සේවා රැස්වීම් වැඩසටහන
සැප්තැම්බර් 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 209
විනා. 13: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් සැප්තැම්බර් 1 මුරටැඹ සහ සැප්තැම්බර් 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා පළමු යෝජනාව යොදාගන්න. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මම කැමති නැහැ” කියමින් සවන් දීමට අකමැත්ත ප්‍රකාශ කරන අවස්ථාවලදී එයට මුහුණ දිය හැකි එකිනෙකට වෙනස් ආකාර එක් එක් නිරූපණවලින් පෙන්වන්න.
විනා. 17: “යෙහෝවාට ගෞරව කිරීමට අන් අයට උපකාර කරමු.”a කාලය තිබෙන විදිහට මතු දැක්වෙන කාරණා සේවයේදී සාකච්ඡා කළ හැකි ආකාරය ගැන ප්‍රායෝගික කරුණු සඳහන් කරන්න. [1] දෙවිගේ නම දැනගෙන සිටීම හා භාවිත කිරීම වැදගත් වන්නේ ඇයි? නික්. 3:15; යෙසා. 12:4; එස. 38:17, 23; මලා. 3:16; යොහ. 17:26; ක්‍රියා 15:14 [2] යෙහෝවා කියන්නේ “පරණ ගිවිසුමේ” සඳහන් කෙනෙක්ද? යේසුස් කියන්නේ “අලුත් ගිවිසුමේ” සඳහන් කෙනෙක්ද? මතෙ. 4:10; යොහ. 8:54; ගීතා. 110:1; පිලි. 2:9-11 [3] යෙහෝවාට භය වන අතරේදී ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇති කරගන්න යමෙකුට පුළුවන් කොහොමද? ලූක් 10:27; 1 පේතෘ. 2:17.
විනා. 15: ඇදහිල්ලේ ඌනතාවක් තිබෙන්නේ මන්ද? සබය සමඟ සාකච්ඡාවක්. එතරම් ඇදහිල්ලක් නැති ජනයාව අපට නිතර හමු වෙනවා. (2 තෙස. 3:2) යෙහෝවා ගැන සත්‍යය ඔවුන් සමඟ කතා කිරීමේදී අප මුලින්ම කළ යුත්තේ, දෙවි ගැන ඔවුන් සිතන දෙය කෙරෙහි බලපා ඇත්තේ මොනවාද කියා නිශ්චය කරගැනීමට වෑයම් කිරීමයි. දෙවි කෙරෙහි ඇදහිල්ල ඇති කරගැනීමේදී ජනයාට බාධාවක් ඇති කරවන මතු දැක්වෙන කරුණු හතර සැලකිල්ලට ගන්න. [1] බයිබලය ගැන නිවැරදි දැනුමක් නොමැතිකම [2] ආගම ගැන කලකිරීම [3] දෙවි දුෂ්ටකම පවතින්න ඉඩහැර තිබීම තේරුම් නොගෙන සිටීම [4] මාංසික ආශාවන් හා ආකල්පවලින් යටපත් වී සිටීම. මේ එක් එක් අවස්ථාවට ගැළපෙන හොඳ එළඹීම් යෝජනා කිරීමට සබයට ආරාධනා කරන්න. බලපෑමෙන් යුත් එළඹීමක් ගැන අද්දැකීම් ඉදිරිපත් කරන්න. නැත්නම් 1993 අගෝස්තු 22 පිබිදෙව්! (සිංහලෙන් නැහැ) සඟරාවේ පිටු 14-15 දක්වා තිබෙන අද්දැකීම විස්තර කරන්න.
ගීතිකා අංක 122 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 163
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව. ඊළඟ සතියේ පවත්වන සේවා රැස්වීමට සූදානම් වීමක් හැටියට පසුගිය චාරිකා එක්රැස්වීමේදී තමන් ගත් සටහන් බලාගෙන එන්න සියලුදෙනාවම දිරිමත් කරන්න.
