සේවා රැස්වීම් වැඩසටහන
පෙබරවාරි 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 6
විනා. 12: සභා නිවේදන සහ අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. උත්පත්ති 6:1 සිට 9:19 දක්වා කියවීමට හෝ එහි ප්‍රධාන කරුණු පරීක්ෂා කර බැලීමටත් නෝවා දෙවි සමඟ ගමන් කළේය නමැති වීඩියෝ පටය නැරඹීමටත් සියලුදෙනාවම දිරිමත් කරන්න. මෙය නරඹන්නේ පෙබරවාරි 25න් පටන්ගන්නා සතියේ පවත්වනු ලබන සේවා රැස්වීමේදී කරන සාකච්ඡාව සඳහා සූදානම් වීමක් හැටියටයි.
විනා. 20: “දෙවිගේ වචනය සම්පූර්ණයෙන් දේශනා කරන්න.”a (ඡේද 1-13 දක්වා) මෙය මෙහෙයවිය යුත්තේ මුලසුනභාර අවේක්ෂක විසිනි. මාර්තු හා ඉන්පසු මාසවලදී අපි අත් කරගැනීමට ආශාවෙන් සිටින ඉලක්ක ගැන ඔහු උද්‍යෝගයෙන් සාකච්ඡා කරයි. මාර්තු මාසයේදී තමන්ට හැකි උපරිමයෙන් සේවයේ හවුල් වීම සඳහා ප්‍රායෝගික කාලසටහනක් සාදාගැනීමට මෙම අතිරේකය සමඟ තිබෙන දින දර්ශනය සෑම කෙනෙක්ම යොදාගත යුතුයි. ඒ මාසයේදී හැකි සෑම කෙනෙකුටම උපකාරික පුරෝගාමී සේවය කිරීමට දිරිගන්වන්න. ඡේද 7-8 දක්වා සාකච්ඡා කරන විට පුරෝගාමී සේවය කිරීමෙන් තමන් ලැබූ ප්‍රයෝජන ගැන පැවසීමට පසුගිය වසරේ සිහි කිරීමේ සමයේදී පුරෝගාමී සේවය කළ අයට ආරාධනා කරන්න. අද රැස්වීමෙන් පසු උපකාරික පුරෝගාමී අයදුම් පත් ලබාගන්න පුළුවන් බව කියන්න.
විනා. 13: “සඟරා හඳුන්වා දිය හැකි අයුරු.” වත්මන් අර්බුදකාරි කාලවල මිනිසුන් අද්දකින ගැටලු ප්‍රශ්න සමඟ සඟරාවල පළවන ලිපි සම්බන්ධ කරගන්න ආකාරය හොඳින් සූදානම් කරගැනීමට අපගේ රාජ්‍ය සේවාවේ දැක්වෙන මෙම කොටස ප්‍රචාරකයන්ට උපකාරවත් වී තිබෙන ආකාරය ගැන විමසන්න. මිනිසුන්ට සැනසිල්ල ගෙන දීම ගැන හා ඔවුන්ට සෑහීම ගෙන දෙන පිළිතුරු සොයාගැනීමට නොහැකි වී තිබෙන ප්‍රශ්නවලට බයිබලය යොදාගනිමින් පිළිතුරු සොයාගැනීමට උපකාර කිරීම ගැන සමහරුන්ට අද්දැකීම් තිබෙනවාද? පෙබරවාරි 1 මුරටැඹ සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න. ඉන්පසු පෙබරවාරි 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කළ හැකි අයුරු නිරූපණය කිරීම සඳහා මුල් යෝජනාව යොදාගන්න.
ගීතිකා අංක 49 සහ අවසාන යාච්ඤාව
පෙබරවාරි 18න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 95
විනා. 8: සභා නිවේදන සහ ගිණුම් වාර්තාව.
විනා. 12: “මිහිපිට සන්තෝෂවත්ම ජනයා.”b 1997 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවේ 6වන පිටුවේ සඳහන් “සන්තෝෂයට මඟ පෙන්වන පියවර” නමැති කොටසේ කරුණුද කෙටියෙන් සඳහන් කරන්න.
