මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලින් දිගටම ප්‍රයෝජන ගනිමු
මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දායක ලෙස තැපෑලෙන් යැවීම අත්හිටුවා තිබෙනවා. මේ නිසා සඟරාවල සෑම කලාපයක්ම අතපසු නොකර අපට ලබාගැනීමටත් අප දේශනා කරන අයට ලබා දීමටත් වෑයමක් දැරීම අවශ්‍යයි.
පෞද්ගලික පිටපත්: ඔබේ පෞද්ගලික දායකය අවසන් වූ පසු දැනට ඔබ සඟරා කවුන්ටරයෙන් ලබාගන්න සඟරා ප්‍රමාණය වැඩි කරන්න. තමාගේ පවුලේ සෑම සාමාජිකයෙකුටම පෞද්ගලික පිටපතක් ලැබෙන සේ සඟරා ඉල්ලුම් කරන්න දෙමාපියන්ට පුළුවන්. ඔබේ පෞද්ගලික පිටපතේ නම ලියන්න. මෙසේ කිරීමෙන් පෞද්ගලික පිටපත අහම්බෙන් හෝ දේවසේවයේ බෙදාහැරීම වළක්වාගන්න පුළුවන්. සඟරා සභාවට ලැබුණු පසු, ඒවා හසුරුවන සහෝදරයන් හැකි විගස රාජ්‍ය ශාලාවේදී අලුත් සඟරා ලබා දීමට කටයුතු පිළියෙළ කළ යුතුයි.
සඟරා මාර්ග: සෑම කලාපයක්ම ලබාගැනීමට ආශාවෙන් සිටින උනන්දුව දක්වන සියලුදෙනාවම හමු වී ඔවුන්ට සඟරා ලබා දී, සඟරා මාර්ගයක් ඇති කරගන්න වෑයම් කළ යුතුයි. මෙවැනි අයව හමු වී සඟරා ලබා දීමෙන් ඔවුන්ගේ උනන්දුව පුබුදුවා බයිබල් පාඩම් ආරම්භ කිරීමට අවස්ථා සලසාගන්න පුළුවන්.—1998 ඔක්තෝබර් අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුව බලන්න.
විශේෂ අවශ්‍යතා තිබෙන අය: අව්‍යාජ උනන්දුවක් දක්වන පුද්ගලයා ජීවත් වන්නේ ළඟ සභාවක් නොමැති දුර බැහැර ප්‍රදේශයක නම්, එවැනි අවස්ථාවලදී ඔහුට තැපෑලෙන් දායක ලබා දිය හැකියි. තම සභා බලප්‍රදේශයේ සිටින පුද්ගලයෙකු සමඟ සඟරා මාර්ගයක් ඇති කරගත නොහැකි වූවත්, එම තැනැත්තා සඟරා ලබාගැනීමට අවංකව ලෙස උනන්දුවක් දක්වනවා නම්, සභාවේ සේවා කමිටුව සමඟ මේ ගැන කතා කරන්න. ඔවුන් අනුමත කළොත් උනන්දුව දක්වන ඒ පුද්ගලයාට දායකයක් ලබා දිය හැකියි. මේ සඳහා නියමිත දායක පෝරමය (M-1 සහ M-101) යොදාගත හැකියි.
මුරටැඹ සහ පිබිදෙව්! සඟරා යොදාගනිමින් රාජ්‍යය ගැන ජනයාට ප්‍රකාශ කිරීමට අප දරන සෑම වෑයමකටම යෙහෝවා දිගටම ආශීර්වාද කරන බව අපට නිසැකයි.