ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/02 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • අගෝස්තු 12න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 19න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 26න් පටන්ගන්නා සතිය
  • සැප්තැම්බර් 2න් පටන්ගන්නා සතිය
2002 අපගේ රාජ්‍ය සේවාව
km 8/02 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

සැලකිල්ලට ගන්න: සෑම සතියකම පවත්වන සේවා රැස්වීම සඳහා වැඩසටහනක් අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් වෙයි. නමුත්, “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” නමැති දිස්ත්‍රික් සමුළුවට යෑම සඳහා එම සතියට නියමිත වැඩසටහනෙහි අවශ්‍ය පරිදි සකස් කිරීම් කරන්න සභාවන්ට හැකියි. සුදුසුයි කියා පෙනී යනවා නම් සමුළුවට කලින් පවත්වන සේවා රැස්වීමෙන් විනාඩි 15ක් පසුගිය මාසයේ අතිරේකයේ සඳහන් සභාවට අදාළ උපදෙස් නැවත සලකා බැලීමට වෙන් කළ හැකියි. ඔක්තෝබර් මාසයේදී පවත්වනු ලබන සේවා රැස්වීමකදී සමුළුවේ කතාවල විශේෂාංග නැවත සලකා බැලීමට නියමිතයි. මේ සාකච්ඡාවට සූදානම් වීම සඳහා සමුළුවේ සිත්ගත් කරුණු සටහන් කරගැනීමට අප සියලුදෙනාටම හැකියි. මෙම කරුණු පෞද්ගලිකව අපේ ජීවිතවලට මෙන්ම දේවසේවයේදී අදාළ කරගත හැකි ආකාරය එම සටහන්වලට ඇතුළත් කරගත හැකියි. සමුළුවේදී සටහන් කරගත් එම යෝජනා සමුළුවට ගිය දා සිට අපි අදාළ කරගෙන තිබෙන ආකාරය පැහැදිලි කිරීමට අපට පුළුවන්. තමන්ට සවන් දෙන්න ලැබුණු කදිම ඉගැන්වීම්වලින් තමන් ප්‍රයෝජන අත් කරගෙන තිබෙන ආකාරය ගැන එක් එක්කෙනා පවසන දේවලට සවන් දීමෙන් සෑම කෙනෙක්ම දිරිගැන්වෙනවාට සැකයක් නැහැ.

අගෝස්තු 12න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 76

විනා. 13: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් අගෝස්තු 1 මුරටැඹ සහ අගෝස්තු 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. පිබිදෙව්! සඳහා පළමු යෝජනාව යොදාගන්න. “ඔයාලාගේ අය හැම තිස්සේම මේ ප්‍රදේශයේ දේශනා කරන්න එන්නේ ඇයි?” කියමින් සවන් දීමට අකමැත්ත ප්‍රකාශ කරන අවස්ථාවලදී එයට මුහුණ දිය හැකි එකිනෙකට වෙනස් ආකාර ඒ එක් එක් නිරූපණවලින් පෙන්වන්න.

විනා. 20: “ආත්මික ඉලක්ක තබාගන්න.”a පස්වන ඡේදය සාකච්ඡා කරද්දී, ස්ථාවර පුරෝගාමී සේවය, මිෂනාරි සේවය හා බෙතෙල් සේවය ගැන අපගේ දේවසේවය පොතේ 114-16 දක්වා පිටුවල තිබෙන කරුණු පදනම් කරගනිමින් දිරිගන්වනසුලු අදහස් ඉදිරිපත් කරන්න.

විනා. 12: සභාවේ අද්දැකීම්. බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? නමැති පත්‍රිකාව බෙදාහැරීමේදී තමන් ලැබූ අද්දැකීම් ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න. එය ඉදිරිපත් කිරීමෙන් බයිබල් පාඩම් පටන්ගෙන තිබෙනවාද? එහෙම නම්, කෙසේද කියා පැහැදිලි කරන්න. නැත්නම් පාඩම පටන්ගත් ආකාරය නැවත නිරූපණය කර පෙන්වන්න. වර්ෂ 2001 දෙසැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 4වන පිටුවේ පළ වූ “පත්‍රිකාව බෙදා දීමට හැකි අවස්ථා” නමැති කොටුව නැවත සලකා බලන්න.

