ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/01 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ජූනි 11න් පටන්ගන්නා සතිය
  • ජූනි 18න් පටන්ගන්නා සතිය
  • ජූනි 25න් පටන්ගන්නා සතිය
  • ජූලි 2න් පටන්ගන්නා සතිය
2001 අපගේ රාජ්‍ය සේවාව
km 6/01 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ජූනි 11න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 178

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. ජූනි 25න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීමේ සාකච්ඡා කරන කොටස සඳහා සූදානම් වීමක් වශයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නාට්සි හිංසා හමුවෙහි ස්ථිරව නමැති වීඩියෝ පටය නැරඹීමට සියලුදෙනාවම දිරිමත් කරන්න.

විනා. 15: “දිගටම ‘යහපත කරන්න.’” වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන ශුද්ධ ලියවිලි මත පදනම් දිරිගන්වනසුලු කතාවක්.

විනා. 20: “ඔබේ ශිෂ්‍යයාගේ හදවතට ළඟා වෙන්න.”a තමන්ගේ හදවත් තුළ යෙහෝවා කෙරෙහි ඇදහිල්ල හා ප්‍රේමය වර්ධනය කරගැනීමට නවකයන්ට උපකාර කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික යෝජනා සපයන්න. වර්ෂ 1999 ජූලි 15 මුරටැඹ කලාපයේ 14 පිටුවේ, ඡේද 18-20 දක්වා සඳහන් මූලික කරුණු මෙයට ඇතුළත් කරන්න.

ගීතිකා අංක 184 සහ අවසාන යාච්ඤාව.

ජූනි 18න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 194

විනා. 5: සභා නිවේදන සහ ගිණුම් වාර්තාව.

විනා. 10: සාකච්ඡාවට බාධා පමුණුවන අයගේ ප්‍රශ්නවලට ප්‍රතිචාරය දැක්වීම. සබය සමඟ සාකච්ඡාවක්. ඔබේ බලප්‍රදේශයේදී ඇතැමුන් පැවසිය හැකි සාකච්ඡාවට බාධා පමුණුවන ප්‍රකාශයන් සමහරක් තෝරාගන්න. “මම බෞද්ධයෙක්” “මම හින්දු ආගමේ” හෝ “ඔයාලා මිනිසුන්ව ඔයාලාගේ ‘ආගමට හරවා ගන්නවා’ නේද?” මෙවැනි ප්‍රකාශයන්වලට ප්‍රතිචාරය දැක්විය හැකි හොඳම ක්‍රමය ගැනත්, එයට හේතු ගැනත් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

විනා. 30: “ඔබටත් ඉදිරිපත් විය හැකිද?” දිරිගන්වනසුලු කතාවක් ලෙස ඉදිරිපත් කරන්න. ඡේද 13න් සහ 18-24 ඇසුරෙන් කථිකයා සූදානම් කරගත් ප්‍රශ්න අසන විට අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. බෙතෙල් සේවය තමන්ගේ ජීවිත මඟ කරගැනීම ගැන සලකා බැලීමට තම දරුවන්ට උපකාර කිරීම සඳහා දෙමාපියන්ව දිරිමත් කරන්න. පවුලේ පාඩමේදී මේ අතිරේක ලිපිය සාකච්ඡා කිරීමට යෝජනා කරන්න.

ගීතිකා අංක 197 සහ අවසාන යාච්ඤාව.

ජූනි 25න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 2

විනා. 15: සභා නිවේදන. ජූලි සහ අගෝස්තු මාසවලදී ඉදිරිපත් කරන පොත් පත් සලකා බලන්න. සභා පොත් පත් තොගයෙහි තිබෙන විවරණිකා දෙකක් ගැනද විශේෂයෙන් සඳහන් කරන්න. හොඳින් සූදානම් කළ නිරූපණ දෙකක් මගින් දේවසේවයේදී මේවා ඉදිරිපත් කරන ආකාරය පෙන්වන්න. ඉදිරිපත් කරන ආකාරය ගැන යෝජනා ලබාගැනීම සඳහා 1995 සිට 1998 දක්වා අපගේ රාජ්‍ය සේවාවේ ජූලි හා අගෝස්තු කලාපවල අවසන් පිටු බලන්න.

