ඔබ කාලය පාවිච්චි කරන ආකාරය ගැන හොඳින් විමසා බලන්න
1. අද දින වෙසෙන ජනයාට මුහුණ දීමට තිබෙන අභියෝගය කුමක්ද?
1 මිනිස් ශ්‍රමය ඉතිරි කරන බොහෝ උපකරණවලින් ගහන මේ යුගයේ බොහෝදෙනෙකුට හැඟෙන්නේ, තමන්ට බොහෝ දේවල් කිරීමට තිබෙන නමුත් ඒවා කිරීමට කාලය බොහෝ අඩු බවය. හොඳ ආත්මික කාලසටහනක් පවත්වාගැනීම අභියෝගයක් කියා ඔබට හැඟෙනවාද? දේවසේවය සඳහා කාලය වැඩියෙන් තිබුණා නම් හොඳයි කියා ඔබට සිතෙනවාද? අපගේ කාලය හොඳින්, උපරිමයෙන් පාවිච්චි කිරීමට අපට හැක්කේ කෙසේද?—ගීතා. 90:12; ෆිලි. 1:9-11, NW.
2, 3. තොරතුරු තාක්ෂණයෙන් ඉදිරිපත් කෙරෙන ගැටලු මොනවාද? අප එක් එක් කෙනාට මේ ගැන අපවම සෝදිසි කළ හැක්කේ කෙසේද?
2 කාලය කා දමන දේවල් හඳුනාගන්න: අප සියල්ලන්ම අපගේ කාලය පාවිච්චි කරන ආකාරය ගැන විටින් විට සෝදිසි කර බැලිය යුතුයි. බයිබලය මෙසේ උදක්ම ඉල්ලා සිටී. “මේ නිසා ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න. දවස් නපුරු බැවින්, ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.” (එෆී. 5:15, 16, NW) තොරතුරු තාක්ෂණය මගින් මතු වී ඇති ගැටලු ගැන සැලකිල්ලට ගන්න. පරිගණක සහ වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරණ යම් හොඳ දේවලට පාවිච්චි කළ හැකි වුවත්, අප අපගේ කාලය පාවිච්චි කරන ආකාරය ගැන හොඳ සෝදිසියකින් සිටින්නේ නැත්නම් ඒවා අපට මලපතක් විය හැකියි.—1 කොරි. 7:29, 31.
3 අප සැවොම අපෙන්ම මෙසේ ඇසිය යුතුයි. ‘විද්‍යුත් තැපෑලෙන් (ඊ–මේල්) එන කිසිම පලක් නැති පණිවුඩ කියවීමට හෝ ඒවාට පිළිතුරු යැවීමට මම සෑම දවසකම කාලය පාවිච්චි කරනවාද? මම කොතරම් වේලාවක් දූරකථනයේ එල්ලීගෙන ඉන්නවාද? නැතහොත් සුළු සුළු කාරණා ගැන ඊ මේල් පණිවුඩ යැවීමට කාලය මිඩංගු කරනවාද? (1 තිමෝ. 5:13) කිසිම අරමුණක් නැතිව අන්තර්ජාලයේ එහා මෙහා යමින් හෝ රූපවාහිනිය නරඹන අතර නාලිකා එකින් එක මාරු කරමින් කාලය නාස්ති කරනවාද? ඉලෙක්ට්‍රෝනික ක්‍රීඩාවල ඕනෑවට වඩා නියැලීම නිසා දෙවිගේ වචනය පාඩම් කිරීම මගෙන් ගිලිහිලාද?’ එවන් දේවලට කාලය මිඩංගු කිරීම නිසා අපගේ ආත්මිකත්වය විනාශ වී යා හැකියි.—හිතෝ. 12:11.
4. එක් යෞවනයෙකු කළ වෙනස්කම් මොනවාද? ඒ මන්ද?
4 අපගේ කාලය ඥානවන්තව පාවිච්චි කිරීම: ඉලෙක්ට්‍රෝනික උපකරණවලින් අපගේ කාලය හා අවධානය යන දෙකම ග්‍රහණය කරගන්නා බවක් පෙනෙන්නට තිබේ. පරිගණක ක්‍රීඩාවලට වහල් වී සිටි එක් යෞවනයෙක් පිළිගත්තේ මෙසේයි. “සමහරක් අවස්ථාවල, මා දේවසේවයේ හෝ ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට පෙර පරිගණක ක්‍රීඩා කළා නම්, මට හරිම අමාරුයි රැස්වීම්වලදී අහගෙන ඉන්න. මම නිතරම හිතුවේ ගෙදර ගියායින් පස්සේ ඒ පරිගණක ක්‍රීඩාව මීට වඩා හොඳට කරන්නේ කොහොමද කියලයි. මේ නිසා පෞද්ගලික අධ්‍යයනය සහ නිතිපතා බයිබලය කියවීම කරන එක මට අතපසු වුණා. දෙවිට සේවය කිරීමෙන් මට ලැබුණු සතුට නැතිව ගියා.” තමාට යම් වෙනස්කම් කරන්නට තිබෙන බව වටහාගත් ඔහු තම පරිගණක ක්‍රීඩා සියල්ලම මකා දැමුවේය. “ඒක කරන්න හරි අමාරු වුණා” කියා ඔහු මතකයට නඟයි. “මම හිතුවාටත් වඩා මමම ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලයි හිටියේ. ඒත් මම ඒක කළේ මගේම හොඳට කියලා මම දැනගෙන හිටිය නිසා මම ජයගත්තා කියලා හැඟීමක් ඇති වුණා.”—මතෙ. 5:29, 30.
5. ආත්මික දේවල් සඳහා කාලය සොයාගැනීමට අපට හැක්කේ කෙසේද? එසේ කිරීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
5 ඔබට යම් වෙනස්කම් කළ යුතු බව පෙනේ නම්, ඔබටත් එවන් දෙයක් කිරීමට සිදු විය හැකියි. සෑම දවසකම අත්‍යවශ්‍ය නොවන දේවල් සඳහා ඔබ යොමු කරන කාලයෙන් පැය භාගයක් අඩු කරන්නට ඔබට පුළුවන්ද? එක් වසරක් තුළදී මුළු බයිබලයම කියවා නිම කිරීමට එම කාලය සෑහෙයි. එය කොතරම් ආත්මිකව ආශීර්වාද ලත් අද්දැකීමක් වෙයිද! (ගීතා. 19:7-11; 119:97-100) බයිබලය කියවීමට, රැස්වීම්වලට සූදානම් වීමට හා ක්ෂේත්‍ර සේවයේ යෙදීමට නිශ්චිත කාලයක් වෙන් කරන්න. (1 කොරි. 15:58) මෙසේ කිරීමෙන්, ඔබගේ කාලය කා දමන දේවල් ගැන සෝදිසියෙන් සිටිය හැකි අතර, ‘යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි වටහාගැනීමට’ ඔබට හැකියි.—එෆී. 5:17, NW.