නිවේදන
◼ ජනවාරි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොත. පෙබරවාරි: යෙහෝවාට ළං වන්න. මේ ප්‍රකාශනය ලබාගත නොහැකි නම් ඔබට පුළුවන්, එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! නමැති පොත ඉදිරිපත් කරන්න. මාර්තු: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. මෙයින් නිවාස බයිබල් පාඩම් ආරම්භ කිරීමට විශේෂ වෑයමක් දරනු ලැබේ. දැනටමත් මෙම පොත ගෙවැසියන් ලබාගෙන තිබේ නම් දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොත ඉදිරිපත් කළ හැකියි. අප්‍රියෙල්: එක පිටපතක් කැපීපෙනෙන්න සලස්වමින් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකම ඉදිරිපත් කරන්න. උනන්දුව දක්වන අයව නැවත බැලීමට යන විට සිහි කිරීමට පැමිණි අය හා වෙනත් ආත්මික ක්‍රියාකාරකමකට පැමිණි නමුත් සංවිධානය සමඟ ක්‍රියාශීලීව ඇසුරු නොකරන අයවද බැලීමට යන්න. දෙවිට නමස්කාර කරන්න නමැති පොත ඉදිරිපත් කිරීම ගැන සිතා බලන්න. විශේෂයෙන්ම දැනටමත් දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව පාඩම් කර තිබෙන අය සමඟ බයිබල් පාඩමක් පටන්ගැනීමට හැකි සෑම වෑයමක්ම දැරිය යුතුයි.
◼ වර්ෂ 2004 මාර්තු 15න් පටන්ගන්නා සතියේ සිට සභා පොත් පාඩම්වලදී අප පාඩම් කරන්නේ යෙහෝවාට ළං වන්න නමැති පොතයි.
◼ මාර්තු මාසයේ පටන් චාරිකා අවේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කතාවේ තේමාව වන්නේ “ඔබ අගය කොට සලකන්නේ කාගේ සාරධර්මද?”
◼ මේ අවුරුද්දේ අප්‍රියෙල් 4වන ඉරිදා හිරු බැස යෑමෙන් පසුව සිහි කිරීමේ උත්සවය පැවැත්වීම සඳහා බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි සැලසුම් සභාවන් විසින් සකස් කළ යුතුයි. කතාව වේලාසනින් ආරම්භ කළ හැකි වුවත් සංකේත අතිනත යැවීම හිරු බැස යන තෙක් සිදු නොකළ යුතුයි. ඔබේ ප්‍රදේශයේ හිරු බැස යන වේලාව දැනගැනීම සඳහා ඒ පිළිබඳව තොරතුරු සපයන ප්‍රාදේශීය මූලාශ්‍ර සෝදිසි කර බලන්න. ක්ෂේත්‍ර සේවය සඳහා පවත්වනු ලබන රැස්වීම හැර වෙනත් කිසිදු රැස්වීමක් එදින නොපැවැත්වෙන නිසා මුරටැඹ පාඩම වෙනත් වේලාවක පැවැත්වීම සඳහා සුදුසු සකස් කිරීම් කළ යුතුයි. චාරිකා අවේක්ෂකයන් එම සතියේ බැහැදකින සභාවේ තත්වයන්ට අනුව තමන්ගේ රැස්වීම් වැඩසටහන් යළි සකස් කරගැනීම අවශ්‍ය වනු ඇත. සෑම සභාවක්ම සිහි කිරීමේ උත්සවය වෙන වෙනම පැවැත්වීම හොඳ දෙයක් වුවත් මෙය සැමවිටම කළ නොහැකි දෙයක් විය හැකියි. සභා කිහිපයක් එකම රාජ්‍ය ශාලාව පාවිච්චි කරන විට සභාවන් එකකට හෝ ඊට වැඩි ගණනකට සිහි කිරීමේ උත්සවය පැවැත්වීම සඳහා සමහරවිට වෙනත් ස්ථානයක් තෝරාගත හැකියි. සිහි කිරීමේ උත්සව එකකට වැඩියෙන් පවත්වනු ලබන ශාලාවල වැඩසටහන් දෙක අතර අඩුම තරමින් විනාඩි 40කවත් කාල පරතරයක් තබාගන්න කියා යෝජනා කරන්නෙමු. එම අවස්ථාවෙන් හොඳින් ප්‍රයෝජන ගත හැක්කේ එසේ සැලසුම් කිරීමෙනි. වාහන නතර කර තැබීම ගැනත් වාහනවලින් රැගෙන එන අයව ආපසු නිවෙස්වලට ගෙන යෑම ගැනත් සැලකිල්ල යොමු කළ යුතුයි. තමන්ගේ සභාවට වඩාත්ම හොඳ සැලසුම් මොනවාද කියා තීරණය කළ යුත්තේ වැඩිමහල් මණ්ඩලයයි.