ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/03 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ජූලි 14න් පටන්ගන්නා සතිය
  • ජූලි 21න් පටන්ගන්නා සතිය
  • ජූලි 28න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 4න් පටන්ගන්නා සතිය
2003 අපගේ රාජ්‍ය සේවාව
km 7/03 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

සැලකිය යුතුයි: “දෙවිව මහිමවත් කරන්න” නමැති දිස්ත්‍රික් සමුළුව අගෝස්තු 15-17 දක්වා පැවැත්වීමට නියමිතයි. සමුළු වැඩසටහනේ විශේෂාංග සලකා බැලීම සඳහා ඔක්තෝබර් මාසයේදී සම්පූර්ණ සේවා රැස්වීමක් පිළියෙළ කරනු ලැබේ. මෙම සාකච්ඡාව සඳහා සූදානම් වීමේදී ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි සමුළුවේදී අර්ථාන්විතව සටහන් ගැනීමට අප සියලුදෙනාටම හැකියි. පෞද්ගලිකව අපගේ ජීවිතයට හා දේවසේවයේදී අප අදාළ කරගැනීමට කැමති නිශ්චිත කරුණු සටහන්වලට ඇතුළත් කරගත හැකියි. සමුළුවට ගිය දා සිට අප එම යෝජනා අදාළ කරගෙන තිබෙන ආකාරය ගැන පැහැදිලි කිරීමෙන් එම සේවා රැස්වීමේදී අන් අයවද දිරිමත් කිරීමට අපට හැකියි.

ජූලි 14න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 56

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවෙනි පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් ජූලි 1 මුරටැඹ සහ ජූලි 8 පිබිදෙව්! සඟරා සභා බලප්‍රදේශයේදී ප්‍රායෝගිකව ඉදිරිපත් කළ හැකි ආකාරය තාත්වික නිරූපණ දෙකකින් පෙන්වන්න. ජූලි 8 පිබිදෙව්! සඟරාව සඳහා පළමු යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම යුගලයක් හැටියට ඉදිරිපත් කළ යුතුයි.

විනා. 15: “යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා එකට එක්රැස් වීම.”a දී තිබෙන ප්‍රශ්න යොදාගන්න. සිකුරාදා උදෑසන සිට ඉරිදා සවස දක්වා තිබෙන සෑම සැසිවාරයකටම පැමිණීමට සියලුදෙනාවම දිරිමත් කරන්න. නිකම්ම සවන් දෙනවාට වඩා අප ඉගෙනගන්න දේවල් අදාළ කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන්න. දිස්ත්‍රික් සමුළුවේ විශේෂාංග ඔක්තෝබර් මාසයේ සේවා රැස්වීමේදී නැවත සලකා බලන විට ඒ සම්බන්ධයෙන් ඉහත දී තිබෙන විස්තරය බලන්න. සටහන් ගැනීමට සියලුදෙනාවම දිරිමත් කරන්න.

විනා. 20: “දෙවිගේ දයාවට කෘතඥතාව පෙන්වන්න.”b තුන්වන ඡේදය සාකච්ඡා කරන විට 1998 අපගේ රාජ්‍ය සේවාවේ ඔක්තෝබර් කලාපයේ 8වන පිටුවේ සඳහන් තොරතුරු පදනම් කරගනිමින් සඟරා මාර්ගයක් පටන්ගත හැකි ආකාරය පිළිබඳ යෝජනා සපයන්න. බයිබල් පාඩම් පටන්ගැනීමේදී හොඳ ප්‍රතිඵල ලබා තිබෙන ආකාරය ගැන පැවසීමට දක්ෂ ප්‍රචාරකයන් එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට ආරාධනා කරන්න. බයිබල් පාඩමක් පටන්ගෙන එය පවත්වාගෙන යෑමේ ඉලක්කය අත් කරගැනීමට සියලුදෙනාවම දිරිගන්වන්න.—om පි. 91.

ගීතිකා අංක 176 සහ අවසාන යාච්ඤාව.

ජූලි 21න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 184

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව. “මේ ඉදිරිපත් කිරීම පලදායක බව ඔබ අද්දකීවි.” මෙය නිරූපණය කරන්න. ක්ෂේත්‍ර සේවයේදී මෙම යෝජනාව යොදාගැනීමට ප්‍රචාරකයන්ව දිරිමත් කරන්න.

විනා. 10: “නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන.” සබයේ සහභාගිත්වයද ඇතුව කරන කතාවක්. බව්තීස්ම වීමට ආශාවෙන් සිටින අය මුලසුනභාර අවේක්ෂකට ඒ බව දන්වන්න කියා පවසන්න. සෑම සැසිවාරයකටම පැමිණීමට බයිබල් ශිෂ්‍යයන්ට ආරාධනා කිරීම සඳහා විශේෂ වෑයමක් දැරීමට සියලුදෙනාවම දිරිගන්වන්න.

