දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2003 ජූනි 30වනදා සිට පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. පාසැල් අවේක්ෂක විසින් 2003 මැයි 5වනදා සිට ජූනි 30වනදා දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොත 36-7 දක්වා පිටු බලන්න.]
කථික ගුණාංග
1. කතාවක් දෙද්දී හඬ පාලනය වැදගත් වන්නේ මන්ද? එය කරන්නේ කෙසේද? [be 111 පි. කොටුව; 112 පි. කොටුව]
2. කථිකයෙකු තමා පවසන දේ විශ්වාස කළත් යෙහෝවා කෙරෙහි ප්‍රේමයක් ඔහුට තිබුණත් ඔහුට උද්යෝගයේ ඌනතාවක් තිබිය හැක්කේ මන්ද? [be 115 පි. 3-4 ඡේ.; 116 පි. 1 ඡේ.]
3. කථිකයෙකුට කතාවක් තුළ උණුසුම්භාවය සහ හැඟීම් ප්‍රකාශ කිරීමට කුමක් උපකාරවත් වේද? [be 119 පි. 1-4 ඡේ.]
4. කතාවකදී පෙන්විය යුතු උද්යෝගය, උණුසුම්භාවය හා වෙනත් චිත්තවේගයන් තීරණය වන්නේ කුමක් මගින්ද? [be 120 පි. 2-5 ඡේ.]
5. හරිද වැරදිද: අභිනය හා මුහුණේ ඉරියව් වැදගත් වන්නේ ඔබේ සබය ඔබ දෙස බලමින් සිටිනවා නම් පමණි. පැහැදිලි කරන්න. [be 121 පි. 3 ඡේ.]
පැවරුම් අංක 1
6. යොෂියා ඉතා අමිහිරි ළමා වියක් අද්දුටුවද, හරි මාර්ගය තෝරාගැනීමට ඔහුට උපකාරවත් වූයේ කුමක්ද? (2 ලේක. 34:1, 2) [w01 4/15 26 පි. 5 ඡේ. සිට 27 පි. 5 ඡේ.; 28 පි. 4 ඡේ.]
7. හිතෝපදේශ 9:7, 8අ පදවල අර්ථය කුමක්ද? තවද මේවා ක්ෂේත්‍ර සේවයේදී අදාළ කරගත හැක්කේ කෙසේද? [w01 5/15 29 පි. 4-5 ඡේ.]
8. ‘අමතක නොකරන්න’ කියා යෙහෝවා ඊශ්‍රායෙලිතයන්ට පැවසූ විට ඔහු අදහස් කළේ කුමක්ද? අමතක නොකර සිටීමට අපට හැක්කේ කෙසේද? (ද්වි. 4:9; 8:11) [be 20 පි. 1-3 ඡේ.]
9. බරපතළ පාපයක් කළද අවංකවම පසුතැවිලි වීමෙන් අනතුරුව තමා නොවටිනා කෙනෙක් කියා සිතීමට අවශ්‍ය නැති බව ගීතාවලිය 32:1, 5හි සහ ගීතාවලිය 51:10, 15හි දාවිත් අවංකව පැවසූ අදහස්වලින් පැහැදිලි වන්නේ කෙසේද? [w01 6/1 30 පි. 1-3 ඡේ.]
10. පළමුවන තිමෝති 5:3-16 දක්වා දී තිබෙන පාවුල්ගේ මඟ පෙන්වීම්වලින් අවශ්‍යතා තිබෙන අයට උපකාර කිරීම සම්බන්ධයෙන් උගත හැක්කේ කුමක්ද? [w01 6/15 10 පි. 3 ඡේ.]
සතිපතා බයිබල් කියවීම
11. යොහන් 3:3හි [NW] වාර්තා වී ඇති පරිදි, යේසුස් ‘නැවත ඉපදීම’ යන යෙදුම භාවිත කළ විට ඔහු අදහස් කරමින් සිටියේ කුමක්ද? [w95 7/1 9-10 පි. 4-5 ඡේ.]
12. යේසුස් තමා ලබා තිබූ අධ්‍යාපනය යෙදෙව්වේ කෙසේද? අපට මෙයින් උගත හැකි වැදගත් පාඩම කුමක්ද? (යොහ. 7:15-18) [w96 2/1 9-10 පි. 4-7 ඡේ.]
13. යොහන් 7:53-8:11 දක්වා කොටස නව ලෝක පරිවර්තනයේ ප්‍රධාන පාඨයට ඇතුළත් කර නැත්තේ මන්ද?
14. යේසුස් ස්වර්ගයට ගිය ‘ආකාරයෙන්ම ආවේ’ කෙසේද? (ක්‍රියා 1:11) [wSN90 8/1 21 පි. 5 ඡේ.]
15. ක්‍රියා 5:13හි පැහැදිලි කර ඇත්තාක් මෙන්, “අන් අයගෙන් කිසිවෙකුට [ගෝලයන්] හා එක් වන්න තරම් ධෛර්යයක්” නොතිබුණේ මන්ද?