ප්‍රශ්න පෙට්ටිය
◼ මුරටැඹ සහ පිබිදෙව්! පෞද්ගලික කලාප ලබාගත යුත්තේ කෙසේද?
සෑම භාෂාවකින්ම මුරටැඹ සහ පිබිදෙව්! කලාපවල මුද්‍රිත සඟරා හා ශ්‍රව්‍ය කැසට් පටි දායක ක්‍රමයට (තැපැල් මාර්ගයෙන්) ලබාගැනීමේ විධිවිධානය මීට ටික කලකට ඉහත නවතා දමා ඇති හෙයින්, සියලුම ප්‍රචාරකයන් තමන්ගේ සඟරා, ශ්‍රව්‍ය කැසට් පටි සහ MP3 CD තැටි තම සභාව මාර්ගයෙන් ලබාගත යුතුයි. අවශ්‍යතාවක් තිබෙන අයට පමණක් බ්‍රේල් බසින් සඟරා සහ ශ්‍රව්‍ය කැසට් පටි තැපෑලෙන් යවනු ලැබේ. ශ්‍රව්‍ය කැසට් පටිවල හෝ MP3 CD තැටිවල පටිගත කරන ලද සඟරා Congregation Requests (M-202) පෝරමය මාර්ගයෙන් සභාවන්ට ඉල්ලුම් කළ හැකි බව කරුණාකර සැලකිල්ලට ගන්න. පොත් පත්, සඟරා විදේශීය භාෂාවකින් අවශ්‍ය විටද ඒවායේ විශාල මුද්‍රිත පිටපත් අවශ්‍ය විටද ඉල්ලුම් කළ යුත්තේ මෙම පෝරමය භාවිත කරමිනි.
ඔබගේ බලප්‍රදේශයේ යමෙක් නිතිපතා සඟරා ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ නම්, කිසිම කලාපයක් ඔහුට අහිමි නොවන පරිදි කරුණාකර විගස ගොස් ඔහුව බැලීමට උත්සුක වන්න. සභා ඇසුරෙන් කපාහැර ඇති අයට තමන්ගේ පෞද්ගලික සඟරා සහ පොත් පත් රාජ්‍ය ශාලා කවුන්ටරයෙන් ලබාගත හැකියි. සභා ඇසුරෙන් කපාහැර ඇති පුද්ගලයන්ට ප්‍රචාරකයන් විසින් සඟරා පෞද්ගලිකව ගෙන ගොස් දීම නොකළ යුතුයි.
ශ්‍රී ලංකා ශාඛාවේ ලිපි ගොනුවල තබාගැනෙන්නේ යම් සභාවක ප්‍රචාරකයෙකු මාර්ගයෙන් නැතහොත් සඟරා මාර්ගයකින් සඟරා ලබාගත නොහැකි අයගේ සඟරා දායක පමණි. වෙනත් අන්දමකින් සඟරා ලබාගත නොහැකි යමෙකුගේ දායක ඉල්ලුමක් සභා සේවා කමිටුව විසින් ශාඛා කාර්යාලය වෙත එවන විට, මෙම දායක ඉල්ලුම සභා සේවා කමිටුව විසින් පරීක්ෂා කර බලා එය අනුමත කර ඇති බවට කෙටි සටහනක් ලේකම් විසින් ඊට ඇතුළත් කළ යුතුයි.
මේ අනුව, සභා ප්‍රචාරකයන් පෞද්ගලික දායක ඉල්ලුම් ශාඛා කාර්යාලයට නොඑවිය යුතුයි. ප්‍රචාරකයන් විසින් හෝ උනන්දුව දක්වන වෙනත් පුද්ගලයන් විසින් එවනු ලබන එවන් දායක ඉල්ලීම් සභාව කරා නැවත හරවා යවනු ලැබේ.
◼ සිරකරුවෙකුට සඟරාවල පිටපත් ලබාගත හැක්කේ කෙසේද?
යම් සභා බලප්‍රදේශයක පිහිටා තිබෙන බන්ධනාගාරයක සිටින සිරකරුවෙකුහට එම සභාව විසින් සඟරා සැපයිය හැකි නම්, එම සිරකරුවා මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ලබාගත යුත්තේ තමාව බැහැදැකීමට එන ප්‍රචාරකයන්ගෙනි. මෙය කළ නොහැකි දෙයක් නම්, එම සිරකරුවාට දායකයක් එවන මෙන් ඉල්ලා පෞද්ගලිකවම ශාඛා කාර්යාලයට ලිවිය හැකියි. සභා ඇසුරෙන් කපාහැර ඇති සිරකරුවන්ටද මෙම ඡේදයේ සඳහන් ලෙසටම තම පෞද්ගලික පිටපත් ලබාගත හැකි බව කරුණාවෙන් සලකන්න.