සේවා රැස්වීම් වැඩසටහන
අගෝස්තු 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 57
විනා. 10: සභා නිවේදන. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පිළිතුරු දෙති (T-76) යන පත්‍රිකාවේ පිටපත් තවමත් ඉතිරිව තිබේ නම්, ඒවා මුළුමනින්ම බෙදා දීමට වෑයම් කරන්න. මේ දක්වා ලබා ඇති අද්දැකීම් සඳහන් කරන්න. ඊළඟ සතියේ එන විට ඕනෑ කරන්නේ විවරණිකාව රැගෙන ඒමට සබයට මතක් කරන්න.
විනා. 15: “විඳදරාගැනීමෙන් යහපත් ඵලවිපාක නෙළාගත හැකියි.”a වර්ෂ 2000 දෙසැම්බර් 15වන දා මුරටැඹ කලාපයේ 22-23 පිටුවල, 15-18 දක්වා ඡේදවල තිබෙන අදහස් කෙටියෙන් සඳහන් කරන්න.
විනා. 20: බයිබල් පාඩම් පටන්ගැනීමට පත්‍රිකා යොදාගැනීම. වර්ෂ 2001 දෙසැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 3-4 පිටු මත පදනම්ව සබය සමඟ කරනු ලබන කතාවක් සහ සාකච්ඡාවක්. මෙහි 5වන ඡේදයේ සඳහන් පරිදි අප එක් එක් ශිෂ්‍යයාගේ තත්වයට හැඩගැසීමට කැමැත්තෙන් සිටිය යුතු බව කාවද්දන්න. තවද 8-10 දක්වා ඡේදවල සඳහන් තොරතුරු යොදාගනිමින් කෙටි නිරූපණයක් හෝ දෙකක් ඇතුළත් කරන්න. ඔබේ සභා ප්‍රදේශයට ගැළපෙන වෙනත් ක්‍රමයක් තිබේ නම්, ඒ වෙනුවට එම ඉදිරිපත් කිරීම පැහැදිලි කර නිරූපණය කරන්න. බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? නමැති පත්‍රිකාව යොදාගැනීමෙන් ලබා ඇති අද්දැකීම් සඳහන් කිරීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 74 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 189
විනා. 10: සභා නිවේදන සහ අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: ඔබගේ දරුවන් තුළ සත්‍යය පැළපදියම් කරන්න. පවුලේ සන්තෝෂය පොතේ 55-59 පිටු පදනම් කරගත් කතාවක්. මෙම තොරතුරුවල ප්‍රායෝගික වටිනාකම තම දරුවන්ට පෙන්වා දෙමින් ඔවුන්ට යෙහෝවා සමඟ කිට්ටු සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට උපකාර කිරීමට දෙමාපියන්ට හැකි ක්‍රම හතරක් සාකච්ඡා කරන්න.
විනා. 20: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම—2වන කොටස.”b විනාඩි පහක නිරූපණයක් ඇතුළත් කරන්න. තම බයිබල් ශිෂ්‍යයෙකුට ප්‍රගතිය ලැබීමට උපකාර කළ හැකි අන්දම ගැන ප්‍රචාරකයෙක් වැඩිමහල්ලෙකුගෙන් අසයි. පාඩම කරන අතරතුරේදී එතරම් වැදගත්කමක් නැති අමතර කරුණු සාකච්ඡා කිරීම සඳහා ඕනෑවට වඩා වේලාවක් ගත කිරීම පොදුවේ සිදු වන දුර්වලකමක් බව වැඩිමහල්ලා පෙන්වා දෙයි. ඕනෑ කරන්නේ විවරණිකාවේ 9වන පාඩම යොදාගනිමින් ඔහු ප්‍රචාරකයාට මෙම කාරණා පෙන්වයි. (1) තොරතුරුවල ප්‍රධාන කරුණු අවධාරණය කිරීම, (2) සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පද බලපෑමෙන් යුතුව යොදාගැනීම සහ (3) ශිෂ්‍යයාගේ අවශ්‍යතාවලට අනුව පාඩම සකස් කරගැනීම. පාඩමක් කරන සෑම අවස්ථාවකටම පෙර හොඳින් සූදානම් වීම අවශ්‍ය බවද ඔහු සඳහන් කරයි.
ගීතිකා අංක 85 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 33
විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව. ඉන්පසු අගෝස්තු 15 මුරටැඹ සහ අගෝස්තු 8 පිබිදෙව්! කලාපවල දෙවෙනි යෝජනාව යොදාගනිමින් ඒවා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් කැමති අයට සම්මාදම් දිය හැකි බව සඳහන් කරන්න. මේ එක් ඉදිරිපත් කිරීමකදී, පාසැල් ගුරුවරයෙකුට සාක්ෂි දරන අන්දම නිරූපණය කරන්න.
විනා. 10: “එක්රැස්වීම් වැඩසටහන පුනරීක්ෂණය කිරීම සඳහා නව විධිවිධානයක්.” කතාවක් සහ 4වන පිටුවේ සඳහන් ලිපිය මත පදනම්ව සබය සමඟ කරන සාකච්ඡාවක්. ඊළඟ චාරිකා එක්රැස්වීම සහ විශේෂ එක්රැස්වීම පවත්වන දිනයන් දැනගැනීමට හැකි වී තිබේ නම්, නිවේදනය කරන්න. මෙහිදී බව්තීස්ම වීමට කැමති අය ඒ බව මුලසුන භාර අවේක්ෂකට කල් තියාම දැනුම් දිය යුතුයි.
