නිවේදන
◼ දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා. මගේ බයිබල් කතන්දර පොත හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොත් මේ සඳහා ඉදිරිපත් කළ හැකි විකල්පයන්ය. ජනවාරි: වර්ෂ 1987ට කලින් ප්‍රකාශයට පත් කළ පිටු 192ක පොත් සභා පොත් පත් තොගයෙහි තිබේ නම්, ඒවා ඉදිරිපත් කළ හැකියි. Mankind’s Search for God නමැති පොත තිබෙනවා නම් එයද ඉදිරිපත් කළ හැකියි. පෙබරවාරි: Life—How Did It Get Here? By Evolution or by Creation? නමැති පොත හෝ එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! නමැති පොත හෝ සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 192ක ඕනෑම පැරණි පොතක්. මාර්තු: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න.
◼ තවමත් සභා බොහොමයක් ක්ෂේත්‍ර සේවය සඳහා කණ්ඩායම් වශයෙන් පාරවල් අසල හා ප්‍රසිද්ධ ස්ථානවල රැස් වෙනවා. සේවය කරනු ලබන ප්‍රදේශයට කිට්ටුව රාජ්‍ය ශාලාව හෝ ප්‍රචාරකයෙකුගේ නිවසක් තිබේ නම් ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම එම ස්ථානවල පැවැත්වීමට කටයුතු කරන්න කියා වැඩිමහල්ලන්ව දිරිගන්වන්න කැමතියි. ප්‍රසිද්ධ ස්ථානවල කණ්ඩායම් ලෙස රැස් වෙද්දී අනවශ්‍ය ලෙස අපව අවධානයට ලක් වන අතර, අපේ සහෝදරයන් විරුද්ධවාදිකම්වලට ලක්වීමට ඇතැම් අවස්ථාවලදී එය හේතුවක් වී තිබෙනවා.
◼ අලුතින් ලබාගත හැකි ප්‍රකාශන:
නව ලෝක පරිවර්තනය, සාමාන්‍ය සංස්කරණය (bi12)—චීන හා සරල කරන ලද චීන
ශුද්ධ බයිබලය (ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය ඇතුළුව) (bi2)—රුසියානු
යෙසායාගේ අනාවැකිය II (ip-2)—ඉංග්‍රීසි, සිංහල
යෙසායාගේ අනාවැකිය I—ලොකු මුද්‍රණය (iplp-1)—ඉංග්‍රීසි
සතුටින් පිරි ජීවිතයකට මඟ (la)—ඉංග්‍රීසි
පත්‍රිකා #14 (T-14)—ඉංග්‍රීසි
පත්‍රිකා #23 (T-23)—ඉංග්‍රීසි
පත්‍රිකා #20 (T-20)—දෙමළ
පත්‍රිකා #25 (T-25)—සිංහල
සතුටින් පිරි ජීවිතයකට මඟ (la)—දෙමළ, සිංහල
◼ අලුතින් ලබාගත හැකි ශ්‍රව්‍ය කැසට්පට:
ග්‍රීක් ශුද්ධ ලියවිලි ඇල්බමය (csgs)—ඉංග්‍රීසි
යෙහෝවාගේ සාක්ෂිකරුවන් . . . (vcjw) (NTSC)—ඉංග්‍රීසි
රුධිරය එපා (vcnb) (NTSC)—ඉංග්‍රීසි
◼ ළඟදීම ලබාගත හැකි ප්‍රකාශන:
සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම—ලොකු මුද්‍රණය—ඉංග්‍රීසි