යෙහෝවාට ළං වන්න ඉදිරිපත් කිරීම සඳහා යෝජනා
◼ බයිබලය අතේ තබාගෙන මෙසේ කියන්න: “දෙවි කෙරෙහි විශ්වාස කරන බොහෝදෙනෙක් කැමතියි ඔහුට ළං වෙන්න. ඔබ දැනගෙන සිටියාද දෙවි ඔහුට ළංවීමට අපට ආරාධනා කරනවා කියලා? [යාකොබ් 4:8 කියවන්න.] මෙම ප්රකාශනය පිළියෙළ කර තිබෙන්නේ දෙවිට ළංවීම සඳහා මිනිස්සුන්ට තමන්ගේ බයිබලය පාවිච්චි කිරීමට උදව් කරන්නයි.” දැන් 16වන පිටුවේ සඳහන් 1වන ඡේදය කියවන්න.
◼ බයිබලය අතේ තබාගෙන මෙසේ කියන්න. “අද දින අයුක්තිය හාත්පස පැතිරිලා. ඒක හරියට මේ පදයේ විස්තර කරලා තියෙනවා වගේ. [දේශනාකාරයා 8:9ආ කියවන්න.] හුඟක් අය කල්පනා කරනවා ඇත්තටම දෙවි සැලකිල්ලක් දක්වනවාද කියලා. [දැන් 119 වන පිටුවේ 4වන ඡේදයේ මුල් වාක්ය දෙක කියවන්න.] මේ පරිච්ඡේදයේ පැහැදිලි කරනවා ඇයි දෙවි යම් කලකට අයුක්තියට ඉඩ දීලා තියෙන්නේ කියලා.”