නිවේදන
◼ අප්‍රියෙල් සහ මැයි මාසවල ඉදිරිපත් කරන පොත් පත්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකෙන්ම පිටපත් ඉදිරිපත් කරන්න. සිහි කිරීමට හෝ සභාව විසින් සංවිධානය කරනු ලබන වෙනත් විශේෂ රැස්වීමකට පැමිණෙන නමුත් සංවිධානය සමඟ ක්‍රියාශීලීව ඇසුරු නොකරන අයව බැලීමට යෑමේදී, දෙවිට නමස්කාර කරන්න යන පොත බෙදා දීමට වෑයම් කරන්න. නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතුය. විශේෂයෙන්ම දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව දැනටමත් පාඩම් කර තිබෙන විට මෙසේ කිරීම සුදුසුය. ජූනි: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු. තමන්ට දරුවන් නැතැයි යමෙක් කියන්නේ නම්, ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. විවරණිකාව යොදාගැනීමේදී, නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයමක් දරන්න. ජූලි සහ අගෝස්තු: පොත් පත් ගබඩාවේ තිබෙන ඕනෑම විවරණිකාවක් යොදාගත හැකියි.
◼ වසර 2004 දිස්ත්‍රික් සමුළුවේ පළඳින බැජ් කාඩ්පත් අප්‍රියෙල් මාසයේ පටන් ඉල්ලුමකින් තොරව සභාවේ පොත් පත් සැපයුම සමඟ එවීමට නියමිතයි. මේවා එවන්නේ එක් එක් සභාවේ ප්‍රමාණය අනුව 25 බැගින් වූ මිටි වශයෙනි. සභාවලට අමතර බැජ් කාඩ්පත් අවශ්‍ය නම්, පොත් පත් ඉල්ලුම් පෝරමය (S-14) යොදාගනිමින් ඒවා ඉල්ලුම් කළ යුතුයි. ප්ලාස්ටික්වලින් සාදා තිබෙන බැජ් කාඩ් රඳවනයන් සභාවේ යම් කෙනෙකුට අවශ්‍ය නම් ඒවාද ඉල්ලුම් කළ යුතුය.
◼ සියලුම මුලසුන අවේක්ෂකයන්ගේ සහ ලේකම්වරුන්ගේ නවතම ලිපින සහ දූරකථන අංක පිළිබඳ වාර්තාවක් ශාඛා කාර්යාලයේ තිබීම අවශ්‍යය. යම් අවස්ථාවක මේවායේ වෙනසක් ඇති වේ නම්, සභා සේවා කමිටුව විසින් Presiding Overseer/Secretary Change of Address (S-29) නම් වූ පෝරමය සම්පූර්ණ කර අත්සන් කර ශාඛා කාර්යාලයට නොපමාව එවිය යුතුය. පළාතේ දූරකථනවල ග්‍රාහක අංකවල වෙනසක් ඇති වන විටද මෙය අදාළය.
◼ සභා ලේකම් ස්ථාවර පුරෝගාමි සේවය සඳහා අයැදුම්පත (S-205) සහ උපකාරික පුරෝගාමි සේවය සඳහා අයැදුම්පත (S-205b) යන පෝරම ප්‍රමාණවත් සංඛ්‍යාවක් තබාගත යුතුය. ඒවා පොත් පත් ඉල්ලුම් පෝරමය (S-14) මගින් ඉල්ලුම් කළ යුතුයි. අඩුම තරමින් අවුරුද්දකටවත් ප්‍රමාණවත් තොගයක් තබාගන්න. සියලුම ස්ථාවර පුරෝගාමීන්ගේ බව්තීස්ම දින ඇතුළු අයැදුම්පත් සම්පූර්ණදැයි යළිත් පරීක්ෂා කර බලන්න.