විනා. 20: සැප්තැම්බර් මාසයේදී මැවුම්කරු පොත ඉදිරිපත් කිරීම. කතාවක් සහ නිරූපණයක්. මෙම ප්‍රකාශනය ගැන දක්වා ඇති සමහරක් අදහස් සඳහන් කරන්න. (w99 6/15 25-26 පිටු.) පොතේ සඳහන් දේ ගැන සමස්ත අදහසක් දෙන්න. සභා බලප්‍රදේශයේ සිටින අයගේ සිත් ඇදගත හැකි ඇතැම් විශේෂ කරුණු කැපීපෙනෙන්නට සලස්වන්න. (km 4/99 2 පි.; km 9/99 2 පි.) අපගේ රාජ්‍ය සේවාවෙන් ගත් හැඳින්වීමක් ඇතුළත් කෙටි නිරූපණයක් ගැන හෝ ශුද්ධ ලියවිලි පදයක් ගැන හෝ මැවුම්කරු පොතෙන් ගත් කරුණක් හෝ පරිච්ඡේදයක් ගැන සඳහන් කරන්න. දක්ෂ ප්‍රචාරකයෙකු ලවා එම ඉදිරිපත් කිරීම නිරූපණය කිරීමට සලස්වන්න.
ගීතිකා අංක 220 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 90
විනා. 10: සභා නිවේදන. අගෝස්තු මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 15: “දේවසේවා පුහුණු පාසැල—ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්.” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. එක් අප්‍රිකානු රටක දැන් පාසැලෙන් පුහුණුව ලද සහෝදරයෝ 400ක් සිටිති. ඔවුන්ගෙන් 65දෙනෙක් දිස්ත්‍රික් හා චාරිකා අවේක්ෂකයන් ලෙසද, 50දෙනෙක් විශේෂ පුරෝගාමීන් ලෙසද සේවය කරති. මෙම පාසැලට යෑමට එක් සහෝදරයෙකුට කිලෝමීටර් 400ක් බයිසිකලයෙන් නගරයට ගොස්, එම නගරයේ සිට පාසැල පැවැත්වුණු නගරයට ගුවන් මගින් යෑමටද සිදු විය. ඔහු අන්තරාදායක ප්‍රදේශයක් පසු කරමින් හමුදා මුර කපොලු 16ක් හරහා ගිය අතර, ඒ ගමනේදී දවස් තුනක්ම ගමන් කළේ වැසි සහිත කාලගුණයකය. කොල්ලකරුවන්ද ඔහුව බයිසිකල්වලින් ලුහුබැඳ ආහ. එම කොල්ලකරුවන් අතරින් ඉදිරියෙන්ම ගිය පුද්ගලයාගේ බයිසිකලයේ රෝදයක් පිපිරී ගිය විට, ඔවුහු එම සහෝදරයාව ලුහුබැඳ යෑම අත්හැර දැමුවේ ඔහුගේ දෙවි යෙහෝවා ඔහු සමඟ සිටි බව තමුන් දුටුවායයි කියමිනි. මේ සහෝදරයෝ මෙම පාසැලට සහභාගී වීමට තමන්ට තිබෙන ප්‍රස්තාව බොහෝ සේ අගය කරති. දේවසේවා පුහුණු පාසැලට යෑමට කැමති අය සඳහා රැස්වීමක් චාරිකා එක්රැස්වීමේදී පැවැත්වෙන බව සඳහන් කරන්න. සුදුසුකම් තිබෙන අයට මෙම රැස්වීමට සහභාගී වන ලෙස දිරිගන්වන්න.
විනා. 20: ඔබ ප්‍රයෝජන ගෙන තිබේද? සබය සමඟ සාකච්ඡාවක්. පසුගිය සේවා වසර තුළ නිකුත් වූ අපගේ රාජ්‍ය සේවාවල සඳහන් වූ පහත සඳහන් යෝජනා නැවත සලකා බලන්න. ඔබගේ හැඳින්වීම කුඩා කාඩ් පතක ලියාගන්න. (km 10/03 8 පි.) හමු වන ගෙවැසියාව අවංකව නිශ්චිත ලෙස ප්‍රශංසාවට ලක් කරන්න. (km 11/03 1 පි.) මිනිසුන් නිවෙස්වල රැඳී සිටින වේලාවල සාක්ෂි දරන්න. (km 12/03 1 පි.) බයිබලය කියවීමට, රැස්වීම්වලට සූදානම් වීමට සහ ක්ෂේත්‍ර සේවයේ යෙදීමට නිශ්චිත වේලාවන් තබාගන්න. (km 1/04 4 පි.) පෞද්ගලිකව බයිබලය කියවන විට සහ පාඩම් කරන විට, ‘සරුසාර දේශය’ යන විවරණිකාවත් ප්‍රයෝජනයට ගන්න. (km 3/04 2 පි.) මුළු බයිබලයම කියවීමට ඉලක්කයක් තබාගන්න. (km 4/04 1 පි.) ව්‍යාපාරික කඩ සාප්පුවල සාක්ෂි දරන්න. (km 7/04 4 පි.) බයිබල් පාඩම් ආරම්භ කිරීමට පත්‍රිකා යොදාගන්න. (km 8/04 2 පි.) මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් තමන් ලබා ඇති ප්‍රයෝජන ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 145 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 197
විනා. 5: සභා නිවේදන.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 25: “පුරෝගාමීන්ගේ ආකල්පයම ඔබත් තබාගන්න.”c පුරෝගාමීයෙකුව හෝ දෙදෙනෙකුව කෙටියෙන් සම්මුඛ සාකච්ඡාවට භාජන කරන්න. තම දෙමාපියන්, වැඩිමහල්ලන් හෝ වෙනත් අය තමන් හට තැබූ ආදර්ශ සහ පූර්ණකාලීන සේවයේ නිරත වීමට තමන්ව දිරිගැන්වූ ආකාරය ගැන අදහස් දැක්වීමට සලස්වන්න.
ගීතිකා අංක 142 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.