සේවා රැස්වීම් වැඩසටහන
නොවැම්බර් 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 183
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් නොවැම්බර් 1 මුරටැඹ සහ නොවැම්බර් 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. නොවැම්බර් 8 පිබිදෙව්! සඳහා පළමුවන යෝජනාව යොදාගන්න. අපේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා මුදල් ලැබෙන්නේ කොහොමද කියා එක් නිරූපණයකදී පැහැදිලි කරන්න.—මුරටැඹ සඟරාවේ 2වන පිටුව හෝ පිබිදෙව්! සඟරාවේ 5වන පිටුව බලන්න.
විනා. 15: සැබෑ නමස්කාරයට අත හිත දෙන්නෝ—එදා සහ අද. වර්ෂ 2002 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 26-30 දක්වා පිටු පදනම් කරගත් කතාවක්.
විනා. 20: “ඔබේ සභා පොත් පාඩම් අවේක්ෂකට සහාය වන්න.”a මෙම කොටස මෙහෙයවිය යුත්තේ සභා පොත් පාඩම් අවේක්ෂකයෙකු ලෙස කටයුතු කරන වැඩිමහල්ලෙක් විසිනි. තුන්වන ඡේදය සාකච්ඡා කරද්දී සේවා පාසැල් පොතේ 70වන පිටුවෙන් ගත් අදහස්ද ඇතුළත් කරන්න. සභාවේ සිටින අය පොත් පාඩම් විධිවිධානයට සහයෝගය දක්වන ආකාර පැසසුමට ලක් කරමින් දියුණු විය යුතු පැති කෙරෙහි කාරුණිකව අවධානය යොමු කරන්න.
ගීතිකා අංක 114 සහ අවසාන යාච්ඤාව.
නොවැම්බර් 18න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 78
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව. “ඔබ බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා අලුත් මෙවලම පාවිච්චි කරමින් සිටිනවාද?” නමැති කොටුව සාකච්ඡා කරන්න. මේ පත්‍රිකාවේ ප්‍රමාණවත් සැපයුමක් ලබාගැනීමට සියලුම ප්‍රචාරකයන්ව දිරිමත් කරන්න.
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. සුදුසුකම් ලත් වැඩිමහල්ලෙක් කරන කතාවක්.
විනා. 25: “ගෘහමූලිකයෙනි—හොඳ ආත්මික දිනචර්යාවක් පවත්වාගන්න.” ඡේද 1-3 දක්වා තිබෙන කරුණු පදනම් කරගත් කෙටි හැඳින්වීමකින් පසු ඡේද 4-13 දක්වා සබය සමඟ සාකච්ඡාවක් ලෙස කරන්න. කාලය තිබෙන විදිහට 7, 8, 11 සහ 12 යන ඡේද කියවන්න. දෙමාපියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ කරන සම්මුඛ සාකච්ඡාවක්ද මෙයට ඇතුළත් කරන්න. ආත්මික ක්‍රියාකාරකම් දිනපතා යම් කාලසටහනකට අනුව කරගෙන යෑමට ඔවුන්ගේ පවුලට උපකාරවත් වී තිබෙන්නේ කුමක්ද? මේ සඳහා මොන වගේ වෑයම් දරා තිබෙනවාද? ඔවුන් ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේද? දහහතරවන ඡේදය පදනම් කරගෙන කෙටියෙන් අදහස් දක්වමින් අවසන් කරන්න.
ගීතිකා අංක 31 සහ අවසාන යාච්ඤාව.
නොවැම්බර් 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 16
විනා. 10: සභා නිවේදන. ක්ෂේත්‍ර සේවයේ එකට වැඩ කරන විවාහක යුවළක් නොවැම්බර් 15 සහ නොවැම්බර් 8 සඟරා ඉදිරිපත් කිරීමේදී අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගන්න ආකාරය නිරූපණය කරති. (නොවැම්බර් 8 පිබිදෙව්! සඟරාව සඳහා දෙවන යෝජනාව යොදාගන්න.) ස්වාමිපුරුෂයා මුරටැඹ සඟරාව ඉදිරිපත් කරන අතර භාර්යාව පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරයි.
විනා. 15: “යේසුස් ගැන සත්‍යය දන්වන්න.”b සේවා පාසැල් පොතේ 278වන පිටුවේ සඳහන් අදහස්ද ඇතුළත් කරන්න. ඊළඟ සතියේ සේවා රැස්වීමේදී සලකා බලන “ජීවිතයේ වැදගත්ම දෙයට අපව සන්නද්ධ කරන පාසැලක්” නමැති කොටස සඳහා මෙම පාඩම් පොත රැගෙන ඒමට සියලුදෙනාවම දිරිගන්වන්න.
විනා. 20: “‘පියා නැත්තන්ට’ ප්‍රේමණීය සැලකිල්ල දක්වන්න.” පළමුවන ඡේදය පදනම් කරගෙන යෙහෝවා පියා නැති දරු දැරියන්ව සලකන ආකාරය ගැන කෙරෙන මිනිත්තු තුනක කතාවකින් ආරම්භ කරන්න. ලිපියේ ඉතිරි කොටස් ප්‍රශ්නෝත්තර ක්‍රමයට සලකා බලන්න. අනිත් අයට උපකාර හා දිරිගැන්වීම් සැපයිය හැකි ප්‍රායෝගික ආකාර විශේෂ කොට දක්වන්න. ඡේද 3-4 දක්වා සාකච්ඡා කරද්දී 1995 ඔක්තෝබර් 8 පිබිදෙව්! (සිංහලෙන් නැත) සඟරාවේ 8-9 දක්වා පිටුවලින් ගත් අදහස්ද ඇතුළත් කරන්න.
ගීතිකා අංක 142 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 213
විනා. 8: සභා නිවේදන. නොවැම්බර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත ඉදිරිපත් කිරීමේදී යොදාගත හැකි ඉදිරිපත් කළ හැකි එක් ආකාරයක් කෙටියෙන් සලකා බලන්න.—1998 ජූනි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුව බලන්න.
විනා. 12: “සරල කර තිබෙන අපේ පොත් පත් බෙදාහැරීමේ විධිවිධානය.”c මේ කොටස මෙහෙයවිය යුත්තේ සුදුසුකම් ලත් වැඩිමහල්ලෙක් විසිනි.
විනා. 25: “ජීවිතයේ වැදගත්ම දෙයට අපව සන්නද්ධ කරන පාසැලක්.” පාසැල් අවේක්ෂක විසින් සබය සමඟ කරන සාකච්ඡාවක්. ජනවාරි මාසයේ පටන්ගන්න අලුත් පාසැල් වැඩසටහන සඳහා උද්‍යෝගයක් ගොඩනඟන්න. වසර 2002 ඔක්තෝබර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ “2003 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන” නමැති කොටසේ විශේෂ දේවලට අවධානය යොමු කරන්න. සේවා පාසැල් පොතේ 282වන පිටුවේ සඳහන් පරිදි පාසැලට සම්බන්ධ වීම සඳහා තිබෙන සුදුසුකම් සඳහන් කරන්න. තවමත් පාසැලට ඇතුළත් වී නැති අයට ඒ සඳහා සුදුසුකම් අත් කරගැනීමට දිරිගන්වන්න.
ගීතිකා අංක 127 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.