සේවා රැස්වීම් වැඩසටහන
සැලකිය යුතුයි: ඉදිරියේ පැමිණෙන “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” නමැති දිස්ත්‍රික් සමුළුවට යෑමට කලින් අවසාන සතියේදී පවත්වනු ලබන සේවා රැස්වීමේදී විනාඩි 15ක් යොදාගනිමින් මෙම මාසයේ අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් සභාවට අදාළ කරුණු නැවත සලකා බැලිය හැකියි. සමුළු වැඩසටහනේ විශේෂාංග නැවත සලකා බැලීම සඳහා ඔක්තෝබර් මාසයේදී සම්පූර්ණ සේවා රැස්වීමක් පිළියෙළ කරනු ලැබේ. සාකච්ඡාවක් වශයෙන් කරන එම කොටස සඳහා සූදානම් වීමක් හැටියට අපි සියලුදෙනාටම හැකියි සමුළුවේදී අර්ථාන්විත ලෙස සටහන් ගැනීමට. ඔබගේ පෞද්ගලික ජීවිතයේදී හා ක්ෂේත්‍ර සේවයේදී අදාළ කරගැනීමට ඔබ කැමති විශේෂිත කරුණු එයට ඇතුළත් කරන්න. මෙසේ කිරීමෙන් අප සමුළුවට ගිය දා සිට එම යෝජනා අදාළ කරගෙන තිබෙන ආකාරය ගැන එම සාකච්ඡාවේදී අදහස් දක්වන්න අපට පුළුවන්. සමුළුවේදී ලැබුණු හොඳ ඉගැන්වීම්වලින් තමන් ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන එකිනෙකා පවසන දේවලින් අන්‍යෝන්‍ය දිරිගැන්වීමක් ලැබිය හැකියි.
ජූලි 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 201
විනා. 15: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. හයවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් ජූලි 1 මුරටැඹ සහ ජූලි 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. “මෙහෙ ඉන්න ඔක්කොමදෙනා ක්‍රිස්තියානීන්” කියා පවසමින් සවන් දීමට අකමැත්ත ප්‍රකාශ කරන අවස්ථාවලදී එයට මුහුණ දිය හැකි එකිනෙකට වෙනස් ආකාරයන් මේ එක් එක් නිරූපණයෙන් පෙන්වන්න.
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. මෙහි තොරතුරු සභාවට අදාළ වන ආකාරය පහදා දෙමින් වැඩිමහල්ලෙක් කරන කතාවක්.
විනා. 15: “විශේෂ වූ අන්‍යොන්‍ය දිරිගැන්වීමක් ලබමු.” කතාවක්. දිස්ත්‍රික් සමුළුවට යෑම සඳහා මහත් ආශාවක් ඇති කරන අයුරින් කතාව ඉදිරිපත් කරන්න. සිකුරාදා උදෑසන සිට ඉරිදා පස්වරු වැඩසටහන තෙක් සෑම සැසිවාරයකටම පැමිණ සිටින්න සියලුදෙනාවම උනන්දු කරවන්න.
විනා. 5: “විනීතව ඇඳ පැළඳ සිටිමු.”a වැඩිමහල්ලෙක් විසින් මෙහෙයවයි. ඔහු එක් එක් ඡේදය සාකච්ඡා කිරීමෙන් පසු එම ඡේදය කියවයි. අප ජනයා ගැවසෙන ස්ථානවල සිටින විට අපේ පෙනුම ගැන සැලකිලිමත් වීමේ තිබෙන වැදගත්කම තේරුම්ගැනීමට සියලුදෙනාටම උපකාර කරන්න.
ගීතිකා අංක 139 සහ අවසාන යාච්ඤාව.
ජූලි 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 144
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.
විනා. 20: දේවසේවයේදී බයිබලය පාවිච්චි කිරීමට හොඳ හේතු. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. යේසුස් ශුද්ධ ලියවිලි දැන සිටි අතර සිය ඉගැන්වීම්වලදී ඒවා නිතර යොදාගත්තා. (ලූක් 24:27, 44-47) ඔහු ඉගැන්වූ දේවල් ඔහුම උපදවාගත් ඒවා නොවේ. (යොහ. 7:16-18) අපත් දේවවචනය පාවිච්චි කිරීම වැදගත්. අප කියන ඕනෑම දෙයකට වඩා එහි පවසන දේවල මහත් බලයක් තිබෙනවා. (යොහ. 12:49, 50; හෙබ්‍රෙ. 4:12) ශුද්ධ ලියවිල්ල සපයන සැනසිල්ල හා බලාපොරොත්තුව අවංක අයගේ සිත්ගනී. ඔබ සාක්ෂි දරන විට අඩුම තරමින් එක බයිබල් පාඨයක්වත් කියවීම ඔබේ ඉලක්කය කරගන්න. මේ මාසයට තිබෙන සඟරා ඉදිරිපත් කිරීම සඳහා දී ඇති යෝජනාවල ශුද්ධ ලියවිලි පාඨ ඇතුළත් කර තිබෙන බව පෙන්වා දෙන්න. දේවසේවයේදී බයිබලය පාවිච්චි කර තිබෙන ආකාරය හා මෙසේ කිරීම මගින් තමන්ට මෙන්ම තමන් දේශනා කළ අයට ඇති කර තිබෙන බලපෑම ගැන සබයේ අදහස් විමසන්න.