විනා. 25: “දෙවිගේ වචනය සම්පූර්ණයෙන් දේශනා කරන්න.”c (ඡේද 14-23 දක්වා) මෙය මෙහෙය විය යුත්තේ සේවා අවේක්ෂක විසිනි. මාර්තු මාසයේ සේවය වැඩියෙන් කිරීම සඳහා සභාව සකස් කරමින් තිබෙන විශේෂ සැලසුම් සලකා බලන්න. මාර්තු මාසයේ ක්ෂේත්‍ර සේවය සහ රැස්වීම් සඳහා නියමිත සම්පූර්ණ කාලසටහන සකස් කර තිබෙන ආකාරය විස්තර කරන්න. අක්‍රියාශීලී වී සිටින අයට යළි ක්‍රියාශීලී වීමට උපකාර කිරීම ගැනත් සාක්ෂිකරුවන්ගේ දරුවන්ට හා බයිබල් ශිෂ්‍යයන්ට බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් වීම සඳහා සුදුසුකම් අත් කරගැනීමට උපකාර කිරීම ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න. උපකාරික පුරෝගාමී සේවය කිරීමට ඉදිරිපත් වී සිටින අයගේ නම් නිවේදනය කරන්න. ඔවුන් සමඟ එක්ව උපකාරික පුරෝගාමී සේවය කිරීම ගැන යාච්ඤාපූර්වකව සිතා බැලීමට අන් අයවත් දිරිගන්වන්න.
ගීතිකා අංක 143 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක174
විනා. 15: සභා නිවේදන. සඟරා ඉදිරිපත් කිරීම් දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න. එක නිරූපණයක් සඳහා පෙබරවාරි 8 පිබිදෙව්! සඟරාව සඳහා දී තිබෙන දෙවන යෝජනාවද අනෙක සඳහා පෙබරවාරි 15 මුරටැඹ සඟරාවට අදාළ යෝජනාවද යොදාගන්න. එක නිරූපණයක් කිරීම සඳහා යෞවනයෙකුව යොදාගන්න. පෙබරවාරි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ඉදිරිපත් කිරීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 15: “සාක්ෂියක් දෙන වීඩියෝ පට සතු බලය.” සබය සමඟ සාකච්ඡාවක්. මේ දක්වා අපි සේවා රැස්වීම්වලදී වීඩියෝ පට අටක නැරඹූ දේවල් සාකච්ඡා කළා. මෙම ලිපියේ සඳහන් අද්දැකීම් කෙටියෙන් සාකච්ඡා කිරීමෙන් පසු, මේ වීඩියෝ පට අනිත් අයට පෙන්වීමෙන් තමන් ලබා තිබෙන සාර්ථක ප්‍රතිඵල ගැන පැවසීමට ප්‍රචාරකයන්ට ආරාධනා කරන්න.
විනා. 15: “නෝවා දෙවි සමඟ ගමන් කළේය කාටත් ඉගෙනගත හැකි වීඩියෝ පටයක්.” මේ පිටුවේ තිබෙන කොටුවේ සඳහන් ප්‍රශ්න පමණක් යොදාගනිමින් කෙළින්ම සබය සමඟ නෝවා නමැති වීඩියෝ පටයේ අඩංගු වූ තොරතුරු සාකච්ඡා කරන්න. අප්‍රියෙල් මාසයේදී අපි සලකා බලන්නේ යෞවන අය අසති—මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද? නමැති වීඩියෝ පටයේ තොරතුරුයි.
ගීතිකා අංක 215 සහ අවසාන යාච්ඤාව.
මාර්තු 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 207
විනා. 5: සභා නිවේදන.
විනා. 12: ප්‍රශ්න පෙට්ටිය. පොත් පාඩම් අවේක්ෂකයෙකු කරන කතාවක්. ඔහු විටින් විට සබයද මීට සම්බන්ධ කරගනියි.
විනා. 12: බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා දැනුම පොත යොදාගන්න. නිවාස බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා මාර්තු මාසයේදී අපි විශේෂ වෑයමක් දරන්න බලාපොරොත්තු වෙනවා. ළඟදී කෙනෙක් දැනුම පොතෙන් පාඩම් පටන්ගෙන තිබෙනවා නම්, එය කළ ආකාරය පෙන්වීමට ඔහුව හෝ ඇයව යොදාගන්න. වසර 2002 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ “දැනුම පොත ඉදිරිපත් කිරීම සඳහා යෝජනා” ගැන සියල්ලන්ටම මතක් කරන්න. එම රාජ්‍ය සේවාවේ අතිරේකයේ 6වන පිටුවේ සඳහන් “ඍජු එළඹීම” යටතේ තිබෙන යෝජනාවලින් එකක් දැනුම පොත යොදාගනිමින් නිරූපණය කරන්න.
විනා. 16: “අත්නෑර දේශනා කළ යුත්තේ මන්ද?”d අවුරුදු ගණනාවක් තිස්සේ දිගටම දේශනා සේවයේ හවුල් වෙමින් සිටින ප්‍රචාරකයන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ කරන සම්මුඛ සාකච්ඡාවකින් අවසාන කරන්න. ඔවුන් අත්නෑර මේ සේවය කිරීමට හේතුවත්, එයින් ඔවුන් ලබා තිබෙන ප්‍රයෝජන ගැනත් පැවසීමට ඔවුන්ට ආරාධනා කරන්න.
ගීතිකා අංක 223 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කරගෙන ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කරගෙන ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කරගෙන ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කර
d හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කරගෙන ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.