ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/01 8 පි.
  • පරමාර්ථය කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පරමාර්ථය කුමක්ද?
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • රැස්වීම්වලට පැමිණීමට අන් අයට උපකාර කරන්න
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2001 අපගේ රාජ්‍ය සේවාව
km 10/01 8 පි.

පරමාර්ථය කුමක්ද?

1 අපි නිවාස බයිබල් පාඩම් පවත්වන්නේ ඇයි? හුදෙක් මිනිසුන්ට දැනුම ලබා දීමට හෝ යහපත් ජීවිතයකට මඟ සලසා දීමටද? නැත්නම් දීප්තිමත් අනාගතයක් ගැන බලාපොරොත්තුවක් ඔවුන් තුළ ඇති කිරීමටද? නැහැ. අපේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මිනිසුන්ව යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත් කිරීමයි. (මතෙ. 28:19; ක්‍රියා 14:21) මේ පරමාර්ථය ඉටු කරගැනීමට නම්, අපිත් එක්ක පාඩම් කරන අය සභාව සමඟ ඇසුරු කිරීම අවශ්‍යයි. ක්‍රිස්තියානි සභාව කෙරෙහි ඔවුන් තුළ ඇති වන අගය කිරීම ඔවුන්ගේ ආත්මික වර්ධනයට බෙහෙවින් බලපායි.

2 එය අත් කරගන්නා අයුරු: රැස්වීම්වලට එන්න කියා පාඩම පටන්ගත් දා සිටම ශිෂ්‍යයාට දිගටම උනන්දු කරන්න. (හෙබ්‍රෙ. 10:24, 25) රැස්වීම්වලින් ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් වන ආකාරයත්, දෙවිගේ කැමැත්ත කිරීමට රැස්වීම් උපකාරවත් වන ආකාරයත් ශිෂ්‍යයාට පැහැදිලි කරන්න. යෙහෝවාට ප්‍රශංසා කරන අය සමඟ යහපත් ඇසුරක් භුක්ති විඳින්නත් රැස්වීම්වලින් අවස්ථාවක් ලැබෙන බව පෙන්වා දෙන්න. (ගීතා. 27:13; 32:8; 35:18) සභාව සහ රැස්වීම් කෙරෙහි ඇති ඔබේ ඇල්ම හා අගය කිරීම ගැන ශිෂ්‍යයා සමඟ කතා කරද්දී, රැස්වීම්වලට පැමිණීමට ඔහු තුළ ඇති ආශාව එයින් උත්තේජනය වෙයි.

3 යෙහෝවාගේ සංවිධානය ජාත්‍යන්තර සහෝදරත්වයකින් සමන්විත බව නවකයන් තේරුම්ගැනීම අවශ්‍යයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හඳුනාගනිමු හා අපේ මුළු සහෝදර සංගමය (Jehovah’s Witnesses—The Organization Behind the Name and Our Whole Association of Brothers) නමැති වීඩියෝ පටි ඔවුන්ට පෙන්වන්න. ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව තේරුම්ගත නොහැකි නම්, මෙම වීඩියෝ පටිවල තිබෙන දර්ශනවලින් පෙන්වන දේවල් පැහැදිලි කර දීම සඳහා පරිවර්තකයෙකුව යොදාගන්න පුළුවන්ද? යෙහෝවා ඔහුගේ කැමැත්ත ඉටු කරගැනීම සඳහා ලොව පුරා තමන්ට කැප වී සේවය කරන දශලක්ෂ ගණනක්ව යොදාගනිමින් සිටින බව තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. දෙවිට සේවය කිරීම සඳහා මෙම නවකයන්ටත් ආරාධනා කර තිබෙන බව ඔවුන්ට වටහාගැනීමට සලස්වන්න.—යෙසා. 2:2, 3.

4 අප සමඟ බයිබලය පාඩම් කරන කෙනෙක් යේසුස්ගේ සැබෑ ගෝලයෙක් බවට පත් වෙනවා දකිද්දී ඇති වන ප්‍රීතිය කියා නිම කළ නොහැකියි. අපේ පරමාර්ථය යේසුස්ගේ සැබෑ ගෝලයෙක් සෑදීමයි.—3 යොහ. 4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න