ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/03 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • සැප්තැම්බර් 8න් පටන්ගන්නා සතිය
  • සැප්තැම්බර් 15න් පටන්ගන්නා සතිය
  • සැප්තැම්බර් 22න් පටන්ගන්නා සතිය
  • සැප්තැම්බර් 29න් පටන්ගන්නා සතිය
  • ඔක්තෝබර් 6න් පටන්ගන්නා සතිය
2003 අපගේ රාජ්‍ය සේවාව
km 9/03 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

සැප්තැම්බර් 8න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 10

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. ඊළඟ සතියේ සේවා රැස්වීමට සූදානම් වීමේදී පසුගිය සේවා වසරේ චාරිකා එක්රැස් වීම් වැඩසටහනෙන් ලබාගත් තමන්ගේ සටහන් පුනරීක්ෂණය කිරීමට සියල්ලන්ව දිරිගන්වන්න. හතරවන පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින් සැප්තැම්බර් 1වනදා මුරටැඹ සහ සැප්තැම්බර් 8වනදා පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ සැබෑ නිරූපණ දෙකක් ඉදිරිපත් කිරීමට සලස්වන්න. පිබිදෙව්! කලාපය ඉදිරිපත් කිරීම සඳහා මුල්ම යෝජනාව භාවිත කරන්න. මේ එක් නිරූපණයකදී, ශිෂ්‍යයෙක් සහ දෙමාපියෙක් පාසැල් ගුරුවරයෙකුට හෝ ගුරුවරියකට සාක්ෂි දරන ආකාරය පෙන්වන්න.

විනා. 10: ශාඛාවෙන් ලද ලිපිය. දීර්ඝ කාලයක් ප්‍රචාරකයෙකු ලෙස සේවය කළ සහෝදරයෙක්, (වැඩිමහල්ලෙකු නම් වඩා හොඳයි) සහ යෞවන ප්‍රචාරකයෙකු අතර කෙරෙන සාකච්ඡාවක්. අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් ශාඛාවෙන් ලැබූ ලිපිය දැක තිබෙනවාද කියා යෞවන ප්‍රචාරකයා අද්දැකීම් ලත් ප්‍රචාරකයාගෙන් අසයි. මෙම ශාඛා ලිපිය 1960 ගණන්වල සහ 1970 ගණන්වල අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ විශේෂාංගයක් වූ බව අද්දැකීම් ලත් ප්‍රචාරකයා පැහැදිලි කරයි. අනතුරුව මුල් පිටුවේ තිබෙන එම ලිපිය සාකච්ඡා කරන අතර, මූලික කරුණු කැපීපෙනෙන්නට සලස්වයි.

විනා. 25: “යෞවනයෙනි, අනාගතය උදෙසා කදිම අත්තිවාරමක් ගොඩනඟන්න.”a දී තිබෙන ප්‍රශ්න යොදාගනිමින් වැඩිමහල්ලෙකු විසින් මෙහෙය විය යුතුයි. මෙහි 5වන ඡේදය සාකච්ඡා කරන විට, පූර්ණ කාලීන සේවයේ අද්දකින ප්‍රීතිය හා ආශීර්වාද කැපීපෙනෙන්නට සලස්වන්න.

ගීතිකා අංක 170 සහ අවසාන යාච්ඤාව.

සැප්තැම්බර් 15න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 199

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.

විනා. 10: “දෙවිට නමස්කාර කරන්න නමැති පොත පාඩම් කිරීම.” පොත් පාඩම් අවේක්ෂකයෙකු විසින් කරන කතාවක්. පාඩම් වැඩසටහනට අවධානය යොමු කරන්න. හතරවන ඡේදය සාකච්ඡා කරන විට, දිව්‍යාණ්ඩු සේවා පාසැල් පොතේ 28වන පිටුවේ 1වන ඡේදයේ සහ 70වන පිටුවේ අඩංගු තොරතුරු ඇතුළත් කරන්න.

