සේවා රැස්වීම් වැඩසටහන
අප්‍රියෙල් 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 20
විනා. 15: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. හයවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් අප්‍රියෙල් 1 මුරටැඹ සහ අප්‍රියෙල් 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. අප්‍රියෙල් 8 පිබිදෙව්! සඟරාව සඳහා පළමුවන යෝජනාව යොදාගන්න. මේ සෑම ඉදිරිපත් කිරීමකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම ගෙවැසියාට ලබා දිය යුතුයි.
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 20: ‘ප්‍රදීපක ලෙස බැබළෙමු.’a වර්ෂ 1997 ජූනි 1 මුරටැඹ සඟරාවේ 14-15 දක්වා පිටුවල තිබෙන 8-13 දක්වා ඡේදවල සඳහන් තොරතුරු පදනම් කරගනිමින් ඉදිරිපත් කරන විනාඩි පහක කතාවකින් එය අවසන් කරන්න. අප රාජ්‍ය පණිවිඩය අන් අයගෙන් සඟවා නොතැබීමට හේතුද අවධාරණය කරන්න.
ගීතිකා අංක 134 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 25
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.
විනා. 15: අප්‍රියෙල් 26වනදාට යෙදී තිබෙන විශේෂ සඟරා දවස සඳහා සූදානම් වන්න. මෙයට පූර්ණ ලෙස හවුල් වීම සඳහා අමතර වෑයමක් දැරීමට සේවා අවේක්ෂක දිරිගන්වයි. සංවාද සඳහා යොදාගත හැකි අලුත් සඟරාවල තිබෙන විවිධ කරුණු ගැන සාකච්ඡා කරන්න. යොදා තිබෙන සැලසුම් ගැන සියලුදෙනාවම හොඳින් දැනුවත් කරන්න. ප්‍රසිද්ධ ස්ථානවල සමූහයක් හැටියට රැස් නොවීමටත් සේවය කිරීම සඳහා තෝරාගන්න ස්ථානවලදී විචාර බුද්ධියෙන් යුතුව ක්‍රියා කිරීමටත් සහෝදරයන්ට මතක් කරන්න.
විනා. 20: ‘එම තත්වය පිළිගන්න.’b තනිකඩව සිටින කාලය රාජ්‍ය කටයුතුවල වර්ධනය සඳහා යොදවමින් සිටින එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔවුන් කරන සේවයෙන් තෘප්තියක් ලැබීමට ඔවුන්ට උපකාරවත් වී තිබෙන දේවල් ගැන අදහස් දැක්වීමට ආරාධනා කරන්න.
ගීතිකා අංක 35 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 51
විනා. 20: සභා නිවේදන. අප්‍රියෙල් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. හයවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් අප්‍රියෙල් 15 මුරටැඹ සහ අප්‍රියෙල් 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. අප්‍රියෙල් 8 පිබිදෙව්! සඟරාව සඳහා දෙවන යෝජනාව යොදාගන්න.
විනා. 15: “සරල කරන ලද අපේ පොත් පත් බෙදාහැරීමේ විධිවිධානය.”c වැඩිමහල්ලෙක් සබයද හවුල් කරවාගනිමින් 1-4 දක්වා ප්‍රශ්නවල තිබෙන කරුණු සලකා බැලිය යුතුයි.
විනා. 20: “නැවත බැලීම් බයිබල් පාඩම්වලට මඟ පාදයි.”d සපයා තිබෙන ප්‍රශ්න යොදාගනිමින් වැඩිමහල්ලෙකු විසින් මෙහෙයවිය යුතුයි. සාකච්ඡා කරනු ලබන කරුණු තහවුරු කිරීමට ඉවහල් වන ක්ෂේත්‍ර සේවයේදී ලැබූ කෙටි අද්දැකීම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. සභා බලප්‍රදේශය තුළ බයිබල් පාඩමක් පටන්ගැනීමේදී සිදු වූ සැබෑ සිද්ධියක් පස්වන ඡේදය සාකච්ඡා කරන විට නැවත කර පෙන්වන්න.
ගීතිකා අංක 89 සහ අවසාන යාච්ඤාව.
මැයි 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 120
විනා. 10: සභා නිවේදන. වර්ෂ 2002 අපගේ රාජ්‍ය සේවාවේ අප්‍රියෙල් කලාපයේ 2වන පිටුවේ පළ වූ “අපේ ආත්මික ක්‍රියාකාරකම් කල්තියා සැලසුම් කරමු” නමැති කොටසේ දී තිබූ යෝජනා නැවත කෙටියෙන් සලකා බලන්න.
විනා. 20: ‘“දෙවිව මහිමවත් කරන්න” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව 2003.’e මෙම කොටස මෙහෙය විය යුත්තේ සභාවේ ලේකම් විසිනි. ඡේද 3-6 දක්වා තිබෙන කරුණුවලට විශේෂ අවධානයක් දිය යුතුයි. සභාව වෙනුවෙන් සමුළුවේ කටයුතු සම්බන්ධීකරණය කරන තැනැත්තා හැටියට ඔහුගේ කාර්යභාරය ලේකම් අවධාරණය කරයි. සමුළුවට යෑම සඳහා හැකි තරම් ඉක්මනින් කටයුතු පිළියෙළ කිරීම ගැන සියලුදෙනාටම උණුසුම් ලෙස ප්‍රශංසා කරන්න.
විනා. 15: සන්තෝෂය ගෙන දෙන හොඳ වාර්තාවක්. (හිතෝ. 15:30) මාර්තු සහ අප්‍රියෙල් මාසවලදී දැරූ විශේෂ වෑයම්වල ප්‍රතිඵලයක් හැටියට සභාව ඉටු කරගෙන තිබෙන දේවල් පෙන්වා දෙමින් සබය සමඟ කරන සාකච්ඡාවක්. පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් ලබා තිබෙන දිරිගන්වනසුලු අද්දැකීම් ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න. (1) සිහි කිරීමට පැමිණීම සඳහා උනන්දුව දක්වන කෙනෙකුට උපකාර කිරීම, (2) උපකාරික පුරෝගාමියෙකු හැටියට සේවය කිරීම, (3) සභාව සමඟ යළි ආත්මික ක්‍රියාකාරකම්වල හවුල් වීමට අක්‍රියාශීලී ප්‍රචාරකයෙකුව දිරිගැන්වීම, (4) ප්‍රචාරකයෙකු වීමට නවකයෙකුට උපකාර කිරීම හා (5) සිහි කිරීමට පැමිණි අයගේ උනන්දුව තවත් වැඩි කිරීම. මෙම කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීම් කිහිපයක් කලින් සූදානම් කරවන්න. සියලුදෙනාටම ප්‍රශංසා කරමින් අනාගතයේදීද මෙසේ වෑයම් දැරීමට ඔවුන්ව දිරිමත් කරන්න.
ගීතිකා අංක 126 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
e හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.