ඔබ ආත්මික ආහාර කොතරම් හොඳින් අනුභව කරනවාද?
1 අපේ ආහාර පුරුදු ශරීර ශක්තියට හා නිරෝගිකමට බලපානවා. “මනුෂ්‍යයා [දෙවිගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය” කියා යේසුස් පැවසුවා. (මතෙ. 4:4) එම වදන්වලින් පැහැදිලි වන්නාක් මෙන් අපේ ආත්මික ආහාර අනුභව කිරීමේ පුරුදු අපේ යහපතට හෝ අයහපතට බලපානවා. ඔබ ආත්මික ආහාර කොතරම් හොඳින් අනුභව කරනවාද? ඔබ උඩින් පල්ලෙන් අනුභව කරන කෙනෙක්ද? ඔබ ඉක්මනින් අනුභව කරන කෙනෙක්ද? එහෙම නැත්නම් සමබර පෝෂ්‍යදායී ආත්මික ආහාර වේලක් භුක්ති විඳීම සඳහා ඔබ නිතිපතා කාලය වෙන් කරගෙන එයින් තෘප්තියක් ලබනවාද?
2 ඔබේ ආහාර පුරුදු විග්රහ කර බලන්න: යෙහෝවා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙන් “නියම වේලාවට කෑම” සපයනවා. එමෙන්ම ‘ප්‍රණීත ආහාරවලින් යුත් මංගල්‍යයන්’ පිළියෙළ කරනවා. (මතෙ. 24:45; යෙසා. 25:6) මෙම ප්‍රේමනීය සැපයුම්වලින් පූර්ණ ප්‍රයෝජන ගැනීමට නම් ආත්මික ආහාර හොඳින් අනුභව කිරීමට අප වෑයම් කළ යුතුයි.
3 ඔබෙන්ම මෙසේ අසන්න. ‘මම හැමදාම දිනපදය හා ඊට අදාළ විස්තරය කියවනවාද? මම හැමදාම බයිබලය කියවා මෙනෙහි කරනවාද? කල්තියා අදාළ තොරතුරු මූලාශ්‍ර අධ්‍යයන කිරීමෙන් සභා රැස්වීම්වලට මම සූදානම් වෙනවාද? යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන නමැති පොතේ දෙවන වෙළුම ඇතුළුව අපේ අලුත් ප්‍රකාශන මම කියවා තිබෙනවාද?’
4 යේසුස් මෙසේ පොරොන්දු වුණා. ‘තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂවත්ය. ධර්මිෂ්ඨකමට කුසගින්නක් හා පිපාසයක් ඇත්තෝ සන්තෝෂවත්ය. මක්නිසාද ඔවුහු තෘප්තියට පැමිණෙන්නෝය.’ (මතෙ. 5:3, 6, NW) එබැවින්, දෙවි පිළිබඳ දැනුමෙන් අපේ මනස් හා හදවත් පෝෂණය කරගැනීම සඳහා හොඳින් ආත්මික ආහාර අනුභව කරන්න.