නිවේදන
◼ ජූනි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? හෝ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. ගෙවැසියන් ළඟ දැනටමත් මෙම ප්‍රකාශන තිබෙනවා නම්, සභා පොත් පත් තොගයේ තිබෙන යෝග්‍ය විවරණිකාවක් ඉදිරිපත් කරන්න. ජූලි සහ අගෝස්තු: පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්. ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට. යෝග්‍ය අවස්ථාවලදී සියලුම ජනයා සඳහා පොතක්, අපගේ ගැටලු—ඒවා විසඳීමට අපට උපකාර කරනු ඇත්තේ කවුද?, මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකිද? ඔවුන් සැබවින්ම පවතීද? නමැති විවරණිකා ඉදිරිපත් කළ හැකියි. සැප්තැම්බර්: එළිදරව්ව—එහි උච්චාවස්ථාව අත ළඟය!
◼ සභාවන් මතු දැක්වෙන ප්‍රකාශන ඉල්ලුම් කිරීමට දැන් පටන්ගත යුතුයි. 2003 දිනදර්ශනය (item no. 7203) දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම 2003 (item no. 6903), වාර්ෂික පොත 2003 (ඉංග්‍රීසියෙන් පමණයි, item no. 5903). සභාවන් තමන්ගේ ඉල්ලුම් 2002 ජූලි 20වනදාට කලින් සමිතියට එවිය යුතුයි. මෙදිනට පසුව ලැබෙන ඉල්ලුම් සපුරාලන්න නොහැකි බව කරුණාවෙන් සලකන්න. ඉහත ප්‍රකාශනවල තොගයක් ශ්‍රී ලංකා ශාඛා කාර්යාලයේ තබාගන්නේ නැති අතර, ජපන් ශාඛාව මුද්‍රණය කරනු ලබන්නේ නියමිත දිනයට ලැබී තිබෙන ඉල්ලුම්වල සඳහන් ප්‍රමාණය පමණයි. එමනිසා නියමිත දවස වන විට ඉහත ප්‍රකාශන ඉල්ලුම් කර නැත්නම් ඒවා සභාවට නොලැබෙන බව කරුණාකර මතක තබාගන්න. තමන්ගේ ඇණවුම පොත් පත් සේවකට දැනුම් දෙන්න කියා සියලුම ප්‍රචාරකයන්ට ආරාධනා කරමින් නිවේදනයක් කරන්න. මෙසේ කිරීමෙන් තමන්ට අවශ්‍ය කරන ප්‍රකාශන ලබාගන්න සියලුම ප්‍රචාරකයන්ට හැකියි. සෑම ප්‍රචාරකයෙකුටම ඉල්ලුම් කිරීමට හැකි වන පරිදි සතිපතා එම නිවේදනය සිහිගැන්වීමක් හැටියට කරන්න පුළුවන්. පොත් පත් සේවක මාසය අවසානයේදී සියලුම ප්‍රචාරකයන් ඉල්ලුම් කළ ප්‍රමාණය එකතු කර, සියලු විස්තර සමඟ පොත් පත් සම්බන්ධීකරණ සහෝදරයාට ලබා දිය යුතුයි. පසුව ඔහු ජූලි මාසයේ පොත් පත් ඉල්ලුම් කිරීමේ පෝර්මයට (S-14) එම ප්‍රකාශන ඇතුළත් කර සමිතියට යවයි.
◼ උර්දු භාෂාවෙන් මාසිකව ප්‍රකාශයට පත් කරන පිබිදෙව්! සඟරාව මෙතැන් පටන් මුද්‍රණය කරන්නේ ත්‍රෛයි මාසිකවයි. වර්ෂ 2002 අප්‍රියෙල්—ජූනි කලාපයේ සිට එය එසේ මුද්‍රණය කරනු ඇත.
◼ දිනදර්ශනය 2003
◼ දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම 2003
◼ වාර්ෂික පොත 2003
කරුණාකර මෙම ප්‍රකාශන සඳහා ඔබේ ඉල්ලුම 2002 ජූලි 20වනදාට කලින් එවන්න