ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/04 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • සැප්තැම්බර් 13න් පටන්ගන්නා සතිය
  • සැප්තැම්බර් 20න් පටන්ගන්නා සතිය
  • සැප්තැම්බර් 27න් පටන්ගන්නා සතිය
  • ඔක්තෝබර් 4න් පටන්ගන්නා සතිය
2004 අපගේ රාජ්‍ය සේවාව
km 9/04 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

සැප්තැම්බර් 13න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 43

විනා. 12: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. හතරවන පිටුවේ සඳහන් යෝජනා ඔබේ සභාවේ ක්ෂේත්‍රයට ගැළපෙනවා නම්, ඒවා යොදාගනිමින් සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාව සහ සැප්තැම්බර් 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය පළමුවන යෝජනා දෙක යොදාගනිමින් නිරූපණය කරන්න. මේ යෝජනා හැර වෙනත් ආකාරයකටත් නිරූපණ කළ හැකියි. සෑම නිරූපණයකටම පසුව, ඒ නිරූපණවල ප්‍රයෝජනවත් කරුණක් කෙටියෙන් අවධාරණය කරන්න.

විනා. 15: “ඔබේ ඇස සරලව තබාගන්න.”a සපයා තිබෙන ප්‍රශ්න යොදාගන්න. කාලය තිබෙන විදිහට සඳහන් කර තිබෙන බයිබල් පද කැපීපෙනෙන්න සලස්වන්න.

විනා. 18: අපේ යහපත් ක්‍රියා පිළිබඳව සාක්ෂි දරන්නෝ. (1 පේතෘ. 2:12) වර්ෂ 2002 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 12-14 දක්වා පිටුවල තිබෙන 14-20 දක්වා ඡේදවල තොරතුරු පදනම් කරගෙන ඉදිරිපත් කරන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. අපේ ප්‍රදේශයේ සිටින මිනිසුන් අපේ යහපත් ක්‍රියා දැක, ඊට ප්‍රතිචාර දක්වා තිබෙන ආකාරය පිළිබඳව අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 162 සහ අවසාන යාච්ඤාව.

සැප්තැම්බර් 20න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 88

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවේ මෙවර කලාපයේ මුල් පිටුවේ තිබෙන ශාඛා කාර්යාලයෙන් එවා තිබෙන ලිපියේ විශේෂාංග සලකා බලන්න. ඔක්තෝබර් 4න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීමට සූදානම් වීමක් හැටියට ගණන් කථාව 16:1-35 දක්වා කියවීමටත් යෙහෝවාගේ අධිකාරියට ගරු කරන්න නමැති වීඩියෝ පටය නැරඹීමටත් සියලුදෙනාවම දිරිගන්වන්න.

විනා. 15: පසුගිය වසරේදී අප ඉටු කරගෙන තිබෙන දේවල් මොනවාද? වැඩිමහල්ලෙක් විසින් 2004 සේවා වසර සඳහා සභාවේ සේවා වාර්තාව පදනම් කරගෙන ඉදිරිපත් කරනු ලබන කතාවක්. වාර්තාවේ දිරිගන්වනසුලු පැතිවලට වැඩි අවධානයක් දෙන්න. සභාව ඉටු කර තිබෙන යහපත් දේවල් පැසසුමට ලක් කරන්න. පුරෝගාමීන් වෙහෙස නොබලා කරන සේවය අගය කරන්න. ඉදිරි සේවා වසරේදී සභාවට දියුණු කරගැනීම සඳහා අවධානය දිය හැකි පැති එකක් හෝ දෙකක් සඳහන් කරන්න.

විනා. 20: විඳදරාගැනීමෙන් යුතුව යහපත් ක්‍රියා කරමු. (ගලා. 6:10) ස්ථාවර පුරෝගාමීන් හෝ කලින් කලට උපකාරික පුරෝගාමි සේවය කරන දෙතුන්දෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. යෙහෝවාට සේවය කරද්දී ඔවුන් මුහුණ දෙන බාධා මොනවාද? ඔවුන් ඒවා ජයගෙන තිබෙන්නේ කෙසේද? විඳදරාගැනීමෙන් යුතුව අන් අයට දිගටම යහපත කිරීමට ඔවුන්ට උපකාරවත් වී තිබෙන්නේ මොනවාද? දේවසේවයෙහි හවුල් වීම සඳහා ඔවුන් දරන වෑයම්වලින් ඔවුන් මෙන්ම අන් අය ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේද? වෙනත් භාෂා කතා කරන අයට ශුභාරංචිය ගැන කතා කිරීම සඳහා ඔබ සභාවේ යම් දේවල් කර තිබේ නම් ඒ ගැනද අදහස් දක්වන්න. ‘ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන් කරන ක්‍රියාවන්ද ඔවුන්ගේ ප්‍රේමය නිසා ඔවුන් ගන්නා වෙහෙසද ඔවුන් පෙන්වන විඳදරාගැනීමද’ ගැන සියලුදෙනාටම ප්‍රශංසා කරන්න.—1 තෙස. 1:2, 3.

