ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/04 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ජූලි 12න් පටන්ගන්නා සතිය
  • ජූලි 19න් පටන්ගන්නා සතිය
  • ජූලි 26න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 2න් පටන්ගන්නා සතිය
2004 අපගේ රාජ්‍ය සේවාව
km 7/04 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

සැලකිය යුතුයි: ජූලි සහ අගෝස්තු මාසවලදී අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් සේවා රැස්වීම් වැඩසටහනේ යම් සකස් කිරීම් කිරීමට සිදු වනු ඇත. “දෙවි සමඟ ගමන් කරන්න” දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීමට හැකි වන පරිද්දෙන් සභාවන් මේ සම්බන්ධව යම් වෙනස්කම් කිරීමට සිදු විය හැක. සමුළුවට සහභාගි වීමට පෙරාතුව පැවැත්වෙන අන්තිම සේවා රැස්වීමේදී විනාඩි 15ක් මිඩංගු කර, මේ මාසයේ අතිරේකයේ සඳහන් සුවිශේෂී උපදෙස් සභාවට අදාළ වන ආකාරය සුදුසු පරිදි යළිත් සාකච්ඡා කරන්න. සමුළු වැඩසටහනේ විශේෂාංග සලකා බැලීම සඳහා ඔක්තෝබර් මාසයේදී සම්පූර්ණ සේවා රැස්වීමක් වෙන් කරනු ලැබේ. මෙම සාකච්ඡාවට සූදානම් වීමේදී ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි, සමුළුවේදී අර්ථවත් ලෙස සටහන් ගැනීමට අප සියලුදෙනාටම හැකියි. පෞද්ගලිකව අපගේ ජීවිතයට හා දේවසේවයේදී අප අදාළ කරගැනීමට කැමති නිශ්චිත කරුණු සටහන්වලට ඇතුළත් කරගත හැකියි. අප එම යෝජනා අදාළ කරගෙන තිබෙන ආකාරය ගැන පැහැදිලි කිරීමෙන් එම සේවා රැස්වීමේදී අන්‍යයන්වද දිරිමත් කිරීමට අපට හැකියි.

ජූලි 12න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 108

විනා. 12: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 8වන පිටුවේ සඳහන් පළමු යෝජනා යොදාගෙන, ජූලි 1 මුරටැඹ සහ ජූලි 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! කලාපය සඳහා පළමුවන යෝජනාව යොදාගන්න. එක් ඉදිරිපත් කිරීමකදී, ඔබට පාරේදී හමු වන, ඔබ කතා කරන භාෂාව හොඳින් කතා නොකරන, කෙනෙකුට සඟරාවක් ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 15: “අපි එක්ව ඔහුගේ නාමය උසස් කරමු.”a සභා ලේකම් විසින් මෙහෙයවිය යුතුයි. දී ඇති ප්‍රශ්න යොදාගන්න. සභාවට අදාළ සමුළුව කුමක්දැයි සඳහන් කරන්න. මෙය අප්‍රියෙල් 22 දිනැති සියලුම සභාවලට යවන ලද ලිපියේ සඳහන් කර තිබේ. වැඩසටහන් වේලාවන් වැනි කාරණා ඇතුළු මැයි මස අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් වෙනත් තොරතුරු අවශ්‍ය පරිදි කාවැද්දිය හැකියි. “නිසි වේලාවට ආත්මික ආහාර” යනුවෙන් ඊළඟට සාකච්ඡා කිරීමට නියමිත ලිපියෙන් ප්‍රශ්න දෙකක් හෝ තුනක් අසමින් සාකච්ඡාව අවසන් කරන්න.

