ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/02 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • අප්‍රියෙල් 8න් පටන්ගන්නා සතිය
  • අප්‍රියෙල් 15න් පටන්ගන්නා සතිය
  • අප්‍රියෙල් 22න් පටන්ගන්නා සතිය
  • අප්‍රියෙල් 29න් පටන්ගන්නා සතිය
  • මැයි 6න් පටන්ගන්නා සතිය
2002 අපගේ රාජ්‍ය සේවාව
km 4/02 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

අප්‍රියෙල් 8න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 39

විනා. 13: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අප්‍රියෙල් 22න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීමේදී කරන සාකච්ඡාවට සූදානම් වීමක් හැටියට යෞවන අය අසති—මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද? නමැති වීඩියෝ පටය නරඹන්න සියලුදෙනාවම දිරිමත් කරන්න. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් නිරූපණ දෙකක් වෙන වෙනම ඉදිරිපත් කරන්න. මේ සඳහා අප්‍රියෙල් 1 මුරටැඹ සඟරාවට අදාළ යෝජනාවද අප්‍රියෙල් 8 පිබිදෙව්! සඟරාවට අදාළ මුල් යෝජනාවද යොදාගන්න. “මට ආගමක් තියෙනවා” කියා පවසමින් ගෙවැසියෙකු අකමැත්ත පළ කරන අවස්ථාවලදී සංවාදය හැසිරවිය හැකි එකිනෙකට වෙනස් ආකාර දෙකක් නිරූපණවලට ඇතුළත් කරන්න.

විනා. 12: සභා අවශ්‍යතා.

විනා. 20: ‘සියල්ලන්ටම යහපත් දේ කරමු.’a ප්‍රශ්නෝත්තර සාකච්ඡාවෙන් පසු, තමන්ගේ සේවය වැඩි කර තිබෙන ආකාරය ගැන පැවසීම සඳහා ප්‍රචාරකයන් දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.

ගීතිකා අංක 157 සහ අවසාන යාච්ඤාව.

අප්‍රියෙල් 15න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 101

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.

විනා. 15: පුරෝගාමීන් දිගටම අන් අයට උපකාර කරයි. සේවා අවේක්ෂක විසින් පොත් පාඩම් අවේක්ෂකයෙකු, පුරෝගාමියෙකු හා ප්‍රචාරකයෙකු සමඟ මෙහෙයවනු ලබන සාකච්ඡාවක්. වර්ෂ 1998 සැප්තැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 4වන පිටුවේ සඳහන් පුරෝගාමීන් අනිත් අයට උපකාර කරයි නමැති ලිපියේ කරුණු සේවා අවේක්ෂක නැවත සලකා බලයි. අනතුරුව ඔහු සාකච්ඡාවට හවුල් වන එක් එක්කෙනාගෙන් මේ වැඩසටහනේ තමන්ට හිමි කාර්යය ගැනත් තමන්ගේ කාර්යය වැඩසටහනේ අරමුණට දායක වන ආකාරය ගැනත් ඔවුන් සමඟ සාකච්ඡා කරයි. මේ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා කර තිබෙන්නේ මොනවාද? දේවසේවයේදී තමන්ට යම් සහයක් අවශ්‍යයි කියා හැඟෙන ඕනෑම කෙනෙකු ඒ ගැන තමන්ට දන්වන්න කියා සේවා අවේක්ෂක සියලුම ප්‍රචාරකයන්ගෙන් ඉල්ලා සිටියි. පසුගිය කාලයේදී මේ වැඩසටහනින් සහය ලැබූ අයට සේවයේ වෙනත් අංගයක දියුණු වීම සඳහා නැවත වතාවක් සහය ලබාගන්න පුළුවන්.

විනා. 20: “පූර්ණ කාලීන සේවයෙන් ලබන ප්‍රීතිය.”b ඊළඟ පාසැල් නිවාඩුවේදී උපකාරික පුරෝගාමී සේවය කිරීමට යෞවනයන්ව දිරිමත් කරන්න.

ගීතිකා අංක 199 සහ අවසාන යාච්ඤාව.

