ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/03 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
2003 අපගේ රාජ්‍ය සේවාව
km 8/03 7 පි.

නිවේදන

◼ අගෝස්තු මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට. සැප්තැම්බර්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! උනන්දුව දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කර බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. නොවැම්බර්: දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. මේ වන විටත් ගෙවැසියා ළඟ මෙම ප්‍රකාශන තිබේ නම් දෙවිට නමස්කාර කරන්න නමැති පොත හෝ වෙනත් පැරණි ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

◼ වසර 2003 ඔක්තෝබර් 20වනදායින් පටන්ගන්නා සතියේ සිට සභා පොත් පාඩමේදී අප පාඩම් කරන්නේ එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න නමැති පොතයි.

◼ මුලසුනභාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙකු විසින් සැප්තැම්බර් 1වනදා හෝ ඉන්පසු හැකි විගස සභාවේ ගිණුම් විගණනය කළ යුතුයි. අනතුරුව සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.

◼ සභාව සතු සියලුම පොත් පත්වල හා සඟරාවල වාර්ෂික තොග ගණන් ගැනීම 2003 අගෝස්තු 31දින හෝ එදිනට ආසන්න දිනකදී කළ යුතුයි. මෙම තොග ගණන් ගැනීම, පොත් පත් සම්බන්ධීකරණ සේවක විසින් සෑම මාසයකම කරනු ලබන පොත් පත් ගණන් ගැනීමට සමාන වන අතර, මුළු එකතුව පොත් පත් තොග ලේඛනයට (S-18) ඇතුළත් කළ යුතුයි. අතැති සඟරාවල මුළු එකතුව පොත් පත් සේවක(යන්)ගෙන් දැනගත හැකියි. සම්බන්ධීකරණ සභාවේ ලේකම් පොත් පත් තොග ලේඛනය පරීක්ෂා කර බැලිය යුතුයි. ලේකම් හා සම්බන්ධීකරණ සභාවේ මුලසුන භාර අවේක්ෂක මෙම පෝරමයට අත්සන් කළ යුතුයි. සෑම සම්බන්ධීකරණ සභාවකටම පොත් පත් තොග ලේඛන පෝරම (S-18) තුනක් ඉදිරියේදී ලැබෙනු ඇත. කරුණාකර, සැප්තැම්බර් 6වනදාට කලින් මුල් පිටපත සමිතියට තැපැල් කරන්න. කාබන් පිටපතක් ඔබේ සභාවේ ලිපිගොනුවේ තබාගන්න. තුන්වන පිටපත පොත් පත් තොගය ගැන අවශ්‍ය විස්තර සටහන් කිරීමට යොදාගත හැකියි.

◼ සිහි කිරීමේ ආරාධනා පත් ඉල්ලුමකින් තොරව සභාවන්ට එවන්නේ නැත. සෑම සභාවක්ම තමන්ට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් අවශ්‍ය කරන ආරාධනා පත් ප්‍රමාණය ගණන් බලා, එය පොත් පත් ඉල්ලුම් කිරීමේ පෝර්මයෙහි (Literature Request Form, S-14) සඳහන් කර එවිය යුතුයි. වසර 2004 සඳහා සිහි කිරීමේ ආරාධනා පත් ඉල්ලුම 2003 සැප්තැම්බර් 6වනදාට කලින් ශාඛා කාර්යාලයට එවිය යුතුයි. ආරාධනා පත් මුද්‍රණය කරනු ලබන ප්‍රමාණය තීරණය වන්නේ මෙදිනට ලැබී තිබෙන ඉල්ලුම මතයි. නියමිත දවසට කලින් ඉල්ලුම ලැබුණේ නැත්නම් සිහි කිරීම සමයේ බෙදාහැරීම සඳහා ඔබ සභාවට ආරාධනා පත් ලැබෙන්නේ නැත. මේ නිසා තම සභාවේ ඉල්ලුම නියමිත දිනට යවා තිබෙන බවට සභා සේවා කමිටුව වගබලා ගත යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න