විනා. 18: “නිසි වේලාවට ආත්මික ආහාර”b දී ඇති ප්‍රශ්න යොදාගන්න. මෙහි 2වන ඡේදය සාකච්ඡා කරන විට, තමන් සහභාගි වූ සමුළුවක මතක සිටිය කරුණක් ගැන කෙටියෙන් අදහස් දක්වන ලෙස සබයේ දෙතුන් දෙනෙකුට ආරාධනා කරන්න. “සෑමවිටම ශුද්ධව සිටින්න” යනුවෙන් ඊළඟ සේවා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත ලිපියෙන් ප්‍රශ්න දෙක තුනක් අසා සාකච්ඡාව අවසන් කරන්න.

ගීතිකා අංක 16 සහ අවසාන යාච්ඤාව.

ජූලි 19න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 83

විනා. 10: සභා නිවේදන. දිනපතා බයිබලය කියවීමේ වැඩසටහනට ඇලී සිටීමේ වැදගත්කම කාවද්දන්න. අපගේ එදිනෙදා කටයුතුවලින් බැහැරව, නිවාඩුවක් ගත කරද්දී පවා මෙය කිරීමෙහි ඇති වැදගත්කම කාවද්දන්න. වර්ෂ 2000 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 32වන පිටුවේ සඳහන් තොරතුරු ඇතුළත් කරන්න.

විනා. 18: “සෑමවිටම ශුද්ධව සිටින්න.”c දී ඇති ප්‍රශ්න යොදාගන්න. සමුළුවලදී පෙන්වනු ලබන යහපත් හැසිරීම යෙහෝවාට ප්‍රශංසා ගෙන දෙන ආකාරය තමන් විසින් නිරීක්ෂණය කළ අන්දම ගැන සබයෙන් විමසන්න. “විනීතව හා ප්‍රශංසනීය ලෙස ඇඳ පැළඳ සිටීම” යනුවෙන් ඊළඟට සාකච්ඡා කිරීමට නියමිත ලිපියෙන් ප්‍රශ්න දෙක තුනක් අසමින් සාකච්ඡාව අවසන් කරන්න.

විනා. 17: “විනීතව හා ප්‍රශංසනීය ලෙස ඇඳ පැළඳ සිටීම.”d දී ඇති ප්‍රශ්න යොදාගන්න. කාලය තිබෙන පරිදි, සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පද කියවා සාකච්ඡා කරන්න.

ගීතිකා අංක 10 සහ අවසාන යාච්ඤාව.

ජූලි 26න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 216

විනා. 8: සභා නිවේදන. ගිණුම් වාර්තාව. ජූලි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින්, ජූලි 15 මුරටැඹ සහ ජූලි 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! කලාපය සඳහා දෙවන යෝජනාව යොදාගන්න. මේ එක් එක් ඉදිරිපත් කිරීමකදී, “ඔයාලා ඇයි නිතර නිතර එන්නේ?” කියා පවසන අයට කතා කරන ආකාරය පෙන්වා දෙන්න.—සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් නමැති පොත් පිංචයේ 12වන පිටුව බලන්න.

විනා. 8: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙකු විසින් මෙහෙයවිය යුතුයි. සම්පූර්ණ ලිපිය කියවා සාකච්ඡා කරන්න.

විනා. 15: “යෙහෝවාගේ යුක්තිය අනුකරණය කරන්න.”e කාලය තිබේ නම්, සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පද ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

විනා. 14: “ව්‍යාපාරික ස්ථානවල දේශනා කරන අන්දම.”f ව්‍යාපාරික ස්ථානවල වැඩ කිරීම සඳහා සභාව මගින් යොදා තිබෙන සැලසුම් ගැන සඳහන් කරන්න. මෙහි 4 සහ 5 ඡේදවලදී ඇති ඉදිරිපත් කිරීම් දෙකක් හෝ ප්‍රදේශයට ගැළපෙන ඵලදායී වී ඇති එළඹීම් කෙටියෙන් නිරූපණය කරන්න. කාලය තිබේ නම්, ව්‍යාපාරික ප්‍රදේශවල වැඩ කිරීමේදී ලබාගත් දිරිගැන්වෙනසුලු අද්දැකීම් ඉදිරිපත් කරන ලෙස සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 173 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 2න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 60

විනා. 8: සභා නිවේදන.

