ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/03 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
2003 අපගේ රාජ්‍ය සේවාව
km 1/03 3 පි.

නිවේදන

◼ ජනවාරි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: සභා පොත් ගබඩාවේ ඇති 1998 වසරට පෙර පළ කරන ලද පිටු 192කින් යුත් ඕනෑම පොතක්. දෙවිව සොයා මිනිසා කරන ගවේෂණය නමැති පොත (සිංහලෙන් නැත) තම ගබඩාවේ ඇති සභාවන්ට එය ඉදිරිපත් කළ හැකියි. පෙබරවාරි: යෙහෝවාට ළං වන්න. මෙම පොත තම පොත් ගබඩාවේ නැති සභාවන්ට මැවුම්කරු පොත හෝ එළිදරව්ව උච්චාවස්ථාව පොත විකල්පයක් හැටියට ඉදිරිපත් කළ හැකියි. මාර්තු: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම, නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ ප්‍රයත්නයක් දරනු ලැබේ. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකෙන්ම පිටපත් ඉදිරිපත් කරන්න. උනන්දුව දක්වන පුද්ගලයන්ව නැවත බැලීමට යන විට, එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න පොත බෙදා දීම වෙත අවධානය යොමු කරන්න. යම් පුද්ගලයන් දැනටමත් දැනුම පොත සහ ඕනෑ කරන්නේ විවරණිකාව පාඩම් කර තිබේ නම්, මෙම පොතෙන් නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීමට සෑම උත්සාහයක්ම දැරිය යුතුයි.

◼ මාර්තු 2වෙනිදා පටන් චාරිකා අවේක්ෂකයන්ගේ නව ප්‍රසිද්ධ කථාවේ තේමාව වනු ඇත්තේ, “අන්ධකාර ලෝකයකින් ගැලවීම” යන්නයි.

◼ මේ අවුරුද්දේ අප්‍රියෙල් 16වන බදාදා හිරු බැස යෑමෙන් පසුව සිහි කිරීමේ උත්සවය පැවැත්වීම සඳහා බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි විධිවිධාන සභාවන් යෙදිය යුතුයි. කතාව වේලාසනින් ආරම්භ කළ හැකි වුවත් සිහි කිරීමේ සංකේත අතිනත යැවීම හිරු බැස යන තෙක් සිදු නොකළ යුතුයි. ශ්‍රී ලංකාවේ අප්‍රියෙල් 16වනදා හිරු බැස යෑම සිදු වනු ඇත්තේ ප.ව. 6.49ටය. සෑම සභාවක්ම සිහි කිරීමේ උත්සවය වෙන වෙනම පැවැත්වීම හොඳ දෙයක් වුවත් මෙය සැමවිටම කළ නොහැකි දෙයක් විය හැකියි. සභා කිහිපයක් එකම රාජ්‍ය ශාලාව පාවිච්චි කරන විට සභාවන් එකකට හෝ ඊට වැඩි ගණනකට සිහි කිරීමේ උත්සවය පැවැත්වීම සඳහා සමහරවිට වෙනත් ස්ථානයක් තෝරාගත හැකියි. එකම ශාලාවේ සිහි කිරීමේ උත්සව එකකට වැඩියෙන් පවත්වන විට හැකිකමක් තිබෙන ස්ථානවල වැඩසටහන් දෙක අතර අඩුම තරමින් විනාඩි 40කවත් කාල පරතරයක් තබාගන්න කියා යෝජනා කරන්න කැමැත්තෙමු. සිහි කිරීමට පැමිණෙන අයව ගෙන ඒම හා ආපසු ගෙන යෑම ඇතුළුව රථ වාහන හසුරුවන ආකාරය ගැනද සැලකිල්ල දැක්විය යුතුයි. තමන්ගේ සභාවට යෝග්‍යතම සැලසුම් මොනවාද කියා වැඩිමහල් මණ්ඩලය තීරණය කළ යුතුයි.

◼ මේ කලාපය සමඟින්, අලුතෙන් ලබාගත හැකි ප්‍රකාශන අපගේ රාජ්‍ය සේවාවේ තවදුරටත් දකින්නට ලැබෙන්නේ නැත. “සියලු සභාවලට නිවේදන” සමඟින් මෙම තොරතුරු සභාවන්වලට දිගටම යවනු ලබනවා ඇත. මතක් කිරීමක් වශයෙන්, “සියලු සභාවලට නිවේදන” ලැබුණු වහාම, ඔබේ සභාවේ සාමාජිකයන් තුළ උනන්දුවක් ඇති කළ හැකි අයිතම ගැන ඊළඟ සේවා රැස්වීමේදී නිවේදනය කළ යුතුයි. අනතුරුව මෙම නිවේදන දැන්වීම් පුවරුවේ දැමිය හැකියි. ඉන්පසු, පොත් පත් අංශය භාර සහෝදරයා එය තමන්ගේ ලිපි ගොනුවේ තබාගත යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න