ගීතිකා අංක 103 සහ අවසාන යාච්ඤාව.

සැප්තැම්බර් 27න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 221

විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව. සැප්තැම්බර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. සැප්තැම්බර් 15 මුරටැඹ සහ සැප්තැම්බර් 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය දෙවන යෝජනා යොදාගනිමින් නිරූපණය කරන්න.

විනා. 10: යෙහෝවාගේ වචනය ජීවමානය. කතාවක්. දිව්‍යාණ්ඩු සේවා පාසැලේ සතිපතා බයිබල් කියවීමේ වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා අපට උපකාර කරන ලිපි මාලාවක් මුරටැඹ සඟරාවේ සමහර කලාපවල කලින් කලට පළ වේ. “යෙහෝවාගේ වචනය ජීවමානය” යනුවෙන් මෙම ලිපි මාලාව නම් කර තිබේ. වර්ෂ 2004 සැප්තැම්බර් 15 මුරටැඹ සඟරාවේ පිටු 24-27හි සඳහන් කරුණු යොදාගනිමින් ඒ ලිපිවල කැපීපෙනෙන තොරතුරු පෙන්වා දෙන්න. එම ලිපියේ සාකච්ඡා කරන බයිබල් පොතේ අන්තර්ගතය ගැන සමාලෝචනයකින් පසුව, “ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර” කියා කොටස් තිබේ. අමාරු ශුද්ධ ලියවිලි කොටස් කිහිපයක පැහැදිලි කිරීමක් මෙම කොටස්වල දක්නට තිබේ. “අපට ගත හැකි පාඩම්” නමැති කොටසේ සඳහන් විස්තරය මගින් කියවූ කොටසේ තිබෙන තොරතුරුවල ප්‍රායෝගික වටිනාකම පෙන්වා දෙයි. මෙම ලිපි පෙළ දේවවචනය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීමට අපට උපකාරවත් විය හැකි ආකාරය පෙන්වා දීම සඳහා නිශ්චිත නිදසුන් කිහිපයක් කෙටියෙන් සලකා බලන්න. ඊළඟ සතියේදී අපි ද්විතීය කතාව පොත කියවන්න පටන්ගනිද්දී මෙම විශේෂාංගයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සියලුදෙනාවම දිරිගන්වන්න.

විනා. 20: “බයිබලය හොඳින් භාවිත කරන්න.”b සපයා තිබෙන ප්‍රශ්න යොදාගන්න. හැඳින්වීම සේවා පාසැල් පොතේ 145වන පිටුවේ සඳහන් 2-3 දක්වා ඡේද මත පදනම් කරගන්න. දී තිබෙන යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය පෙන්වා දෙන කෙටි නිරූපණ දෙකක් කරන්න. එකක් මුල් හමුවීමක් ලෙසද අනෙක නැවත බැලීමක් ලෙසද කරන්න.

ගීතිකා අංක 38 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 4න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 5

විනා. 5: සභා නිවේදන.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 25: “අප යෙහෝවාගේ අධිකාරියට ගරු කළ යුතුයි.” හැඳින්වීම විනාඩි දෙකකට නොවැඩි කාලයකට සීමා කරගනිමින් යූද් 11වන වගන්තිය කියවන්න. ඉන්පසු වෙනත් දේවල් නොපවසා ලිපියේ සඳහන් ප්‍රශ්න යොදාගනිමින් සබය සමඟ සාකච්ඡාව අරඹන්න. යෙහෝවාගේ අනුමැතිය ඇතුව සිටීමට උපකාරවත් වන කරුණු අවධාරණය කරන්න. කෝරාගේ කැරලිකාර ආකල්පය අප ඇති කර නොගත යුතුයි. අප අනුකරණය කළ යුත්තේ ඔහුගේ පුතුන්ගේ ආදර්ශයයි. ඔවුන් යෙහෝවාට දැක්වූ පක්ෂපාතකමට වඩා ඉහළින් කිසිවක් තැබුවේ නැත.

ගීතිකා අංක 99 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න