ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/03 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • මැයි 12න් පටන්ගන්නා සතිය
  • මැයි 19න් පටන්ගන්නා සතිය
  • මැයි 26න් පටන්ගන්නා සතිය
  • ජූනි 2න් පටන්ගන්නා සතිය
2003 අපගේ රාජ්‍ය සේවාව
km 5/03 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

මැයි 12න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 1

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් මැයි 1 මුරටැඹ සහ මැයි 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. මැයි 8 පිබිදෙව්! සඳහා පළමුවන යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුණත් සඟරා දෙකම ඉදිරිපත් කළ යුතුයි. පරිත්‍යාග කිරීමේ විධිවිධානය ගැන ගෙවැසියාට පැහැදිලි කරන ආකාරයද නිරූපණවලදී සඳහන් කරන්න.

විනා. 20: දෙමාපියෙනි ප්‍රගතියක් ලැබීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. සේවා පාසැල් පොතේ පිටු 9-12 සහ 21-38 දක්වා සඳහන් තොරතුරුවලින් ගත් විශේෂ කරුණු සාකච්ඡාවට ලක් කරන කතාවක්. දේවසේවයේ ප්‍රගතියක් ලැබීමට තමන්ගේ දරුවන්ව පුහුණ කිරීමේ ඉලක්කය ඇතුව එම තොරතුරුවලින් සමහරක් පවුලේ පාඩමේදී සාකච්ඡා කිරීමට දෙමාපියන්ව දිරිමත් කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන කුසලතා වර්ධනය කරගැනීමට දරුවන්ට උපකාර කිරීමට යොදාගත හැකි විශේෂ කරුණු දෙමාපියන්ගේ අවධානයට යොමු කරවන්න.

විනා. 15: “ශුභාරංචිය බාර දී ඇත්තෝ.”a දේශනා කිරීමේ කාර්යයෙහි වැඩියෙන් හවුල් වීම සඳහා තමන්ගේ තත්වයන් සකස් කරගැනීමට හැකි වී තිබෙන ආකාරය ගැන කෙටියෙන් පැහැදිලි කිරීමට ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කරන්න.

ගීතිකා අංක 46 සහ අවසාන යාච්ඤාව.

මැයි 19න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 62

විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව. “ඇතැම් යුරෝපීය රටවල ගොඩනඟන ජාත්‍යන්තර රාජ්‍ය ශාලා.” සම්පත් තිබෙන රටවල මෙන්ම තමන්ගේ රටේද සිදු කරනු ලබන රාජ්‍ය ශාලා ගොඩනැඟීම සඳහා මුදල් ලැබෙන්නේ රාජ්‍ය ශාලා අරමුදලට ලැබෙන සම්මාදම්වලින් බව සඳහන් කරන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 15: “අවිධිමත්ව සාක්ෂි දැරීමෙන් යෙහෝවාට ප්‍රශංසා කරන්න.” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. තුන්වන ඡේදය සාකච්ඡා කරද්දී, මතු දැක්වෙන අවස්ථාවලදී බයිබලයේ සඳහන් දේවල් ගැන සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා පැවසිය හැකි දේවල් මොනවාද කියා සබයෙන් අසන්න. (1) බඩුවල මිල ගෙවීමට පෝළිමේ සිටින විට. (2) බස් රථයේ හෝ දුම්රියේ ගමන් කරන විට. (3) වත්තේ වැඩ කරමින් සිටින අසල්වැසියෙකුට. (4) ඔබ සමඟ රැකියාව කරන කෙනෙකුට. (5) පාසැලේදී ඔබ සමඟ ඉගෙනගන්න කෙනෙකුට. ප්‍රචාරකයෙක් සාර්ථක ලෙස අවිධිමත්ව සාක්ෂි දරා තිබෙන ආකාරය විස්තර කරන සභාවේ අද්දැකීමක් කලින් සූදානම් කරන්න.

ගීතිකා අංක 135 සහ අවසාන යාච්ඤාව.

මැයි 26න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 174

විනා. 10: සභා නිවේදන. මැයි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ලබා දීමට සියලුදෙනාටම මතක් කරන්න. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් මැයි 15 මුරටැඹ සහ මැයි 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. මැයි 8 පිබිදෙව්! සඳහා ඊට අදාළ දෙවන යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුණත් සඟරා දෙකම ඉදිරිපත් කළ යුතුයි. එක් ඉදිරිපත් කිරීමක් අවසානයේදී, සඟරා ලබාගත්තේ නැති ගෙවැසියෙකුට බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? නමැති පත්‍රිකාව ලබා දෙන ආකාරයද නිරූපණය කරන්න.

විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. කතාවක්. ලෝක ව්‍යාප්ත සේවය සඳහා පරිත්‍යාග කිරීමේ විධිවිධානය ගැන තොරතුරු නිවැරදිව ඉදිරිපත් කරන ආකාරය කෙටියෙන් සලකා බලන්න.—මතෙ. 24:14.

විනා. 25: “දේවවචනය සත්‍යයයි.”b සපයා තිබෙන ප්‍රශ්න යොදාගන්න. තමන්ගේ ප්‍රශ්නවලට උත්තර දීමට ප්‍රචාරකයන් බයිබලය යොදාගැනීම තමන්ට සත්‍යය ඉගෙනගැනීමට උපකාරයක් වූ ආකාරය ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. හතරවන ඡේදය සාකච්ඡා කරන විට, මුල් හමුවීමේදී බයිබලය යොදාගන්න ආකාරය දක්ෂ ප්‍රචාරකයෙකු ලවා නිරූපණය කරවන්න. මේ සඳහා “දේවිගේ වචනය හරියාකාරව පහදා දෙන්න” නමැති ලිපියේ පළ වූ යෝජනාවක් යොදාගන්න.—km 12/01 පි. 1 ඡේ. 3-4.

ගීතිකා අංක 188 සහ අවසාන යාච්ඤාව.

ජූනි 2න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 210

විනා. 10: සභා නිවේදන. ඕනෑ කරන්නේ විවරණිකාව හා දැනුම පොත ඉදිරිපත් කිරීම සඳහා 2002 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ යෝජනාවක් හෝ දෙකක් නැවත සලකා බලන්න. “අපව හඳුන්වා දිය යුත්තේ කෙසේද?” නමැති කොටස සලකා බලන්න.

විනා. 20: ගෞරවාන්විත විවාහය—දෙවි අපේ-ක්ෂා කරන දෙයකි. කතාවක් සහ සාකච්ඡාවක්. නීත්‍යනුකූලව විවාහ නොවී යුවළයන් එකට ජීවත් වීම සමහර රටවල සාමාන්‍ය දෙයකි. ප්‍රායෝගිකව මෙහි වාසි තිබෙන බව සමහරු පවසති. විවාහය දෙවි ආරම්භ කළ දෙයක් බව අවධාරණය කරමින් බයිබලයේ දෘෂ්ටිකෝණය විශේෂ කොට දක්වන්න. විවාහ නොවී එකට ජීවත් වීම වේශ්‍යාකම් කිරීමකි. (fy පි. 17) අධ්‍යයනවලින් හෙළි වන්නේ මේ සම්බන්ධයෙන් බොහෝදෙනෙකු විශ්වාස කරන දෙයට වඩා පටහැනි දෙයකි. විවාහ වීමට කලින් එකට ජීවත් වීමේදී විවාහය සාර්ථක වීමට තිබෙන ඉඩ කඩ අඩු බව අධ්‍යයනවලින් අනාවරණය වේ. ක්‍රිස්තියානීහු යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුකූලව ජීවත් වීමෙන් ඔහුව ගෞරවයට පත් කරති. මෙසේ කිරීමෙන් ඔවුහුද ප්‍රයෝජන ලබති.—යෙසා. 48:17, 18.

විනා. 15: ඔබ ප්‍රයෝජන ලබමින් සිටින්නේ කෙසේද? පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලබන සබය සමඟ සාකච්ඡාවක්. දිව්‍යාණ්ඩු සේවා පාසැල සඳහා ජනවාරි මාසයේ පටන් අපට අලුත් සැලැස්මක් හඳුන්වා දී තිබේ. මෙම පාසැලේ අලුත් අංග කිහිපයක් නැවත කෙටියෙන් සලකා බලන්න. මෙතෙක් ලබා තිබෙන ඒකාන්ත ප්‍රතිඵල කැපීපෙනෙන්න සලස්වන්න. තවත් ශිෂ්‍යයන් පාසැලට ඇතුල් වී සිටිනවාද? සහභාගි වීම සඳහා වැඩි කැමැත්තක් දකින්න තිබෙනවාද? උපදෙස් සැපයීම සම්බන්ධයෙන් තිබෙන නව සැලැස්මෙන් ශිෂ්‍යයන් ප්‍රයෝජන ලබමින් සිටින්නේ කෙසේද? මේ දක්වා තමන් පෞද්ගලිකව ප්‍රයෝජන ලබා තිබෙන ආකාරය ගැනත් මේ අලුත් වැඩසටහන අනාගතයේදී තමන්ට උපකාරවත් වන ආකාරය ගැනත් ඔවුන්ට හැඟෙන දේවල් පැවසීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 225 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න