අපේ මුළු සහෝදර සංගමයට අප ප්‍රේම කිරීමට හේතු
ප්‍රේමය දක්නට නැති ලෝකයක සිටින අපට අපේ ආත්මික සහෝදර සහෝදරියන් කෙරෙහි තිබෙන බලවත් ප්‍රේමය දිගටම පෙන්වන්න පුළුවන් කොහොමද? (1 පේතෘ. 2:17) අප අතර අව්‍යාජ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක් තිබෙන බව අනිත් අයට පෙන්වන්න පුළුවන් කොහොමද? (මතෙ. 23:8) අපේ මුළු සහෝදර සංගමය නැමති වීඩියෝ පටයෙන් එය කළ හැකියි. අපි එකිනෙකාට ප්‍රේමය පෙන්වීමට හේතු එහි පෙන්වනවා. පහත සඳහන් ප්‍රශ්නවලට ඔබට උත්තර සපයන්න පුළුවන්ද කියා බලන්න.
(1) අප ලොව පුරා සිටින අපේ සහෝදරයන් සමඟ එක්ව හවුල් වන ක්‍රියාකාරකම් තුනක් තිබෙනවා. ඒ මොනවාද? (2) (අ) ඇලස්කාවේ වනාන්තරවල (ආ) යුරෝපයේ අතිවිශාල වරායන්වල හා (ඇ) පෙරූ රටේ තිබෙන ඝන වනාන්තරවල දේශනා කිරීම සඳහා තමන් අධිෂ්ඨානපූර්වකව සෑදී පැහැදී සිටින බව අපේ සහෝදරයන් පෙන්වන්නේ කෙසේද? (3) සාක්ෂි දැරීමේදී වඩාත් ඵලදායක බව තහවුරු වී තිබෙන ප්රකාශනය කුමක්ද? (4) දේශනා කිරීම නිකම්ම සාමාන්‍ය වැඩක් හැටියට අපි කවදාවත් නොසිතිය යුත්තේ ඇයි? (5) යෙහෝවාගේ සාක්ෂිකරුවන් භූමිකම්පා, සුළිසුළං, සිවිල් යුද්ධ වැනි විපත් සිදු වන අවස්ථාවලදී එකිනෙකාව සනසවමින් උපකාර කර තිබෙන බවට ඇති උදාහරණ මොනවාද? (1995 අගෝස්තු 22 පිබිදෙව්! [සිංහලෙන් නැත] සඟරාවේ 23වන පිටුවේ පළ වූ ටාකාඕ පැවසූ දේවල්ද, 1996 ඔක්තෝබර් 22 පිබිදෙව්! [සිංහලෙන් නැත] සඟරාවේ 20වන පිටුවේ සඳහන් කොටොයෝ පැවසූ දේවල්ද බලන්න.) (6) අපේ ක්‍රිස්තියානි සහෝදරත්වය හඳුනාගැනීම සඳහා තිබෙන ප්‍රධාන ලක්ෂණය පෙන්වීමට අපි සියලුදෙනාටම හැකි ප්‍රායෝගික ආකාර මොනවාද? (යොහ. 13:35) (7) අපේ සභා රැස්වීම් අපි කොතෙක් දුරට අගය කළ යුතුද? (8) කලින් එකට රැස්වීම සඳහා රාජ්‍ය ශාලාවක් නොතිබුණු අයට, රාජ්‍ය ශාලාවක් ලැබීම බලපා තිබෙන්නේ කොහොමද? (9) නැඟෙනහිර යුරෝපයේ හා රුසියාවේ තහනම යටතේ සිටි අපේ සහෝදර සහෝදරියන් ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාගත්තේ කොහොමද? (10) දැන් පවා බොහෝ සාක්ෂිකරුවන් සමුළුවලට යෑම සඳහා ආසාමාන්‍ය ලෙස දරන වෑයම් මොනවාද? එයට හේතුව කුමක්ද? මෙය ඔබේ සිතට කාවැදුණේ කොහොමද? (11) ඔබට හැකි ඕනෑම අවස්ථාවක හැකි පමණ නමස්කාරයේ එක්සත්ව හවුල් වීමටත් අවශ්‍යතා මතු වන විට අනිත් අයට උපකාර කිරීමටත් විශ්වාසවන්තව දේශනා කිරීමටත් අදිටන් කරගත යුත්තේ ඇයි? (12) මේ වීඩියෝ පටය තමන්ගේ නිවසේ තබාගෙන උනන්දුව දක්වන හැකි තරම් පිරිසකට පෙන්වීම වැදගත් වන්නේ ඇයි?