ගීතිකා අංක 123 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 19න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 182

විනා. 12. සභා නිවේදන. ගිණුම් වාර්තාව. “නව විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන” නමැති කොටස සාකච්ඡා කරන්න. ඊළඟ විශේෂ එක්රැස්වීම් දිනය පත්වනු ලබන දවස නිවේදනය කර, වේලාසනින් පැමිණීමටත් මුළු වැඩසටහනටම හොඳ අවධානයක් දීමටත් සියලුදෙනාවම දිරිමත් කරන්න. උනන්දුව දක්වන අලුත් අයට හා බයිබල් ශිෂ්‍යයන්ට ආරාධනා කිරීම සඳහා ප්‍රචාරකයන්ව දිරිමත් කරන්න.

විනා. 15: ඔවුන්ව වළක්වන්නේ කුමක්ද? සබය සමඟ සාකච්ඡාවක් සහ නිරූපණ. තමන්ගේ විශ්වාසයන් ගැන සාකච්ඡා කරන්න අකමැත්තක් දක්වන අයව අපට දේවසේවයේදී හමු වෙනවා. මෙය සාමාන්‍ය දෙයක්. රාජ්‍යයේ පණිවිඩය අන් අය සමඟ බෙදාගැනීමෙන් අපව වැළැක්වීමට එය හේතුවක් විය හැකියි. අප සමඟ සාකච්ඡා කිරීමෙන් යමෙකු වැළකී සිටින්නේ ඇයි කියා අප තේරුම්ගත්තොත් එම පුද්ගලයාව සාකච්ඡාවට හවුල් කරවාගැනීම සඳහා සුදුසු එළඹීමක් අපට සූදානම් කරගන්න පුළුවන්. පහත සඳහන් ආකාරයේ පුද්ගලයන්ව අපට හමු වන අවස්ථාවලදී අපේ ඉදිරිපත් කිරීම සකස් කරගත හැකි ආකාර සාකච්ඡා කරන්න. (1) තමන්ගේ ආගම ඇතුළු වෙනත් ආගම් ගැන කතා කරන්න මැළිකමක් දක්වන අය. (2) ඔවුන්ගේ පවුල්වල අය හෝ මුතුන්මිත්තන් කරගෙන ආ ආගමික චාරිත්‍ර වාරිත්‍රවලට චිත්තවේගීයව ඇලී සිටින අය. (3) තමන්ගේ ආගමික විශ්වාසයන් තහවුරු කිරීමට ශුද්ධ ලියවිලිමය හේතු එතරම් නොමැති නිසා ඒවා ගැන කතා කරන්න පසුබට වෙන අය. (4) අපේ විරුද්ධවාදීන් විසින් නොමඟ යවන තොරතුරු සැපයීම නිසා අප ගැන වැරදි නිගමනවලට පැමිණ තිබෙන අය. ඔබේ සභා බලප්‍රදේශයේ පවතින තත්වයන්ට අනුව එම ලැයිස්තුව සකස් කරගන්න. මෙහිදී වැඩි අවධානයක් දිය යුත්තේ බලප්‍රදේශයේ ජනයා පොදුවේ දරන ආකල්පවලටයි. ශුද්ධ ලියවිලි මත පදනම් සාකච්ඡාවක් සඳහා පුද්ගලයෙකුගේ උනන්දුව අවදි කළ හැකි ආකාරය කෙටි නිරූපණයකින් පෙන්වන්න.

විනා. 18: “ඥාතියෙකුව සභා ඇසුරෙන් කපාහැරිය විට ක්‍රිස්තියානි පක්ෂපාතකම පෙන්වීම.”b (ඡේද 1-8) සපයා තිබෙන ප්‍රශ්න යොදාගනිමින් මෙය හැසිරවිය යුත්තේ දක්ෂ වැඩිමහල්ලෙකු විසිනි. හොඳින් ඡේද කියවිය හැකි සහෝදරයෙකු යොදාගනිමින් සෑම ඡේදයක්ම කියවන්න.

ගීතිකා අංක 136 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 26න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 189

විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් අගෝස්තු 15 මුරටැඹ සඟරාව ඉදිරිපත් කරන ආකාරය ස්ථාවර හෝ උපකාරික පුරෝගාමියෙකු ලවා නිරූපණය කරන්න. අගෝස්තු 8 පිබිදෙව්! සඟරාව සඳහා තිබෙන දෙවන යෝජනාව සභා ප්‍රචාරකයෙකු ලවා නිරූපණය කරන්න. තමන්ගේ ඉදිරිපත් කිරීම්වලට ශුද්ධ ලියවිලි පාඨයක් ඇතුළත් කිරීමට සියලුම ප්‍රචාරකයන්ව දිරිගන්වන්න.