විනා. 18: අපි පසුගිය අවුරුද්දේ ඉටු කරගත්තේ මොනවාද? සේවා අවේක්ෂක විසින් ඉදිරිපත් කරන කතාවක්. 2002 සේවා වසරේ සභා වාර්තාවේ කැපීපෙනෙන අංග සලකා බලන්න. ඉටු කරගෙන තිබෙන යහපත් දේවල් ගැන සෑම කෙනෙකුටම ප්‍රශංසා කරන්න. රැස්වීම්වලට පැමිණීම, නැවත බැලීම් හා බයිබල් පාඩම් කිරීම, උපකාරික පුරෝගාමී සේවය කිරීම සම්බන්ධයෙන් සභාව අත් කරගෙන තිබෙන ප්‍රගතිය ගැන වැඩි අවධානයක් දෙන්න. ඒත් සමඟම දියුණු වීමට ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන්න. නව සේවා වසර සඳහා අත් කරගත හැකි ඉලක්ක තබන්න.
විනා. 17: තනි මාපියන් මුහුණ දෙන අභියෝග. තනි මාපියන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ වැඩිමහල්ලෙක් සම්මුඛ සාකච්ඡාවක් කරයි (මෙම මාපියන් තම කලත්‍රයා සාක්ෂිකරුවෙකු නොවන අයද විය හැකියි). තමන්ගේ දරුවන්ව පුහුණු කිරීමේදී, හික්මවීමේදී හා ඔවුන්ට ආත්මික මඟ පෙන්වීම සැපයීමේදී මුහුණ දීමට සිදු වන ගැටලු සමඟ එම තනි මාපියන් සාර්ථකව කටයුතු කරන ආකාරය මෙහිදී සලකා බලන්න. පවුලේ වගකීම් ඉටු කරන අතරේදී නිතිපතා රැස්වීම්වලට හා ක්ෂේත්‍ර සේවයේ යෑමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ කෙසේද? පවුලේ සන්තෝෂය පොතේ 104-110 දක්වා පිටුවල තිබෙන යෝජනා කිහිපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරවන්න. මෙම පොතේ 113-115 දක්වා පිටුවල පෙන්වා දී තිබෙන පරිදි අනිත් අයට උපකාර කළ හැකි ප්‍රායෝගික ආකාර සඳහන් කරන්න.
ගීතිකා අංක 149 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 107
විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් සැප්තැම්බර් 15 මුරටැඹ සඟරාව ඉදිරිපත් කරන ආකාරය වැඩිමහල්ලෙකු ලවා නිරූපණය කරන්න. සැප්තැම්බර් 8 පිබිදෙව්! සඟරාව සඳහා දී තිබෙන දෙවන යෝජනාව සභා සේවකයෙකු ලවා නිරූපණය කරන්න. ගෙවැසියාගේ උනන්දුව පුබුදුවාලීම සඳහා යොදාගත් මුල් වාක්‍ය දෙක තුන, එක් එක් නිරූපණයෙන් පසු නැවත සඳහන් කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 25: “දෙවිට භය වී ඔහුට ගෞරවය දෙන්න.” (එළි. 14:7) පසුගිය සේවා වසරේදී පවත්වන ලද චාරිකා එක්රැස්වීම් වැඩසටහනේ කරුණු නැවත සලකා බලමින් කරන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. තමන් ඉගෙනගත් මූලික කරුණු ගැනත් ඒවා පෞද්ගලිකව හෝ පවුල් හැටියට අදාළ කරගැනීමට තමන්ට හැකි වී තිබෙන ආකාරය ගැනත් අදහස් දැක්වීමට සභාවට ආරාධනා කරන්න. (කලින් කොටස් පැවරිය හැකියි.) වැඩසටහනේ තිබූ පහත කරුණු විශේෂ කොට දක්වන්න. (1) “දේවභය වර්ධනය කරගැනීමට නවකයන්ට උපකාර කරන්න.” සිහි කිරීමට පැමිණි උනන්දුව දක්වන අයට සත්‍යයේ දියුණු වීමටත් යෙහෝවාගේ ක්‍රියාශීලී සේවකයන් බවට පත් වීමටත් අපට උපකාර කළ හැක්කේ කෙසේද? (2) “යෙහෝවාට භයවීම යනු නපුරට ද්වේෂ කිරීමයි.” (wSN87 5/1 27-29) යෙහෝවා පිළිකුල් කරන දේවල් වන උඩඟුකම, බොරු කීම, ද්‍රව්‍යවාදය, නුසුදුසු විනෝදාස්වාදයන්, අන්තර්ජාලය අනිසි භාවිතය යනාදියෙන් වැළකී සිටීමට හිතෝපදේශ 6:16-19හි පවසන දෙය අපට උපකාරවත් විය හැක්කේ කෙසේද? (3) “ඔබ ප්‍රේම කරන අයට තව තවත් ළං වන්න.” අපි යෙහෝවාට, යේසුස්ට, පවුලේ සාමාජිකයන්ට හා සභාවේ සිටින අයට ප්‍රේමය පෙන්වනවා. මේ අයට ළංවීම අපට ලෝකයෙන් ආරක්ෂා වීමට උපකාරවත් වන්නේ කෙසේද? (4) “මිනිසුන්ට නොව, යෙහෝවාට භය වන්න.” දේශනා සේවයේදී දැනෙන බයාදු ගතිය නැති කරගැනීමට, රැකියා ස්ථානයේදී හා පාසැලේදී දේවප්‍රතිපත්ති රැකීමට, රැස්වීම්වලට, එක්රැස්වීම්වලට හා සමුළුවලට යෑමට නොහැකි වන ලෙස ඔබේ ස්වාමියාගෙන් එල්ල වන පීඩනවලට හසු නොවී සිටීමට, යෙහෝවාව අසතුටු කරන්න තිබෙන බිය උපකාරවත් වී තිබෙන්නේ කෙසේද? (5) “දෙවිගේ ගෞරවය පිණිස සියල්ල කරන්න.” (ගීතා. 119:37; හෙබ්‍රෙ. 4:13) පමණ ඉක්මවා මත්පැන් පානය කිරීමෙන්, කාමුක දර්ශන නැරඹීමෙන් හා වෙනත් රහසිගත පාප කිරීමෙන් දේවභය අපව වළක්වන්නේ මන්ද? (6) “යෙහෝවාට භයෙන් යුතුව දිගටම ගමන් කරන්න.” යෙහෝවාගේ ආත්මය ඔබේ ජීවිතය තුළ පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමට ඉඩහැරීම නිසා යෙහෝවා ඔබට ආශීර්වාද කර තිබෙන්නේ කෙසේද?—ගීතා. 31:19; 33:18; 34:9, 17; 145:19.
ගීතිකා අංක 171 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 116
විනා. 15: සභා නිවේදන. සැප්තැම්බර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. “රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ වැඩසටහන ඉදිරියට ඇදෙයි” නැමති කොටසද සාකච්ඡා කරන්න.
විනා. 15: අපේ සඟරා අද්විතීය වන්නේ මන්ද? කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. ඔක්තෝබර් මාසයේදී අපි විශේෂයෙන් ඉදිරිපත් කරන්නේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරායි. අපේ සඟරා අද්විතීය වීමට බලපාන පහත සඳහන් හේතු සාකච්ඡා කරන්න. (1) ඒවා යෙහෝවාගේ නාමය මහිමවත් කරයි. (2) යේසුස් කෙරෙහි ඇදහිල්ල ගොඩනඟා ගැනීමට ඒවායින් දිරිගැන්වීමක් ලැබෙයි. (3) ඒවා දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කරයි. (4) ඒවා අවසාන බලතලය වශයෙන් බයිබලය වෙත අවධානය යොමු කරයි. (5) ඒවා බයිබල් අනාවැකිවල ඉටුවීම ගැන පැහැදිලි කරයි. (6) ලෝකයේ සිදු වන දේවල සැබෑ අරුත පැහැදිලි කරයි. (7) අද තිබෙන ගැටලු සමඟ සාර්ථකව කටයුතු කරන ආකාරය ඒවා පෙන්වා දෙයි. (8) ඒවා සෑම තරාතිරමක සිටින ජනයාගේ සිත් ගනී. (9) ඒවා දේශපාලනික වශයෙන් මධ්‍යස්ථයි. සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා ඉහත සඳහන් කරුණුවලින් එකක් යොදාගත හැකි ආකාරය පෙන්වන කෙටි නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න.
