සේවා රැස්වීම් වැඩසටහන
මැයි 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 193
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 4වන පිටුවේ සඳහන් යෝජනා ඔබගේ සභා බලප්‍රදේශයට ප්‍රායෝගික නම්, මැයි 1 මුරටැඹ සහ මැයි 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා පළමු යෝජනාව යොදාගන්න. වෙනත් ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි. මේ එක් එක් අවස්ථාවේදී, “මට මගේ ආගම තියෙනවා” යයි පවසමින් සවන් දීමට අකමැත්ත ප්‍රකාශ කරන අවස්ථාවලදී, එයට මුහුණ දිය හැකි ආකාරයත් ඒ එක් එක් නිරූපණවලින් පෙන්වන්න.
විනා. 15: “‘දෙවි සමඟ ගමන් කරන්න’ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව 2004.” සභා ලේකම් විසින් මෙහෙයවිය යුතුය. සබය සමඟ සාකච්ඡා කර, සමුළුව සඳහා උද්‍යෝගය ගොඩනංවන්න. තවද, වර්ෂ 2000 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 1වන පිටුවේ සඳහන් “ඔබ එහි සිටීවිද?” යන ලිපියද සලකා බලන්න. සේවා පාසැල් පොතේ 67වන පිටුවේ සඳහන් අදහස්ද ඇතුළත් කරන්න. සමුළුවට සහභාගි වීම සඳහා හැකි තරම් ඉක්මනින්ම සැලසුම් යොදාගන්නා ලෙස සියල්ලන්වම දිරිගන්වන්න.
විනා. 20: “විශාල වෙන්න.”a දෙවිට නමස්කාර කරන්න පොතේ 150වන පිටුවේ 14වන ඡේදයේ සඳහන් අදහස්ද මීට ඇතුළත් කරන්න.
ගීතිකා අංක 18 සහ අවසාන යාච්ඤාව.
මැයි 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 188
විනා. 10: සභා නිවේදන.
විනා. 15: “ඔබ ස්තුතිවන්ත වන බව පෙන්වන්න.”b කාලයට අනුව, සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පදවලින් අදහස් දක්වන මෙන් සබයට ආරාධනා කරන්න. එහි සඳහන් 3වන ඡේදය සාකච්ඡා කරන විට, මෑතකදී උපකාරික පුරෝගාමීන් ලෙස සේවය කර ඇති එක් කෙනෙක් හෝ දෙදෙනෙකුගෙන් තමන් එසේ කිරීමෙන් ලබා ඇති ආශීර්වාද ගැන අදහස් දැක්වීමට සලස්වන්න.
විනා. 20: අපි එකිනෙකා ගැන සැලකිලිමත් වෙමු. (1 කොරි. 12:25, 26) අපගේ දේවසේවය පොතේ 157-9 දක්වා පිටුවල සඳහන් “එකිනෙකා කෙරෙහි සැලකිල්ල දැක්වීම” යන කොටස මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. යෙහෝවාගේ ජනයා ලෝකයේ සෑම කොටසකම ජීවත් වුණත්, අපි සමීප ලෙස එක්සත් වී සිටිමු. අපි සියලුදෙනාම සෑම දවසකම අපගේ සහෝදරයන් උදෙසා යාච්ඤා කළ යුත්තෙමු. හදිසි අවශ්‍යතා පැනනඟින විට, ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයීමට යුහුසුලු වෙමු. මූලික ශුද්ධ ලියවිලි පද කියවා සාකච්ඡා කරන්න. අපගේ ප්‍රකාශනවලින් ගත් අද්දැකීම් එකක් හෝ දෙකක් ඇතුළත් කරන්න.
ගීතිකා අංක 100 සහ අවසාන යාච්ඤාව.
මැයි 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 128
විනා. 12: සභා නිවේදන. ගිණුම් වාර්තාව. මැයි 15 මුරටැඹ සහ මැයි 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා දෙවන යෝජනාව යොදාගන්න. ඔබේ ප්‍රදේශයේ ආගමකට අයත් යම් කෙනෙකුගේ සිත් ඇදගන්නා විදිහට ඉදිරිපත් කිරීම සකස් කරන්න.
විනා. 15: “අපව ප්‍රබෝධවත් කරවන සංගීතය.” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. වර්ෂ 1997 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ 27වන පිටුවේ 1-2 දක්වා ඡේදවලින් අදහස් ඇතුළත් කරන්න.