අප්‍රියෙල් 22න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 90

විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින් අප්‍රියෙල් 15 මුරටැඹ සඟරාව ඉදිරිපත් කරන ආකාරය සභා සේවකයෙකු ලවා නිරූපණය කරන්න. දෙවන යෝජනාව යොදාගනිමින් අප්‍රියෙල් 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය සහෝදරියක ලවා නිරූපණය කරන්න. ගෙවැසියාගේ උනන්දුව ඇවිස්සීම සඳහා මුලින්ම පැවසූ වාක්‍යය හෝ දෙක එක් එක් නිරූපණයෙන් පසු නැවත සඳහන් කරන්න. ඊළඟ සතියට නියමිත විනාඩි 20 කොටස සඳහා විශේෂයෙන් සූදානම් වීම අවශ්‍ය බව සබයට පවසන්න.

විනා. 10: වේලාවට එන්න! කතාවක් ලෙස ඉදිරිපත් කරන්න. අපේ නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට අපේ ජීවිතයේ හිමි වන්නේ වැදගත් තැනක්. ඒවාට “නියමිත කාලයක්” [NW] තිබිය යුතුයි. (දේශ. 3:1) අපට වුවමනා කරන්නේ දෙවිට නමස්කාර කිරීම සඳහා පිළියෙළ කර තිබෙන සැපයුම්වලින් උපරිම ප්‍රයෝජන ගන්නයි. සභා රැස්වීම් සහ ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් නියමිත වේලාවටම පටන්ගත යුතුයි. යෙහෝවා කවදාවත් ප්‍රමාද වී වැඩ කරන කෙනෙක් නෙමෙයි. (හබ. 2:3) අප මේ කාරණය සම්බන්ධයෙන් දියුණු වීම අවශ්‍යද? ඉඳ හිට නොවැළැක්විය හැකි හේතු නිසා සමහරුන් ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් පුරුද්දක් හැටියට ආරම්භක ගීතිකාවෙන් හා යාච්ඤාවෙන් පසු රැස්වීම්වලට පැමිණීම හෝ ක්ෂේත්‍ර සේවය පටන්ගත් පසු පැමිණීම සුදුසු දෙයක් නොවේ. හොඳින් දේවල් සංවිධානය කිරීමෙන් වේලාවට දේවල් කරන්න පුළුවන්. සියලුම ආත්මික ක්‍රියාකාරකම් වේලාවට කිරීම සඳහා අපට ප්‍රායෝගික ආකාරවලින් දියුණු කරගත හැකි යහපත් පුරුදු ගැන සාකච්ඡා කරන්න.—1990 ජූනි 15 මුරටැඹ සඟරාවේ 29 පිටුව බලන්න (සිංහලෙන් නැත).

විනා. 25: “උද්‍යෝගිමත් ප්‍රතිචාරයක්!”c පළමුවන ඡේදයේදී, යෞවන අය අසති—මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද? නමැති වීඩියෝ පටය ගැන කෙටියෙන් අදහස් කිහිපයක් දැක්වීමට සබයට අවස්ථාව දෙන්න. ඉන්පසු කෙළින්ම ඡේද 2-7 දක්වා තිබෙන සෑම ප්‍රශ්නයක් ගැනම සබය සමඟ සාකච්ඡා කරන්න. ජූනි මාසයේදී අප සලකා බලන්නේ අපේ මුළු සහෝදර සංගමය නමැති වීඩියෝ පටයයි.

ගීතිකා අංක 191 සහ අවසාන යාච්ඤාව.

අප්‍රියෙල් 29න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 162

විනා. 10: සභා නිවේදන. අප්‍රියෙල් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ඉදිරිපත් කිරීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.

විනා. 15: “රාජ්‍යය දේශනා කිරීම ජීවිත ගළවයි!”d මේ ලිපියේ ශුද්ධ ලියවිලි පාඨ අදාළ වන ආකාරය ගැන සබයේ අදහස් විමසන්න.

