නිවේදන
◼ මාර්තු මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ ප්‍රයත්නයක් දරමින් දැනුම පොත ඉදිරිපත් කරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකෙන්ම පිටපත් ඉදිරිපත් කරන්න. ලෝක ව්‍යාප්ත සේවය සඳහා යම් පරිත්‍යාගයක් කිරීමට ගෙවැසියන් කැමති නම් ඔවුන්ට එසේ කළ හැකි බව ප්‍රචාරකයන් පැවසිය යුතුයි. උනන්දුවක් දක්වන අයව නැවත බැලීමට යන විට එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න නමැති පොත ඉදිරිපත් කිරීමට වෑයම් කරන්න. නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතුයි. විශේෂයෙන්ම දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව දැනටමත් පාඩම් කර තිබෙන පුද්ගලයන් සමඟ එම පොතත් පාඩම් කිරීමට වෑයම් කරන්න. ජූනි: දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. දැනටමත් මෙම ප්‍රකාශන ගෙවැසියන් ළඟ තිබේ නම් සභාවේ පොත් පත් තොගයෙහි තිබෙන සුදුසු විවරණිකාවක් ඉදිරිපත් කරන්න.
◼ අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමි සේවය කරන්න බලාපොරොත්තු වන ප්‍රචාරකයන් දැන්ම තමන්ගේ කටයුතු සැලසුම් කරගෙන කල් වේලා ඇතුව තමන්ගේ අයදුම්පත බාර දිය යුතුයි. මෙසේ කිරීම ක්ෂේත්‍ර සේවය සඳහා අවශ්‍ය කටයුතු පිළියෙළ කිරීමටත් ඇති තරම් සඟරා හා පොත් පත් ප්‍රමාණයක් සභාව සතුව තබාගැනීමටත් වැඩිමහල්ලන්ට උපකාරවත් වෙයි. උපකාරික පුරෝගාමි සේවය කිරීමට අනුමැතිය ලැබූ සියලුදෙනාගේම නම් සෑම මාසයකදීම නිවේදනය කළ යුතුයි.
◼ ශාඛා කාර්යාලයෙන් පෞද්ගලිකව පොත් පත් ඉල්ලුම් කර ලබාගත නොහැක. සභාවේ මාසික පොත් පත් ඉල්ලුම සමිතියට යවන්න කලින් සෑම මාසයකම නිවේදනයක් ඉදිරිපත් කිරීමට මුලසුන භාර අවේක්ෂක කටයුතු පිළියෙළ කළ යුතුයි. මෙමගින් පෞද්ගලිකව අවශ්‍ය කරන පොත් පත් ලබාගැනීමට වුවමනා කරන සියලුදෙනාටම ඒ බව පොත් පත් අංශය භාර සහෝදරයාට දැනුම් දීමට හැකි වේ. විශේෂ ඉල්ලුම් අයිතමවලට අයත් ප්‍රකාශන මොනවාද කියා කරුණාකර මතක තබාගන්න.
◼ අපගේ රාජ්‍ය සේවාවේ මෙම කලාපය සමඟ “පාලක මණ්ඩලයෙන් ලිපියක්” යන්නද එවා ඇත. මෙම ලිපිය 2003 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ (සිංහලෙන් නැත) මුලම දැකිය හැකියි. වාර්ෂික පොත සියලුම භාෂාවලින් නැති නිසා මෙම ලිපිය පරිවර්තනය කොට අපගේ රාජ්‍ය සේවාව සමඟ සපයා ඇත. මාර්තු 10න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීමේදී එය සලකා බැලීමට නියමිතයි.