ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/02 5 පි.
  • විනීතව ඇඳ පැළඳ සිටිමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විනීතව ඇඳ පැළඳ සිටිමු
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • යෝග්‍ය ඇඳුම්වලින් දේවභක්තිය ප්‍රකාශ වේ
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • ඔයා අඳින පළඳින විදිහෙන් දෙවිව ගෞරවයට පත් වෙනවාද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපි අඳින පලඳින විදිහ ගැන හිතන එක වැදගත්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • ප්‍රශ්න පෙට්ටිය
    2008 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2002 අපගේ රාජ්‍ය සේවාව
km 7/02 5 පි.

විනීතව ඇඳ පැළඳ සිටිමු

1 ලොව පුරා අප ප්‍රසිද්ධ වී ඇත්තේ පෙනුමෙන් කැපී පෙනෙන වෙනසක් ඇති ජනතාවක් ලෙසයි. (මලා. 3:18) ඒ මන්ද? ඊට හේතුව “ලජ්ජාවෙන් සහ විනීතභාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ . . . දේවභක්ති නාමය දරන [අයට] සුදුසු ලෙස සැරසෙන” ලෙසට දී ඇති ශුද්ධ ලියවිලිමය අවවාදය අප අනුගමනය කරන නිසාය.—1 තිමෝ. 2:9, 10.

2 අප අඳින ඇඳුම්, ඒවා අඳින ආකාරය අප ගැන, එනම් අපගේ විශ්වාසයන්, ආකල්පයන් සහ චේතනා ගැන ඉතා පැහැදිලි යමක් කියාපායි. මේ ලෝකයෙහි ජනප්‍රියයයි පිළිගැනෙන පහත් අදහස් සහ හැසිරීමට අප විසින් කිසිවිටකත් රුකුල් නොදිය යුතුය. අපට වැදගත් වන්නේ එක්තරා විලාසිතාවක් ජනප්‍රියද යන්න නොව, දෙවිගේ සේවකයෙකු ලෙස පෙනී සිටින කෙනෙකුට එය ඔබිනවාද නැද්ද යන්නයි. (රෝම 12:2) එමනිසා, ස්වාධීන ආකල්පයක් ප්‍රදර්ශනය කරන පෙනුමක් හෝ ප්‍රතිරූපයක් තෝරාගන්නවා වෙනුවට, අප සැබවින්ම “දෙවිට ගෞරව කරන” බව පෙන්නුම් කිරීමට කැමැත්තෙමු.—1 පේතෘ. 2:12.

3 සමුළුවකට සහභාගි වන විට, අඳින පළඳින ආකාරය ගැන පරෙස්සම් විය යුතු බව ඇතැම් අය අප්‍රමාදව සිය එකඟතාව පළ කරති. එනමුත්, සමුළු සැසිවාරවලින් පසුව වෙනත් ස්ථානවල විවේක ගන්නා විට, ඔවුහු තම ප්‍රමිතිය පහත දමති. (2 කොරි. 6:3, 4) මිනිසුන් ගැවසෙන ඕනෑම ස්ථානයකදී අප යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව හඳුනාගැනීමට අපගේ සමුළු කාඩ්පත සහ ඔබින ඇඳුම් පැළඳුම් උපකාරවත් වේ. එමනිසා, අප සැමවිටම ඔබින හා විනීත ඇඳුම් ඇඳිය යුතුය. ‘අප ලෝකයට අයිති නැති බවට’ මෙය සාක්ෂියක් වේ.—යොහ. 15:19.

4 මෙම වසරේ පවත්වන “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” දිස්ත්‍රික් සමුළුවේ අප ‘අපගේ දෙවි යෙහෝවාට ශුද්ධ වූ සෙනඟක්’ බව ඔප්පු කිරීමට අපට හැකි සියල්ල කරමු. ප්‍රතිඵලයක් වශයෙන් අප ගැන ඇති වන හොඳ හැඟීම යෙහෝවාගේ ‘ප්‍රශංසාවටත්, කීර්තියටත්, ගෞරවයටත්’ හේතුවක් වනු නියතය. —ද්වි. 26:19.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න