විනා. 25: “ක්ෂේත්‍ර සේවයේ ක්‍රියාශීලී වීමට එකිනෙකාට උපකාර කරන්න.”c වැඩිමහල්ලෙකු විසින් මෙහෙයවිය යුතුයි. මෙහිදී 2003 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ 13වන පිටුවේ සඳහන් විශේෂ කරුණුද යොදාගන්න. මේ කොටස මෙහෙයවීමට පටන්ගත් විට සෑම ප්‍රචාරකයෙකුටම සේවා වර්ෂයේ වාර්තා කළ මාස සඳහන් ලැයිස්තුවක් දෙන්න. වාර්තා කිරීමට අතපසු වී තිබෙන මාසවල වාර්තා තවමත් ලබා දිය හැකි බව පවසන්න. ප්‍රචාරකයෙක් ජූලි මාසයේදී ප්‍රමාද වාර්තා දෙකක් දුන්නොත් ඔහුව හෝ ඇයව ජූලි මාසය සඳහා ගණන්ගනු ලබන්නේ ප්‍රචාරකයන් තුන්දෙනෙකු ලෙසයි. සැබෑ දෙවිට නමස්කාර කරන්න හා යෙහෝවාට ළං වන්න නමැති අලුත් ප්‍රකාශන යොදාගනිමින් කරන බයිබල් පාඩමකින් ප්‍රයෝජන ලබනු ඇති අක්‍රියාශීලී අය කවුද කියා සේවා අවේක්ෂකට තීරණය කළ හැකියි.

ගීතිකා අංක 201 සහ අවසාන යාච්ඤාව.

ජූලි 28න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 45

විනා. 10: සභා නිවේදන. ජූලි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. අටවෙනි පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් ජූලි 15 මුරටැඹ සහ ජූලි 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. ජූලි 8 පිබිදෙව්! සඟරාව සඳහා දෙවන යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම ඉදිරිපත් කළ යුතුයි. ප්‍රචාරකයා අවිධිමත් ලෙස සාක්ෂි දරන ආකාරය එක් ඉදිරිපත් කිරීමකදී නිරූපණය කරන්න.

විනා. 15: “යහපත් ක්‍රියාවන්හි ආදර්ශයක් වන්න.”d දී තිබෙන ප්‍රශ්න යොදාගන්න. අපේ ප්‍රයෝජනය සඳහා සැලසුම් කර තිබෙන නවාතැන් සැපයීමේ විධිවිධානයට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාව අවධාරණය කරන්න. සෑම කෙනෙකුම යහපත් ලෙස හැසිරීම අත්‍යවශ්‍ය දෙයක් වීමට හේතු පැහැදිලි කරන්න.

විනා. 20: “කණ්ඩායමක් ලෙස සාක්ෂි දැරීම ප්‍රීතිය ගෙන දෙයි.”e තුන්වන ඡේදය සාකච්ඡා කරද්දී 2001 සැප්තැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ ප්‍රශ්න පෙට්ටියෙන් ගත් අදහස්ද ඇතුළත් කරන්න. සභා පොත් පාඩම් අවේක්ෂකයෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔහුගේ පොත් පාඩම් කණ්ඩායම සඳහා ඔහු යොදා තිබෙන ක්ෂේත්‍ර සේවා සැලසුම් ගැනත් එකට එකතු වී සාක්ෂි දැරීමෙන් තම කණ්ඩායම ලබා තිබෙන ප්‍රයෝජන ගැනත් ඔහුගෙන් අසන්න.

ගීතිකා අංක 36 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 4න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 178

විනා. 10: සභා නිවේදන. මේ මාසයේදී ඉදිරිපත් කරනු ලබන පොත් පත් සඳහන් කරන්න. මේවා ඉදිරිපත් කළ හැකි ආකාරය කෙටි නිරූපණයකින් හෝ දෙකකින් පෙන්වන්න.

විනා. 20: “යෝග්‍ය ඇඳුම්වලින් දේවභක්තිය ප්‍රකාශ වේ.”f වැඩිමහල්ලෙකු විසින් මෙහෙයවිය යුතුයි. දී තිබෙන ප්‍රශ්න යොදාගන්න. හොඳින් කියවන අයෙකු ලවා සෑම ඡේදයක්ම කියවීමට සලස්වන්න.

විනා. 15: “පෞද්ගලික පාඩම මගින් ඇදහිල්ල ශක්තිමත්ව තබාගන්න.”g පළමුවන ඡේදය පදනම් කරගනිමින් කරන කෙටි හැඳින්වීමෙන් පසු ඉතිරි ඡේද ප්‍රශ්නෝත්තර ක්‍රමයට හසුරුවන්න. කාලය තිබෙන විදිහට ඡේද හා බයිබල් පද කියවන්න. හයවන ඡේදය සලකා බලද්දී සභාවේ සහෝදර සහෝදරියන් ක්‍රියාත්මක කර තිබෙන ප්‍රායෝගික ක්‍රමද ඇතුළත් කරන්න. තමන්ගේ පාඩම් පුරුදු දියුණු කරගැනීම සඳහාත් තමාගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීම සඳහාත් තමන්ට උපකාරවත් වී තිබෙන දේවල් ගැන කෙටියෙන් පැවසීමට ප්‍රචාරකයෙකුට ආරාධනා කරන්න.

ගීතිකා අංක 49 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

e හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

f හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

g හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න