විනා. 18: අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට සූදානම් වන්න. වර්ෂ 2003 ජූනි අපගේ රාජ්‍ය සේවාවේ 3වන පිටුව මත පදනම් කතාවක් සහ සාකච්ඡාවක්. කිහිපදෙනෙකුව සූදානම් කර, අවිධිමත් ලෙස සාක්ෂි දරද්දී ඔවුන්ට තිබූ අද්දැකීම් පැවසීමට සලස්වන්න. බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? පත්‍රිකාව සහ සියලු ජාතීන් සඳහා ශුභාරංචි යන පොත්පිංචය අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට යොදාගත හැකි අයුරු කෙටියෙන් නිරූපණය කරන්න.
ගීතිකා අංක 211 සහ අවසාන යාච්ඤාව.
මැයි 31න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 26
විනා. 8: සභා නිවේදන. මැයි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තාවන් දමන ලෙසට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 17: ජීවිතය—ආදරයෙන් රැකබලා ගත යුතු දීමනාවක්. වර්ෂ 1993 සැප්තැම්බර් 8 පිබිදෙව්! 10-11 දක්වා පිටු මත පදනම්ව සබය සමඟ කරන සාකච්ඡාවක්. කාන්තාවකට තමාගේම සිරුරට බලපාන දෙයක් තීරණය කිරීමට අයිතියක් තිබෙනවායයි හැඟෙන පුද්ගලයෙකුට ගබ්සාව පිළිබඳ යෙහෝවාගේ දෘෂ්ටිය ඔබ පැහැදිලි කර දෙන්නේ කෙසේද? වර්ෂ 2000 ජනවාරි 1 මුරටැඹ කලාපයේ 4වන පිටුවේ 4 සහ 5 ඡේදවල ඇති අද්දැකීම විස්තර කරන්න.
විනා. 20: “උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කිරීම” ජූනි මාසයේදී අපි මෙම ප්‍රකාශනය බෙදා දෙන්නෙමු. මෙහි 7වන පිටුවේ 1-3 දක්වා ඡේදවල විස්තර කර ඇති අංගයන් හුවා දක්වන්න. තමන් මේ පොතේ අගය කරන දේවල් මොනවාදැයි කියා සබයෙන් අසන්න. යෝජිත ඉදිරිපත් කිරීම සලකා බලන්න. පොත ඉදිරිපත් කිරීමේදී පින්තූරු යොදාගත හැකි ආකාරය කැපීපෙනෙන්නට සලස්වන්න. පළමු ඉදිරිපත් කිරීම යෞවනයෙක් ලවාද, තව ඉදිරිපත් කිරීමක් වැඩිහිටියෙකු ලවාද ඉදිරිපත් කිරීමට සලස්වන්න. සභා බලප්‍රදේශයේදී වෙනත් එළඹීමක් වඩාත් බලපෑමෙන් යුත් බව පෙනේ නම් ඒ ගැන සාකච්ඡා කළ හැකි අතර, මීට ඉහත සඳහන් කළ එක ඉදිරිපත් කිරීමක් වෙනුවට මෙය නිරූපණය කළ හැකියි.
ගීතිකා අංක 24 සහ අවසාන යාච්ඤාව.
ජූනි 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 136
විනා. 10: සභා නිවේදන.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: ඔබේ ඉගැන්වීමේදී බලපෑමෙන් යුත් උපමා යොදාගන්න. වර්ෂ 2002 සැප්තැම්බර් 1 මුරටැඹ කලාපයේ 22-4 දක්වා පිටු මත පදනම් වූ කතාවක් සහ සබය සමඟ කරන සාකච්ඡාවක්. යම් උපමාවක් බලපෑමෙන් යුක්ත එකක් බවට පත් කරන සාධක හතරක් නම් කරන්න. උපමා සරල කිරීම ප්‍රයෝජනදායක වන්නේ මන්ද? සුදුසු උපමා අපට සොයාගත හැක්කේ කෙසේද? මෙහි 23වන පිටුවේ සඳහන් කොටුවේ ඇති උදාහරණ කිහිපයක් පරීක්ෂා කර, ඒ එක් එක් උපමා බලපෑමෙන් යුක්ත වීමට හේතුව සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 133 සහ අවසාන යාච්ඤාව.
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.