ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/04 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
2004 අපගේ රාජ්‍ය සේවාව
km 7/04 7 පි.

නිවේදන

◼ ජූලි සහ අගෝස්තු මාසවල ඉදිරිපත් කරන පොත් පත්: පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට . . . සැප්තැම්බර්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකෙන්ම පිටපත් ඉදිරිපත් කරන්න. උනන්දුව දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කර බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න.

◼ සැප්තැම්බර් මාසයේ පටන්, චාරිකා අවේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කථාවේ තේමාව, “ඇදහිල්ලෙන් හා ධෛර්යයෙන් යුතුව අනාගතයට මුහුණ දීම” යන්නයි.

◼ ඉඳහිට වැඩ කෙරෙන බලප්‍රදේශවල සාක්ෂි දැරීමේදී, ප්‍රචාරකයන්ට ඕනෑ කරන්නේ විවරණිකාව හෝ දැනුම පොත ඉදිරිපත් කළ හැකියි. ගෙවැසියා දැනටමත් මෙම ප්‍රකාශන ලබාගෙන තිබේ නම්, වෙනත් ඕනෑම ප්‍රකාශනයක් බෙදා දිය හැකියි. නිවසක යමෙක් නොසිටී නම් එහි තබා ඒම සඳහා හෝ පොත් පත් ලබා නොගන්නාවූ අයට දීම සඳහා සියල්ලන් විවිධ පත්‍රිකා රැගෙන යා යුතුය. උනන්දුව දක්වන සියල්ලන්වම, විශේෂයෙන්ම ළඟ පාත සභාවලින් ආවරණය කළ නොහැකි ඉඳ හිට වැඩ කෙරෙන ප්‍රදේශවල සිටින අයව හමුවීමට ප්‍රයත්න දැරිය යුතුය.

◼ සභා ලේකම්වරුන් ස්ථාවර පුරෝගාමි සේවය සඳහා අයදුම්පත් (S-205) සහ උපකාරික පුරෝගාමි සේවය සඳහා අයදුම්පත් (S-205b) පෝරම ප්‍රමාණවත් සැපයුමක් තබාගත යුතුයි. මේවා පොත් පත් ඉල්ලුම් පෝරම (S-14) මාර්ගයෙන් ඉල්ලුම් කළ හැකියි. අඩු තරමින් වසරකට ප්‍රමාණවත් සැපයුමක් තබාගන්න.

◼ ස්ථාවර පුරෝගාමි සේවය සඳහා අයදුම්පත් ශාඛා කාර්යාලයට එවීමට පෙර, ඒවා සම්පූර්ණ කර තිබේදැයි සභා ලේකම් පරීක්ෂා කර බැලිය යුතුයි. අයදුම්කරුවන්ට තමන් බව්තීස්ම වූ දිනය මතක නැත්නම්, ඔවුන් එම දිනය දළ වශයෙන් නිශ්චය කර, එම දිනය යම් තැනක සටහන් කරගත යුතුයි. සභා ලේකම් එම දිනය සභාවේ ප්‍රචාරක කාඩ්පතේ ලකුණු කළ යුතුයි.

◼ ඔබ විදේශ සංචාරයක යෙදෙන ඕනෑම අවස්ථාවක, එම රටේ සභා රැස්වීම්වලට, එක්රැස්වීමකට හෝ දිස්ත්‍රික් සමුළුවකට යෑමට අදහස් කරන්නේ නම්, ඒවා පැවැත්වෙන දින, වේලාවන් සහ ස්ථාන ගැන එම රටේ වැඩකටයුතු අධීක්ෂණය කරන ශාඛා කාර්යාලයෙන් තොරතුරු විමසිය යුතුයි. ශාඛා කාර්යාලවල ලිපින වත්මන් වාර්ෂික පොතේ අන්තිම පිටුවේ ලැයිස්තුගත කොට තිබේ.

◼ සියලුම මුලසුන භාර අවේක්ෂකයන්ගේ හා ලේකම්වරුන්ගේ නම්, ලිපින සහ දූරකථන අංක සහිත අලුත්ම වාර්තාවක් ශාඛා කාර්යාලයේ තබාගැනීම අවශ්‍යය. යම් අවස්ථාවක මේවායේ වෙනසක් වේ නම්, සභා සේවා කමිටුව, මේවා සම්පූර්ණ කර, අත්සන් කර, Presiding Overseer/Secretary Change of Address (S-29) පෝරමයක් තුළින් වහාම ශාඛා කාර්යාලයට එවිය යුතුයි. දූරකථන ප්‍රාදේශීය අංකවල වෙනස් වීම්ද මීට ඇතුළත් විය යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න