විනා. 15: “නැවත බැලීම් කිරීමේ අභියෝගය.” b පස්වන ඡේදය සලකා බැලීමෙන් පසු බයිබල් පාඩමක් පටන්ගැනීමට පත්‍රිකාවක් යොදාගත හැකි ආකාරය නිරූපණය කරන්න. පුහුණු වීමේ වැදගත්කම අවධාරණය කරන්න. උනන්දුව දැක්වූ අයව නැවත බලන්න යෑමට දිරිගන්වන්න.
ගීතිකා අංක 215 සහ අවසාන යාච්ඤාව.
ජූලි 22න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 47
විනා. 10: සභා නිවේදන. සේවයේ එකට හවුල්වන දෙමාපියෙක් සහ දරුවෙක් 6වන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් ජූලි 15 සහ ජූලි 8 සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරයි. එක් නිරූපණයකදී මුරටැඹ සඟරාවද අනෙක් එකේදී පිබිදෙව්! සඟරාවද ඉදිරිපත් කරයි. දේවසේවයේ ක්‍රමානුකූලව වර්ධනය වීමට තමන්ගේ දරුවන්ව පුහුණු කිරීමට දෙමාපියන්ව දිරිමත් කරන්න.
විනා. 17: අවිධිමත් ලෙස සාක්ෂිදැරීම සඳහා සූදානම්ව සිටින්න. අපගේ දේවසේවය පොතේ පිටු 93-4 පදනම් කරගෙන සබය සමඟ කරන සාකච්ඡාවක්. වර්ෂ 2002 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ මුල් පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින් අමුත්තෙකුට, අසල්වැසියෙකුට, නෑදෑයෙකුට හා තමන් දන්නා හඳුනන කෙනෙකුට අවිධිමත් ලෙස සාක්ෂිදැරිය හැකි ආකාර දෙකක් හෝ තුනක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 18: අන්තර්ජාලයේ අනතුරුවලින් මම ආරක්ෂා වන්නේ කොහොමද? වර්ෂ 2000 පෙබරවාරි 8 පිබිදෙව්! සඟරාවේ 13-15 දක්වා පිටුවල සඳහන් තොරතුරු පදනම් කරගනිමින් කරන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. සීමාවකින් තොරව අන්තර්ජාලය භාවිත කිරීමේදී තිබිය හැකි මලපත් පෙන්වා දෙමින් ඒවාට හසු නොවී සිටිය හැකි ආකාරය පැහැදිලි කරන්න. මෙම උපදේශය අදාළ කරගැනීමෙන් තමන් ප්‍රයෝජන ලබා තිබෙන ආකාරය ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 61 සහ අවසාන යාච්ඤාව.
ජූලි 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 54
විනා. 10: සභා නිවේදන. ජූලි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දෙන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 10: “අලුත් චාරිකා එක්රැස්වීම් වැඩසටහන.” කතාවක්. ඊළඟ චාරිකා එක්රැස්වීම පවත්වන දිනය නිවේදනය කරන්න. වැඩසටහනට පැමිණීමට හා හොඳින් අවධානය දීමට සියලුදෙනාවම උනන්දු කරවන්න. බව්තීස්මය සඳහා අවශ්‍ය සුදුසුකම් අත් කරගැනීමට බව්තීස්ම නොලත් ප්‍රචාරකයන්ව දිරිමත් කරන්න. බයිබල් ශිෂ්‍යයන්ට ආරාධනා කිරීමට විශේෂ වෑයමක් දරන්න.
විනා. 25: “සමඟියෙන් එකට බැඳී සිටිමු.”c තුන්වන ඡේදය සාකච්ඡා කරද්දී 2000 අප්‍රියෙල් 22 පිබිදෙව්! සඟරාවේ (සිංහලෙන් නැත) 9-10 දක්වා තිබෙන කරුණු ඇසුරෙන් අදහස් දක්වන්න. හතරවන ඡේදයේදී 1995 අප්‍රියෙල් 1 මුරටැඹ සඟරාවේ 16-17 පිටුවල තිබෙන 4-6 ඡේද ඇසුරෙන් අදහස් දැක්වීම් මෙයට ඇතුළත් කරන්න.
ගීතිකා අංක 81 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 38
විනා. 10: සභා නිවේදන.
විනා. 20: “ඔබේ ආත්මික අවශ්‍යතාව සපුරාගන්න.” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. සියලුදෙනාම සමුළු වැඩසටහනට කිට්ටු අවධානයක් දිය යුතු වීමට හේතු සලකා බලන්න. සවන් දීමට වඩා අප ඉගෙනගන්න දේවල් අදාළ කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන්න. ඔක්තෝබර් මාසයේදී පවත්වනු ලබන සේවා රැස්වීමකදී දිස්ත්‍රික් සමුළුවේ විශේෂාංග නැවත සලකා බැලීමට නියමිතයි. මේ සඳහා ඉහත සටහන බලන්න. සටහන් ගැනීමට සියලුදෙනාවම දිරිමත් කරන්න. පසුගිය අවුරුද්දේ වැඩසටහනින් ලබාගත් ප්‍රයෝජන ගැන අදහස් දැක්වීමට කිහිපදෙනෙකුට ආරාධනා කරන්න.
විනා. 15: සභා අද්දැකීම්. උපකාරික පුරෝගාමි සේවය කරද්දී හෝ වෙනත් ආත්මික ක්‍රියාකාරකම්වල හවුල් වෙද්දී ලැබූ ගොඩනංවනසුලු අද්දැකීම් ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 184 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.