විනා. 22: ඔබ හේතු ඉදිරිපත් කරනවාද? දිව්‍යාණ්ඩු පාසැල් පොතේ 254වන පිටුවේ 1 සහ 2 ඡේද මත පදනම් කතාවක් සහ සාකච්ඡාවක්. අප ක්ෂේත්‍ර සේවයේ යෙදෙන විට සහ වේදිකාවේ සිට කතා කරන විට, ශුද්ධ ලියවිලි පද පැහැදිලි කර ඒවා අදාළ කරද්දී නිකම්ම යමක් සඳහන් කරනවාට වඩා කියන දේට හේතු ඉදිරිපත් කරනවා නම්, අපගේ ඉගැන්වීම වඩාත් බලපෑමෙන් යුක්ත වේ. රීසනිං පොතෙන් හෝ වෙනත් ප්‍රකාශනවලින් සභා බලප්‍රදේශයට ගැළපෙන උදාහරණ යොදාගනිමින් මේවා පෙන්වා දෙන්න. (1) ශුද්ධ ලියවිලි පාඨයක ප්‍රධාන යෙදුම් තෝරාගෙන පැහැදිලි කරන අන්දම (2) ශුද්ධ ලියවිලි පදය සඳහන් පසුබිමෙන් හෝ එම විෂය ගැන කතා කරන වෙනත් ශුද්ධ ලියවිලි පදයකින් සාක්ෂි ගෙනහැර දක්වන අන්දම (3) ඔබ පවසා ඇති දෙයෙහි ඇති සාධාරණකම පෙන්වීමට උපහැරණයක් යොදාගන්නා අන්දම සහ (4) කාරණය සම්බන්ධයෙන් තර්කානුකූලව කල්පනා කිරීමට සවන් දෙන්නන්ට උපකාර කිරීමට ප්‍රශ්න යොදාගන්නා අන්දම. කාරණා විස්තර කරන විට තර්කානුකූලව ඒත්තුගැන්වීමේ ප්‍රයෝජන ගැන අවධාරණය කරන්න.

විනා. 15: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම”—1වන කොටස. සේවා අවේක්ෂක විසින් මෙහෙයවිය යුතු කතාවක්. නවීන කාලවලදී බයිබල් පාඩම් පැවැත්වීමේ ඉතිහාසය පිළිබඳව w97 1/15 25-28 දක්වා පිටුවල හා w94 5/1 14-20 දක්වා පිටුවල සඳහන් තොරතුරු ගැන අදහස් දක්වන මෙන් සබයෙන් ඉල්ලා සිටින්න. ඉදිරියට පළවීමට නියමිත ලිපි ගැන උද්‍යෝගය ගොඩනංවන්න. මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත විෂයන් අතර, පාඩමකට සූදානම් වන අන්දම, සූදානම් වීමට ශිෂ්‍යයාට උපකාර කරන අන්දම, කොතරම් තොරතුරු ප්‍රමාණයක් ආවරණය කරනවාද යන වග, බලපෑමෙන් යුක්තව ශුද්ධ ලියවිලි පද යොදාගන්නා ආකාරය, ශිෂ්‍යයා නඟන ප්‍රශ්න හසුරුවන ආකාරය, යාච්ඤාව හඳුන්වා දෙන ආකාරය සහ ශිෂ්‍යයන්ව සංවිධානයට මඟ පෙන්වන ආකාරය යන මේවාද වෙයි. දී ඇති යෝජනා අදාළ කරගන්නා ලෙසත් මෙම ලිපි ඉදිරියේදී භාවිතය සඳහා තබාගන්නා ලෙසත් සියල්ලන්ටම දිරිගන්වන්න.

ගීතිකා අංක 32 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

e හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

f හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න