දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2003 අගෝස්තු 25වනදා සිට පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. පාසැල් අවේක්ෂක විසින් 2003 ජූලි 7වනදා සිට අගෝස්තු 25වනදා දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොත 36-7 දක්වා පිටු බලන්න.]
කථික ගුණාංග
1. ක්ෂේත්‍ර සේවයෙහි නිරත වෙද්දී දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? [be 124 පි. 4 ඡේ. සිට 125 පි. 1 ඡේ.; 125 කොටුව]
2. ක්ෂේත්‍ර සේවයෙහි නිරත වන්නට පෙර ඔබට යම් බියක් සැකක් දැනෙනවා නම්, කුමක් උපකාරවත් විය හැකිද? [be 128 පි. 4-5 ඡේ.]
3. වේදිකාවේ සිට කතාවක් ඉදිරිපත් කරද්දී ස්වාභාවික මෙන්ම සංවාදශීලී ආකාරයකින් කතා කිරීමට ඔබට කුමක් උපකාරවත් වේද? [be 129 පි. 2 ඡේ.; 129 පි. කොටුව]
4. ලෙවී කථාව 16:4, 24, 26, 28; යොහන් 13:10; සහ එළිදරව් 19:8හි දැකගත හැකි ප්‍රතිපත්ති අපගේ පෞද්ගලික පෙනුමට බලපෑ යුත්තේ කෙසේද? මෙය වැදගත් වන්නේ මන්ද? [be 131 පි. 3 ඡේ.; 131 පි. කොටුව]
5. විනීත නොහොත් තැන්පත් මෙන්ම “හොඳ සිහිකල්පනාවෙන්” යුත් පුද්ගලයෙකුව විස්තර කරන්න. (1 තිමෝ. 2:9, 10, NW) [be 132 පි. 1 ඡේ.]
පැවරුම් අංක 1
6. ක්‍රිස්තියානීන් එකිනෙකා සමඟ ඉවසිලිවන්තව කටයුතු කළද, ඔවුන් අතර පැවතීමට කිසිදු අවකාශයක් ලබා නොදෙන්නේ කුමකටද? (කොලො. 3:13) [w01 7/15 22 පි. 7-8 ඡේ.]
7. හරිද වැරදිද: අනුක්‍රමික සංඛ්‍යාව යනු පූර්ණ සංඛ්‍යාවකි. පැහැදිලි කරන්න. [bsi03 5, 6 පි. 24-5 ඡේ.]
8. දෙවිගේ වචනය කියවීමට අපට තිබිය හැකි සුපිරිසිදුම චේතනාව කුමක්ද? එවන් චේතනාවක් තිබීම වැදගත් වන්නේ මන්ද? [be 24 පි. 1 ඡේ.]
9. ඥානවන්ත පුද්ගලයෙකු “දැනගැන්ම රැස් කරගන්නේ” කෙසේද? (හිතෝ. 10:14) [w01 7/15 27 පි. 4-5 ඡේ.]
10. යෝබ්ගේ හොඳ පුරුදු සැලකිල්ලට ගැනීම වටින්නේ මන්ද? (යෝබ් 1:1, 8; 2:3) [w01 8/1 20 පි. 4 ඡේ.]
සතිපතා බයිබල් කියවීම
11. ගැලවීම සඳහා අන්‍යජාතික ඇදහිලිවන්තයන්ට චර්මච්ඡේදනය වීම අවශ්‍ය වූයේ නැති බව පාලක මණ්ඩලයේ සාමාජිකයන්ට “ඒකමතික තීරණයකට” එළඹෙන්නට හැකි වූයේ කෙසේද? (ක්‍රියා 15:25, NW; ක්‍රියා 15:26, පැ.අ.)
12. මෝසෙස්ගේ නීතිය යෙහෝවා විසින් අවලංගු කර තිබියදීත් එම නීතියේ ඇතැම් කොන්දේසිවලට යටත් වන ලෙස පාවුල්ගෙන් ඉල්ලා සිටීමට පාලක මණ්ඩලය පියවර ගත්තේ මන්ද? (ක්‍රියා 21:20-26) [it-1 481 පි. 3 ඡේ.; it-2 1163 පි. 6 ඡේ.–1164 පි. 1 ඡේ.]
13. වර්තමානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව පවසා ඇති දේවල් දෙස බලද්දී, අපට මතක් වෙන්නේ ප්‍රේරිත පාවුල්ට විරුද්ධව ගෙනා කවර බොරු චෝදනාද? (ක්‍රියා 24:5, 6) [w01 12/15 22 පි. 7 ඡේ.-23 පි. 2 ඡේ.]
14. පාවුල් වසර දෙකක කාලයක් නිවාස අඩස්සියේ සිටියද රාජ්‍ය ප්‍රකාශකයෙකු ලෙස ඔහු ආදර්ශයක් තැබුවේ කෙසේද? (ක්‍රියා 28:30, 31)
15. “උසස් බලධාරීන්” “දෙවිගේ විධිවිධානයට” අයත් වන්නේ කවර අන්දමකින්ද? මෙම කාරණය ක්‍රිස්තියානීන්ට බලපෑ යුත්තේ කෙසේද? (රෝම 13:1, 2) [w00 8/1 4 පි. 5 ඡේ.]