුහුණ දෙයි. ඉංග්‍රීසියෙන් ලබාගත හැකි මෙම DVD තැටියේ ප්‍රංශ, ජර්මන්, ඉතාලි, ජපන්, පෘතුගීසි (බ්‍රසීලියානු), රුසියානු හා ස්පාඤ්ඤ භාෂාවලින් හඬ කවා ඇත. රුධිරය එපා නමැති වීඩියෝ පටය බල්ගේරියන්, චීන (කැන්ටනීස්), ඕලන්ද, ඉංග්‍රීසි, ප්‍රංශ, ග්‍රීක්, ඉතාලි, ජපන්, කොරියානු, පෝලන්ත, රුසියානු හා ස්පාඤ්ඤ යන භාෂාවලින් ලබාගත හැකියි. වීඩියෝ කැසට්පට හා DVD තැටි අවශ්‍ය නම් හැකි විගස සභාව මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතුයි.
◼ වසර 2005 සිහි කිරීම කාලයේදී ඉදිරිපත් කරනු ලබන විශේෂ ප්‍රසිද්ධ කථාව දෙනු ලබන්නේ අප්‍රියෙල් 10වන ඉරිදායි. මේ කතාවේ මාතෘකාව පසුව දැනුම් දෙනු ලැබේ. එම සතිඅන්තයේ චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම සිදු කෙරෙන සභාවල හා එක්රැස්වීමක් තිබෙන සභාවල මෙම විශේෂ කතාව ඉදිරිපත් කරන්නේ ඊළඟ සතියේදීයි. කිසිම සභාවක් 2005 අප්‍රියෙල් 10වන ඉරිදාට කලින් විශේෂ කතාව ඉදිරිපත් නොකළ යුතුයි.
◼ සභා ඇසුරෙන් කපා හැර ඇති හෝ ඇසුරෙන් ඉවත් වී ගොස් ඇති මොනයම් කෙනෙකුව හෝ නැවත පිහිටුවනු ලැබීමට කැමැත්තක් දක්වයි නම්, 1991 ජූලි 1 මුරටැඹ කලාපයේ 21-3 දක්වා පිටුවල දී ඇති උපදෙස් සලකා බලන ලෙසට වැඩිමහල්ලන්ට සිහිගන්වනු ලැබේ.
◼ මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල අලුත්ම කලාප ලැබුණු විගසම ඒවා සභාවට ලබාගැනීමට සැලැස්විය යුතුයි. මෙමගින් ප්‍රචාරකයන්ට ක්ෂේත්‍ර සේවයේදී ඒ සඟරා ඉදිරිපත් කිරීමට කලින් ඒවායේ තිබෙන තොරතුරු හොඳින් කියවා බැලීමට අවස්ථාවක් ලැබේ.
◼ ඔක්තෝබර් මාසයේ සති අන්ත පහක් තිබෙන නිසා ඒ මාසය උපකාරික පුරෝගාමි සේවය කිරීමට කදිම මාසයක් වේවි.