විනා. 15: “දිව්‍යාණ්ඩු කටයුතු සඳහා යොදවන සම්පත් අගය කරමු.”b වැඩිමහල්ලෙක් විසින් මෙහෙයවිය යුතුයි. මේ කාරණය සම්බන්ධයෙන් සභාවේ නිරීක්ෂණය කර තිබෙන දේවල් ගැනත් අපේ පොත් පත් සඟරා නැණවත් ලෙස පාවිච්චි කිරීම සඳහා සභාවට කළ හැකි දේවල් ගැනත් අදහස් දක්වන්න. පොත් පත් සඟරා ලබාගන්න විට ඇත්තටම තමන්ට අවශ්‍ය කරන ප්‍රමාණය පමණක් ලබාගන්න කියා සියලුදෙනාගෙන්ම ඕනෑකමින් ඉල්ලා සිටින්න. ලෝක ව්‍යාප්ත සේවය සඳහා මුදලින් සම්මාදම් කිරීම අනගි වරප්‍රසාදයක් බව මතක තබාගන්න.—වර්ෂ 1996 නොවැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 3වන පිටුවේ පළ වූ “අන්‍යයන්ගේ අවශ්‍යතා අනුව ඔවුන් සමඟ බෙදාගන්න” නමැති ලිපිය බලන්න.
ගීතිකා අංක 21 සහ අවසාන යාච්ඤාව.
ඔක්තෝබර් 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 129
විනා. 10: සභා නිවේදන.
විනා. 15: පාසැලේදී සත්‍යය වෙනුවෙන් නොසැලෙන ස්ථාවරයක සිටීම. පන්තියේ සිටින නොඇදහිලිවන්ත සිසුන් සමඟ ඇසුර සීමා කරගැනීමේ අවශ්‍යතාව වටහාගෙන සිටින පාසැල් යන යෞවනයෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. ජාතිවාදී හැඟීම් අවුස්සන උත්සව, පාසැල් නැටුම් හා සිසුන් සංවිධානය කරන පෙළපාලි, පාසැල් විෂයන්ට බාහිරව තිබෙන ක්‍රීඩා සහ අපවිත්‍ර හැසිරීම යනාදිය මගින් ඇති කරන ගැටලු හා ආකර්ෂණයන් සමඟ කටයුතු කිරීමට ඔවුන් සැලසුම් කරන්නේ කෙසේද? පාසැලේදී ඔවුන් සාක්ෂි දරන ආකාරය ගැනද අදහස් විමසන්න.
විනා. 20: “‘නිෂ්ඵල දේවල්’ ලුහුබැඳීමෙන් වළකින්න.”c හතරවන ඡේදය සාකච්ඡා කිරීමෙන් පසු 1999 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ අතිරේකයේ 30-32 දක්වා ඡේදවලින් ගත් අදහස්ද ඇතුළත් කරන්න. පස්වන ඡේදය සාකච්ඡා කරද්දී 1994 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ 8වන පිටුවේ තිබෙන කොටුවේ අදහස්ද ඇතුළත් කරන්න. හයවන ඡේදය සමඟ 1999 නොවැම්බර් රාජ්‍ය සේවාවේ පළ වූ අතිරේකයේ 18වන ඡේදයද කියවන්න.
ගීතිකා අංක 105 සහ අවසාන යාච්ඤාව.
(මතු සම්බන්ධයි පි.7, තීරු 1)
සේවා රැස්වීම් වැඩසටහන (පෙර සම්බන්ධයි)
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.