නිවේදන
◼ පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! නමැති පොත හෝ සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 192ක ඕනෑම පැරණි පොතක්. මාර්තු: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම්වලදී උනන්දුව දක්වන අයට දායක ඉදිරිපත් කළ හැකියි. බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය ඇතුව ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න.
◼ ඉඳහිට සේවය කරන ප්‍රදේශවල සේවයේ යෙදෙන විට දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න ප්‍රචාරකයන්ට පුළුවන්. මෙම ප්‍රකාශන දෙකම ගෙවැසියන් ළඟ දැනටමත් තිබෙනවා නම් වෙනත් ඕනෑම ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකියි. නිවෙස්වල කවුරුත් නැති විට තබා ඒම සඳහාත් පොත් පත් ලබා නොගන්න අයට දීම සඳහාත් විවිධ පත්‍රිකා ළඟ තබාගන්න. ඉඳහිට සේවය කරන ප්‍රදේශයකදී උනන්දුව දක්වන කෙනෙකු හමු වුවහොත් ඒ තැනැත්තාව නැවත හමුවීම සඳහා කටයුතු කිරීමට ළඟපාත සභාවකට දැන්විය යුතුයි.
◼ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ශාඛා කාර්යාලය 2002 මැයි 11වන සෙනසුරාදා වසා තබනු ලැබේ. එදින බෙතෙල් නිවස බැලීමට හෝ එහි පැමිණ පොත් පත් ගැනීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙකු විසින් මාර්තු 1වනදා හෝ ඉන්පසුව හෝ හැකි විගස සභාවේ ගිණුම් විගණනය කළ යුතුයි. මෙය කළ පසු ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.
◼ ලේකම් හා සේවා අවේක්ෂක සියලුම ස්ථාවර පුරෝගාමීන්ගේ සේවය හා සම්බන්ධ කටයුතු සලකා බැලිය යුතුයි. පැය අවශ්‍යතා සපුරාගැනීමට යම් අයට අපහසු නම් ඒ අයට උපකාර කිරීමට වැඩිමහල්ලන් යම් සැලසුම් යෙදිය යුතුයි. මේ සඳහා අවශ්‍ය යෝජනා ලබාගැනීමට වාර්ෂිකව සමිතිය වැඩිමහල්ලන්ට එවන S-201 නමැති ලිපි බලන්න. වර්ෂ 1986 අපගේ රාජ්‍ය සේවාවේ සැප්තැම්බර් කලාපයේ පළ වූ අතිරේකයේ 12-20 දක්වා ඡේදත් බලන්න.
◼ වසර 2002 සිහි කිරීම පවත්වන කාලයේ ඉදිරිපත් කරන විශේෂ ප්‍රසිද්ධ කථාව අප්‍රියෙල් 14වන ඉරිදා දීමට නියමිතයි. මේ කතාවේදී සාකච්ඡාවට ලක් කරන විෂය වන්නේ “‘භය උපදවන දවස’ මනසෙහි ප්‍රමුඛව තබාගනිමු” යන්නයි. දළ සටහනක් සපයනු ලබනවා. යම් සභාවකට චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම හෝ එක්රැස්වීමක් ඒ සතියට යෙදී ඇත්නම්, විශේෂ කතාව ඉදිරිපත් කරන්නේ ඊට පසු සතියේ බව සලකන්න. කිසිම සභාවක් 2002 අප්‍රියෙල් 14වනදාට කලින් විශේෂ කතාව ඉදිරිපත් නොකළ යුතුයි.
◼ අලුතින් ලබාගත හැකි ප්‍රකාශන:
ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය (කළු හා තද දුඹුරු පැහැති කවරය සහිත සුපිරි කුඩා සංස්කරණය) —සරල කරන ලද චීන
ශුද්ධ බයිබලය (ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල නව ලෝක පරිවර්තනය සහිත) —රුසියානු
බයිබලය (bi) —වියෙට්නාමීය
යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II—ලොකු අකුරු මුද්‍රණය —ඉංග්‍රීසි
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිනදර්ශනය 2002 (ca02) —සිංහල සහ දෙමළ
පත්‍රිකා #26 (T-26) —ඉංග්‍රීසි, සිංහල සහ පෘතුගීසි
සේවා පාසැල (be) —ඉංග්‍රීසි
දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම 2002 (es02) —ඉංග්‍රීසි
◼ අලුතින් ලබාගත හැකි ශ්‍රව්‍ය කැසට් පට:
පවුලේ සාමාජිකයෙනි—දිනපතාම බයිබලය කියවීම ඔබේ ජීවිතයේ මඟ කරගන්න! (නාට්‍යය, තනි කැසට් පටය) —පෘතුගීසි
ගැළවීම සඳහා ලකුණු කරනු ලැබ (නාට්‍යය, තනි කැසට් පටය) —පෘතුගීසි
හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි වෙළු. 3 ඇල්බමය (cshs-3) —ඉංග්‍රීසි
◼ අලුතින් ලබාගත හැකි වීඩියෝ පට:
“දිව්‍ය ඉගැන්වීම් මගින් එක්සත් වී” (vcun) (PAL) —ඉංග්‍රීසි
“පොළොවේ සීමාවන් දක්වා” (vcea) (PAL) —ඉංග්‍රීසි
“මුළු සහෝදර සංගමය” (vcea) (PAL) —ඉංග්‍රීසි