ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/01 5 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
2001 අපගේ රාජ්‍ය සේවාව
km 11/01 5 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ විදේශීය රැකියාවක් කිරීමට හෝ වෙනත් රටක පදිංචියට යෑමට කලින් ක්‍රිස්තියානියෙකු සලකා බැලිය යුතු කරුණු මොනවාද? (1 කොටස)

ධනවත් රටක පදිංචියට ගොස් හොඳ අනාගතයක් ගොඩනඟා ගැනීම ගැන හෝ ඉහළ වැටුපක් ලැබිය හැකි රටක තාවකාලිකව හෝ වඩා සුරක්ෂිත රැකියාවක් කිරීම ගැන දිළිඳු රටවල හා සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන බොහෝදෙනෙක් කල්පනා කරනවා. මේ හේතුව නිසා සමහරු විදේශ රටක පදිංචියට යෑමට තීරණය කර තිබෙනවා. තවත් අය අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් විදේශීය රැකියා ගිවිසුම්වලට එළඹී තිබෙනවා. මෙවන් බැරෑරුම් තීරණයක් ගැනීමට කලින් ක්‍රිස්තියානියෙකු සලකා බැලිය යුතු දේවල් මොනවාද? මේ සම්බන්ධයෙන් ඔබට නැණවත් තේරීමක් කරන්න පුළුවන් කොහොමද?

විදේශ රටකදී මුළු කාලයම මුදල් සෙවීම සඳහා යෙදවීමට සිදුවීමේදී ඇති වන පීඩනය නිසා යමෙකුගේ ආත්මිකත්වය පහසුවෙන්ම අඩපණ විය හැකියි. (මතෙව් 13:22) හුදෙක් මූලික අවශ්‍යතා සපුරාගැනීම පිණිස හෝ මුදල් උපයාගැනීමේ ඉලක්කය සපුරාගැනීම සඳහා විදේශීය රටකට යන බොහෝදෙනෙකුට රැකියා දෙක තුනක් කිරීමට සිදු වෙනවා. දෙවිට නමස්කාර කිරීමේ කටයුතුවල නිරත වීම සඳහා බොහෝ අවස්ථාවලදී ඉතිරි වන්නේ සුළු කාලයයි. මේ නිසා ක්‍රිස්තියානි රැස්වීම්, බයිබලය අධ්‍යයනය කිරීම හා ක්ෂේත්‍ර සේවයේ යෑම අතපසු වෙනවා. සමහරුන් යෙහෝවාගේ සෙනඟගේ සේවයට තහංචි දමා තිබෙන රටවල හෝ කිසිම සභාවක් නැති රටවල හෝ රැස්වීම්වලදී කතා කරනු ලබන භාෂාව තමන්ට තේරෙන්නේ නැති රටවල රැකියා භාරගන්නවා. සමහරු අවුරුදු දෙකක හෝ තුනක කාලයක් සඳහා එළඹෙන රැකියා ගිවිසුම්වලට හිර වී සිටීම නිසා ආත්මික කටයුතුවල නිරත වීමට හෝ රැස්වීම්වලට යෑමට ඔවුන්ට කොහෙත්ම කාලය නැහැ. ඇත්තෙන්ම ඔවුන් තම හාම්පුතුන්ගේ දාසයන් බවට පත් වී සිටිනවා. නිවෙස්වල සේවය කරන ඇතැම් අය ස්වාමිවරුන්ගෙන් එල්ල වන දුරාචාරමය බලපෑම්වලට හසු වෙනවා. මේ දේවල් නිසා ආත්මික වශයෙන් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන අතර, අක්‍රියාශීලී තත්වයට පවා පත් විය හැකියි. වඩාත්ම වැදගත් දෙය වන්නේ තමන්ගේ ආත්මික ශුභසිද්ධිය සඳහා ක්‍රියා කිරීමයි. විදේශ රටක පදිංචියට යෑමට හෝ විදේශීය රැකියා ගිවිසුමකට එළඹීමට කලින් තමන්ගේ ආත්මික ශුභසිද්ධිය ගැන හොඳින් කල්පනා කර බැලිය යුතුයි. යේසුස් පැවසුවාක් මෙන් ‘දෙවිට සහ වස්තුවට සේවය කරන්ට නුඹලාට නුපුළුවන.’—මතෙව් 6:24.

පවුලේ එක සාමාජිකයෙක්, සාමාන්‍යයෙන් පියා හෝ මව අවුරුද්දක් දෙකක් හෝ තුනක් විදේශ රැකියාවක් කිරීමට තීරණය කළ හැකියි. පියා හෝ මව කලකට පවුලෙන් ඈත්ව සිටීම නිසා පවුලේ සතුට නැති වී යා හැකි අතර, පවුල් බැම්මද දෙදරා යෑමට ඉඩ තිබෙනවා. (1 කොරින්ති 7:1-5 සසඳන්න.) දරුවන්ට තමන්ගේ පියාගේ හෝ මවගේ සැලකිල්ල නොලැබී යා හැකි අතර, සමහරවිට අවුරුදු ගණනාවකට දෙමාපියන්ව නොදැක සිටීමට සිදු විය හැකියි.

පවුලේ ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයීම දෙමාපියන්ගේ යුතුකම බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. ඇතැම් අවස්ථාවකදී, එම යුතුකම ඉටු කිරීම සඳහා විදේශ රැකියාවක් කිරීම හැර වෙනත් කිසිම විකල්පයක් නොතිබිය හැකියි. (1 තිමෝති 5:8) කෙසේවෙතත්, තම පවුලේ අයගේ ආත්මික අවශ්‍යතා සපුරාලීමද දෙමාපියන්ගේ යුතුකමකි. මාස කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් පවුලේ අයගෙන් ඈත්ව සිටියහොත් පියාට හෝ මවට එම යුතුකම හොඳින් ඉටු කරන්න පුළුවන්ද? මෙය කළ නොහැකියි. එනිසා ඔබ කලකට දරුවන්ගෙන් ඈත්ව සිටීම ඔවුන්ට බලපාන ආකාරය ගැන බලද්දී, ද්‍රව්‍යමය දේවල් අත් කරගැනීමට ඔබ දරන වෑයම ඇත්තටම වටිනවාද කියා ඔබ සලකා බැලිය යුතුයි.—එපීස 6:4.

තම කලත්‍රයාගෙන් ඈත්ව සිටීම නිසා මුහුණ පෑමට සිදු වන අසීරු තත්වයන් මැද සමහරුන් ලිංගික දුරාචාරයේ බලපෑම්වලට හසු වී තිබීම කනගාටුවට කාරණයක්. (1 කොරින්ති 7:1-5 සසඳන්න.) විදේශ රටකට යෑමට තීරණය කළා හෝ නොකළා හෝ වේවා පවුලකට දිගටම එකට ජීවත් වෙන්න පුළුවන් නම්, එයින් ලැබෙන ප්‍රයෝජන මොනතරම්ද! පවුලේ සමගිය මුදල්වලින් ගන්න පුළුවන් දෙයක් නොවෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න