විනා. 17: “ඵලදායක ලෙස අදහස් හුවමාරු කරන්නෙකු වන්න.”c තමන්ගේ භාෂාවෙන් තිබේ නම්, දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු පොතේ 62-5 දක්වා පිටුවල තිබෙන “ඔබේ සංවාද හැකියාව දියුණු කරගත හැකි අන්දම” නමැති පරිච්ඡේදය සලකා බැලීමට ප්‍රචාරකයන්ව දිරිගන්වන්න.

විනා. 18: “ඥාතියෙකුව සභා ඇසුරෙන් කපාහැරිය විට ක්‍රිස්තියානි පක්ෂපාතකම පෙන්වීම.”d (ඡේද 9-14) සපයා තිබෙන ප්‍රශ්න යොදාගනිමින් මෙය හැසිරවිය යුත්තේ දක්ෂ වැඩිමහල්ලෙකු විසිනි. හොඳින් ඡේද කියවිය හැකි සහෝදරයෙකුව යොදාගනිමින් සෑම ඡේදයක්ම කියවන්න.

ගීතිකා අංක 125 සහ අවසාන යාච්ඤාව.

සැප්තැම්බර් 2න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 84

විනා. 10: සභා නිවේදන. අගෝස්තු මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තා දීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. වර්ෂ 1999 මැයි 1 මුරටැඹ සඟරාවේ 25වන පිටුවේ පළ වූ “ඔබේ දරුවන් සමඟ කියවීමේ යෙදෙන්න” නමැති ලිපියේ මූලික කරුණු කෙටියෙන් සලකා බලන්න.

විනා. 20: යන්න කලින් සූදානම් වෙන්න. සාකච්ඡාවක් සහ නිරූපණ. හොඳින් සැලසුම් කිරීමෙන් දේවසේවයේදී හොඳ ප්‍රතිඵල ලබන්න අපට පුළුවන්. එනිසා කලින්ම: (1) ඔබට අවශ්‍ය පොත් පත් සඟරා ලබාගන්න. (2) ප්‍රමාණවත් ගෙයින් ගෙට වාර්තාපත් හා පෑනක් හෝ පැන්සලක් බෑගයේ තිබෙනවාද කියා බලන්න. (3) ඔබ දේවසේවයේ යන්නේ බස් රථයකින් හෝ වෙනත් වාහනයකින් නම් අවශ්‍ය කටයුතු පිළියෙළ කරන්න. (4) ඔබ කරන්න සූදානමින් සිටින නැවත බැලීම් ගැන සිතා බලන්න. (5) ඔබ පවසන්න යන දේවල් ගැන සූදානම් වන්න. ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම පවත්වන්නේ ඔබ නම් ප්‍රමාණවත් ප්‍රදේශයක් ලබාගන්න. සැප්තැම්බර් මාසයේදී එළිදරව්ව එහි උච්චාවස්ථාව පොත ඉදිරිපත් කළ හැකි ආකාර දෙක තුනක් ගැන සබය සමඟ සාකච්ඡා කරන්න. එක ඉදිරිපත් කිරීමක් නිරූපණය කරන්න. මෙයට ශුද්ධ ලියවිලි පාඨයක්ද ඇතුළත් කරන්න.—වර්ෂ 1997 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ හා 1998 පෙබරවාරි කලාපයේ 6වන පිටුවේ සඳහන් යෝජනා බලන්න.

විනා. 15: සභා අවශ්‍යතා. එසේ නැත්නම් අවිධිමත් ලෙස සාක්ෂි දැරීමෙන් තමන් ලැබූ අද්දැකීම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. රථ ගාල්වල හෝ පොදු ප්‍රවාහන මාධ්‍යවල ගමන් කරද්දී හෝ කඩ සාප්පුවලදී හෝ වෙනත් පොදු ස්ථානවලදී හමු වන ජනයාට ඔවුන් සාක්ෂි දරා තිබෙනවා විය හැකියි. එම අද්දැකීම්වලින් එකක් හෝ දෙකක් සිදු වූ ආකාරය නැවත කර පෙන්වන්න.

ගීතිකා අංක 99 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න