නිවේදන
◼ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? හෝ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. දැනටමත් මිනිසුන් ළඟ මේ ප්‍රකාශන තිබෙනවා නම්, Mankind’s Search for God නමැති පොත හෝ වෙනත් පැරණි ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකියි. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා. විකල්ප ඉදිරිපත් කිරීමක් වශයෙන් මගේ බයිබල් කතන්දර පොත හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොත් ඉදිරිපත් කළ හැකියි. ජනවාරි: වර්ෂ 1987ට කලින් ප්‍රකාශයට පත් කළ පිටු 192 පොත් සභා පොත් පත් තොගයෙහි තිබේ නම්, ඒවා ඉදිරිපත් කළ හැකියි. Mankind’s Search for God නමැති පොත තිබෙනවා නම් එයද ඉදිරිපත් කළ හැකියි. පෙබරවාරි: එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! නමැති පොත හෝ සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 192 ඕනෑම පැරණි පොතක්.
◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙකු දෙසැම්බර් 1වනදා හෝ ඉන් පසු හැකි විගස සභාවේ ගිණුම් විගණනය කළ යුතුයි. මෙය කළ පසු ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගිණුම් විගණනය කළ බව නිවේදන කරන්න.
◼ සභාවක් සමඟ ඇසුරු කරන අය මුරටැඹ සහ පිබිදෙව්! සඟරා සඳහා අලුත් හෝ අලුත් කළ යුතු දායක ඉදිරිපත් කළ යුත්තේ සභාව මාර්ගයෙනි. පෞද්ගලික දායක සම්බන්ධයෙන්ද මෙය අදාළ වේ.
◼ ප්‍රචාරකයන් පෞද්ගලික පොත් පත් සඳහා කරන ඉල්ලුම් සමිතිය සපුරාලන්නේ නැත. සභාවේ මාසික පොත් පත් ඉල්ලුම සමිතියට යවන්න කලින් සෑම මාසයකම නිවේදනයක් ඉදිරිපත් කිරීම සඳහා මුලසුන භාර අවේක්ෂක කටයුතු කළ යුතුයි. මෙසේ කිරීමෙන් තමන්ට පෞද්ගලිකව අවශ්‍ය පොත් පත් ලබාගන්න කැමති සියල්ලන්ටම, ඒ බව පොත් අංශයට දැනුම් දිය හැකියි. කරුණාකර, විශේෂ ඉල්ලුම් අයිතම සේ සැලකෙන ප්‍රකාශන මොනවාද කියා මතක තබාගන්න.
◼ පිබිදෙව්! සඟරාව දැන් ත්‍රයි මාසිකව ක්‍රිග්හිස් භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරේ.
◼ පිබිදෙව්! සඟරාව ජපන් භාෂාවෙන් ශ්‍රව්‍ය කැසට් පටවලින් ලබාගත හැකියි.
◼ ලොකු අකුරෙන් මුද්‍රිත මුරටැඹ සඟරාව සරල කරන ලද චීන භාෂාවෙන් (Pinyin) හා ස්වහීලී භාෂාවෙන් ලබාගත හැකියි.
◼ ළඟදීම ලබාගත හැකි අලුත් ප්‍රකාශන:
ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—ඉග්බෝ
දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!—දෙමළ
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!—දෙමළ
◼ දැන් ලබාගත හැකි ප්‍රකාශන:
මුරටැඹ බැඳි වෙළුම 2000 (wvol00)—පෘතුගීසි
පිබිදෙව්! බැඳි වෙළුම 2000 (gvol00)—පෘතුගීසි
ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම (rs)—ඉංග්‍රීසි
ශ්‍රව්‍ය කැසට් පට, ගීතාවලිය (csPs)—ඉංග්‍රීසි
වීඩියෝ කැසට් පට, නව ලෝක සමාජය (vcsy) (NTSC)—ඉංග්‍රීසි
වීඩියෝ කැසට් පට, මුළු සංගමය (vcas) (NTSC)—ඉංග්‍රීසි