විනා. 20: දේවසේවයේදී පැනනඟින ප්‍රශ්නවලට උත්තර සොයමු. සබය සමඟ සාකච්ඡාවක්. අප විශ්වාස කරන දේවලට අනුබල දෙන ශුද්ධ ලියවිලි පාඨ සොයන්න. මතු දැක්වෙන ප්‍රශ්නවලට උත්තර සෙවීම සඳහා හවුල් වන්න කියා සබයට ආරාධනා කරන්න. ජාතික ගීය හා කොඩිය ක්‍රිස්තියානීන් සලකන්නේ කෙසේද? (අධ්‍යාපනය [විවරණිකාව] පිටු 20-24) දෙවි විපත්තිවලට ඉඩහරින්නේ ඇයි? (මුරටැඹ 93, දෙසැ 1, පිටු 4, 5) දික්කසාදය ගැන බයිබලය පවසන දෙය ඔබ පැහැදිලි කරන්නේ කොහොමද? (මුරටැඹ 95, ජූලි 15, පිටුව 18) සහෝදරියන් ඇතැම් අවස්ථාවලදී හිස් ආවරණයක් පැළඳිය යුත්තේ ඇයි? කුමන අවස්ථාවලදීද? (අපගේ දේවසේවය පිටුව 77) මව්වරුන්ගේ දිනය වැනි ජනප්‍රිය උත්සවවල මූලාරම්භය කුමක්ද? (පිබිදෙව්! 2001, ඔක් 8, පිටු 15-22) බයිබලයේ සඳහන් 1,44,000දෙනා පදගතාර්ථයෙන්ම 1,44,000දෙනෙකු බව අප දන්නේ කෙසේද? (මුරටැඹ 82, පෙබ 1, පිටුව 22) පොහොසතාගේ හා ලාසරුස්ගේ උපමාවෙන් අදහස් කරන්නේ කුමක්ද? (ශ්‍රේෂ්ඨතම මිනිසා, 88වන පරිච්ඡේදය)

ගීතිකා අංක 28 සහ අවසාන යාච්ඤාව.

මැයි 6න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 141

විනා. 10: සභා නිවේදන. “මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලින් දිගටම ප්‍රයෝජන ගනිමු.”

විනා. 10: අපේ ආත්මික ක්‍රියාකාරකම් කල්තියා සැලසුම් කරමු. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. දිස්ත්‍රික් සමුළුවේ මුළු වැඩසටහනටම යෑම, මාසයක් හෝ දෙකක් උපකාරික පුරෝගාමී සේවය කිරීම සහ නිවාඩුවක් ගත කිරීම හෝ යම් විනෝදය ගෙන දෙන දෙයක නියැලීම යනාදි වශයෙන් ඊළඟ මාස කිහිපය සඳහා සාමාන්‍යයෙන් සැලසුම් කර තිබෙන ක්‍රියාකාරකම් ගැන සඳහන් කරන්න. තමන්ගේ සැලසුම් ගැනත් තමන් සභාවෙන් බැහැරව යම් විනෝද ගමනක් ගියත් වෙනත් දේවල් කළත් පවුලේ පාඩම, සභා රැස්වීම් හා ක්ෂේත්‍ර සේවය අතපසු නොකරන ආකාරය ගැනත් පැවසීමට ඔවුන්ට ආරාධනා කරන්න. සාමාන්‍ය පරිදි ක්ෂේත්‍ර සේවය සඳහා යොදා තිබෙන සැලසුම් ගැන නිවේදනය කරන්න. තමන්ගේ මාසික ක්ෂේත්‍ර සේවා වාර්තාව ලබා දිය යුත්තේ සභා පොත් පාඩම් අවේක්ෂකට බව මතක් කරන්න.

විනා. 25: “ආත්මිකව ශක්තිමත් පවුල් ඇති වන්නේ කෙසේද?”e මේ ලිපිය සාකච්ඡා කිරීමෙන් පසු, 1999 පෙබරවාරි 15 මුරටැඹ සඟරාවේ 10-12 දක්වා පිටුවල සඳහන් ප්‍රායෝගික අද්දැකීම් කිහිපයක් විස්තර කරන්න.

ගීතිකා අංක 17 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

e හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න