විනා. 25: “යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරන්න.” (ගීතා. 37:3) පහත සඳහන් ප්‍රශ්න පදනම් කරගෙන සබය සමඟ කරන සාකච්ඡාවක්. පසුගිය වසරේ චාරිකා එක්රැස්වීමේ මූලික කරුණු මෙහිදී හුවා දැක්වේ. පෞද්ගලික වශයෙන් හෝ පවුලක සාමාජිකයන් වශයෙන් මූලික කරුණු අදාළ කරගැනීමට ඔවුන්ට හැකි වූයේ කෙසේද යන්න ගැන සබයෙන් අදහස් විමසන්න. වැඩසටහනේ කියවුණු මෙම තොරතුරු හුවා දක්වන්න. (1) “යෙහෝවා කෙරෙහි විශ්වාසය පෙන්වීම.” ජීවිතයේ සියලු පැතිවලදී යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම අතිවැදගත් මන්ද? (it-2 521වන පිටුව) වොච්ටවර් ප්‍රකාශන සූචිය අපට උපකාරවත් වන්නේ කෙසේද? (2) “ජීවිතයේ නිස්සාර දේවලින් පරෙස්සම් වන්න.” (දේශ. 2:4-8, 11) අප කිනම් නිස්සාර වැඩවලින් ආරක්ෂා විය යුතුද? අපට එසේ ආරක්ෂා විය හැක්කේ කෙසේද? (3) “නපුරු දේ එපා කර, යහපත්කම් කරන්න.” යෙහෝවාගේ ප්‍රමිතිවලට ඇලී සිටීම ඉතා වැදගත් වන්නේ මන්ද? (යෙසා. 5:20) අප බහුලව නිරත විය යුත්තේ කිනම් යහපත් වැඩවලද? (4) “යෙහෝවා කෙරෙහි අපේ විශ්වාසය පවත්වාගැනීම.” පරීක්ෂා සහ පෙලඹීම් හමුවේ ස්ථිරව සිටීමට අපට උපකාරවත් වන්නේ මොනවාද? ඇතැම් දේවල් යෙහෝවාටම භාර දී අප බලාගෙන සිටිය යුත්තේ මන්ද? (5) “දේවරාජ්‍යයට ඔබින කෙනෙක් ලෙස ඔබව ගණන් ගනු ඇද්ද?” (කොලො. 1:10) යෙහෝවාට ඔබින ලෙස දිගටම ගමන් කිරීමට අපව පොලඹවන්නේ කිනම් බයිබලීය ආදර්ශද? (6) “යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබන්න.” මෙසේ කිරීම අපේ ජීවිතවලට බලපාන්නේ කෙසේද?

ගීතිකා අංක 58 සහ අවසාන යාච්ඤාව.

සැප්තැම්බර් 22න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 7

විනා. 10: සභා නිවේදන. හතරවන පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින්, සැප්තැම්බර් 15වනදා මුරටැඹ හා සැප්තැම්බර් 8වනදා පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ නිරූපණ දෙකක් ඉදිරිපත් කිරීමට සලස්වන්න. පිබිදෙව්! කලාපය ඉදිරිපත් කිරීම සඳහා දෙවන යෝජනාව භාවිත කරන්න. වැඩිමහල්ලෙක් සහ ආබාධිත ප්‍රචාරකයෙක් දුරකථනයෙන් සාක්ෂි දරන ආකාරය පෙන්වන්න.

විනා. 15: අප පසුගිය වසරේදී ඉටු කරගත්තේ කුමක්ද? සේවා අවේක්ෂක 2003 සේවා වසරේ සභා වාර්තාවේ කැපීපෙනෙන තැන් හුවා දක්වයි. ඉටු කරගෙන තිබෙන යහපත් දේවල් සඳහා සභාවට ප්‍රශංසා කරන්න. පසුගිය චාරිකා වාර්තාවෙන් ගත් සුදුසු කරුණු ඇතුළත් කරන්න. ඊළඟ වසරේදී ඉටු කරගත හැකි ඉලක්ක එකක් හෝ දෙකක් ගැන සඳහන් කරන්න.

විනා. 20: සියලු ආගම් දෙවිට පිළිගත හැකිද? සබය සමඟ කරන සාකච්ඡාවක්. මේ කාරණය ගැන යම් කෙනෙකුට තර්කානුකූලව කරුණු පහදා දෙන ආකාරය සාකච්ඡා කරන්න. (rs 322-3 දක්වා පිටු.) පහත සඳහන් ශුද්ධ ලියවිලි පද ඒ සඳහා යොදාගන්න: විනි. 10:6, 7, (යම් පුද්ගලයෙක්, ස්වර්ගයේද පොළොවේද මැවුම්කරු වන සැබෑ දෙවිට හැර වෙනත් දෙයකට හෝ වෙනත් පුද්ගලයෙකුට නමස්කාර කරන්නේ නම්, ඔහු නමස්කාර කරන ආකාරය යෙහෝවාට පිළිගත නොහැකි බව පැහැදිලිය.) මාර්ක් 7:6, 7 (යම් කණ්ඩායමක් ඔවුන් කුමන පුද්ගලයෙකුට නමස්කාර කරනවායයි ප්‍රකාශ කළද, ඔවුන් දේවවචනයේ සඳහන් මූලධර්මවලට වඩා මිනිසුන්ගේ මූලධර්මවලට ඇලී සිටින්නේ නම්, ඔවුන් කරන නමස්කාරය නිෂ්ඵලය.) රෝම 10:2, 3, (ජනයාට දෙවිගේ ලිඛිත වචනය තිබෙනවා විය හැකියි. නමුත් එහි අන්තර්ගත වී ඇති සැබෑ දැනුම ඔවුන්ට නැත. මක්නිසාද ඔවුන්ට ඒ ගැන නිසි ලෙස උගන්වා නැති නිසාය. ඔවුන්ට දෙවි කෙරෙහි ජ්වලිතයක් තිබෙනවා වෙන්නට පුළුවනි. නමුත් ඔහු ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ ඔවුන් නොකරනවා වන්නට පුළුවන. එසේ වුවහොත් ඔවුන් නමස්කාර කරන ආකාරය ගැන දෙවි සතුටු වන්නේ නැහැ. එසේ නොවේද?) හරි ආගම හඳුනාගත හැකි ක්‍රම කිහිපයක් කැපීපෙනෙන්නට සලස්වන්න. (w01 6/1 13වන පිටුවේ 7-15 දක්වා ඡේද 14වන ඡේදය; rs 328-30 දක්වා පිටු) දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කිරීමට අනුන්ට උපකාර කිරීම සඳහා අපගේ දේවසේවය මහෝපකාරී වෙයි.—කොලො. 1:9, 10.

ගීතිකා අංක 39 සහ අවසාන යාච්ඤාව.

සැප්තැම්බර් 29න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 194

විනා. 10: සභා නිවේදන. සැප්තැම්බර් මාසයේ සේවා වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. ඔක්තෝබර් මාසයේදී බෙදා දෙන පොත් පත් ගැන සඳහන් කරන්න. ඕනෑ කරන්නේ විවරණිකාවෙන් බයිබල් පාඩමක් පටන්ගන්නා ආකාරය පෙන්වා දෙන කෙටි නිරූපණයක් කරන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: “යටහත් පහත්කම පැළඳගන්න.”b දක්වා ඇති ශුද්ධ ලියවිලි අදාළ වෙන අන්දම ගැන සබයෙන් අදහස් විමසන්න.

ගීතිකා අංක 224 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 6න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 170

විනා. 10: සභා නිවේදන. මේ මාසයේදී බයිබල් පාඩම් පටන්ගැනීමට අපි විශේෂ ප්‍රයත්නයක් දරන්නෙමු. වර්ෂ 2002 මැයි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 1වන පිටුවේ සඳහන් 1වන ඡේදය කෙටියෙන් පුනරීක්ෂණය කරන්න.

විනා. 15: “මුල් තැන දිය යුතු දේට මුල් තැන දීමට වග බලාගන්න!” වර්ෂ 1998 සැප්තැම්බර් 1වනදා මුරටැඹ කලාපයේ 19-21 දක්වා පිටුවල සඳහන් ලිපිය පදනම් කරගෙන කරන කතාවක් සහ සාකච්ඡාවක්. ඊළඟ මාස කිහිපය තුළ සැලසුම් කර ඇති දිව්‍යාණ්ඩුමය සිද්ධීන්වලට අදාළ දිනයන් සඳහන් කරන්න. මෙම දින තමන්ගේ කැලැන්ඩරයේ ලකුණු කරගන්නා ලෙස සියල්ලන්ව දිරිගන්වන්න. ආත්මික දේවල් අතපසු වීම වළක්වාලීම සඳහා තමන් කරන්නට අදහස් කරන දේවල් ගැන පවසන ලෙස සබයට ආරාධනා කරන්න.

විනා. 20: තුල්‍ය පීඩනයට එරෙහිව නැඟී සිටීම. ක්‍රිස්තියානි පවුලක හැදී වැඩුණු වැඩිමහල්ලෙකුව හෝ සභා සේවකයෙකුව සම්මුඛ සාකච්ඡාවට භාජන කරන්න. වර්ෂ 2003 පෙබරවාරි 15වනදා මුරටැඹ කලාපයෙන් තෝරාගත් කරුණු ගෙනහැර දක්වන්න. සහෝදරයා පාසැලේදී මුහුණ දුන් පීඩන මොනවාද? (24 පිටුවේ 3වන ඡේදය; 25 පිටුවේ 4-5දක්වා ඡේද) ඔහු අන්‍යයන්ගේ ඍණාත්මක බලපෑම්වලට මුහුණ දුන්නාද? (26වන පිටුවේ 4-6 දක්වා ඡේද) වැඩිහිටියෙකු හැටියට ඔහු තවමත් තුල්‍ය පීඩනවලට මුහුණ දෙනවාද? තුල්‍යයන්ගේ පීඩනවලට යට නොවී සිටීමට ඔහුට උපකාරවත් වී තිබෙන්නේ කුමක්ද? වර්ෂ 1999 අගෝස්තු 1වනදා මුරටැඹ කලාපයේ 24-5 දක්වා පිටු මත පදනම්ව කතාව අවසාන කරද්දී හොඳ ආශ්‍රයක් තබාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන කැපීපෙනෙන්නට සලස්වන්න.

ගීතිකා අංක 26 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න