විනා. 30: “මම ස්ථිරව සිටිනවා! මම ස්ථිරව සිටිනවා! මම ස්ථිරව සිටිනවා!” හිංසා හමුවෙහි ස්ථිරව නමැති වීඩියෝ පටයේ තොරතුරු සබය සහභාගි කරවා ගනිමින් කරන සාකච්ඡාවක්. මේ සඳහා 2වන පිටුවේ සඳහන් ප්‍රශ්න යොදාගන්න. ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් පසු 3-4 දක්වා ඡේද සලකා බලන්න. හිංසා හමුවෙහි ස්ථිරව නමැති වීඩියෝ පටය පන්ති කාමරවල පෙන්වීම සඳහා ගුරුවරුන් සඳහා සකස් කර තිබෙන සංස්කරණය ගැන නිවේදනවල සඳහන් කොටස කියවන්න. සාකච්ඡාව අවසානයේදී 1999 නොවැම්බර් 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ 31වන පිටුවේ සඳහන් අද්දැකීම විස්තර කරන්න. අගෝස්තු මාසයේදී අප සලකා බලන්න යන්නේ නව ලෝක සමාජය ක්‍රියාත්මක වෙයි නමැති වීඩියෝ පටයේ තිබෙන තොරතුරුයි.

ගීතිකා අංක 29 සහ අවසාන යාච්ඤාව.

ජූලි 2න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 5

විනා. 13: සභා නිවේදන. ජූනි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. “පෞද්ගලික පුස්තකාලයක් සාදාගන්න” නමැති කොටසද සලකා බලන්න. තවමත් තමන්ට පෞද්ගලික පුස්තකාලයක් නොමැති නම්, කල් නොදමා දිව්‍යාණ්ඩු පුස්තකාලයක් සාදාගන්න සියලුදෙනාවම දිරිමත් කරන්න.

විනා. 15: යෞවනයෙනි—නැණවත් ලෙස ඔබේ වෘත්තිය තෝරාගන්න. අමතර අධ්‍යාපනය ලැබීමේදී සැලකිල්ලට ගත යුතු ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති සලකා බලන කොටස් තුනක් සේවා රැස්වීමේදී සාකච්ඡා කෙරේ. එයින් පළමු කොටස මෙයයි. සමහර ක්‍රිස්තියානි යෞවනයන් ලෞකික රැකියා ඉලක්ක කරගනිමින් උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා. මෙය ඔවුන්ගේ ආත්මිකත්වයට අහිතකර ලෙස බලපා තිබෙනවා. මේ කොටස මෙහෙය වන්නේ දෙමාපියන් දෙදෙනෙකු නහඹර වියේ පසුවන තම පුතා හෝ දුව සමඟ කරන සාකච්ඡාවක් ලෙසයි. මෙම යෞවනයා හෝ යෞවනිය තමාගේ අනාගත ඉලක්ක ගැන බරපතළ තීරණයක් ගත යුතු අවස්ථාවට මුහුණ දී සිටියි. සමහර අය මූල්‍යමය වාසි ප්‍රයෝජන, උසස් තත්වයක් හා සැපපහසු ජීවිතයක් ඉලක්ක කරගෙන තම අනාගතය සැලසුම් කළ හැකි වුවත්, මේ සම්බන්ධයෙන් බයිබලය කියන දෙය මෙම පවුල පරීක්ෂා කර බලයි. (යෞවන අය අසති පොතේ 174-5 පිටුද; මුරටැඹ 1997, අගෝස්තු 15 පිටු 21ද; 1999 සැප්තැම්බර් 1, පිටු 19-21හි සඳහන් ඡේද 1-3 සහ 5-6දබලන්න.) ගත යුතු නැණවත් ක්‍රියාමාර්ගය වන්නේ රාජ්‍ය කටයුතුවල වර්ධනයට තමන්ට අතහිත දිය හැකි ආකාරයෙන් තමාගේ අනාගත ජීවිතය සකස් කරගැනීම බවට යෞවනයා එකඟ වෙයි.

විනා. 17: “ඔබේ බලප්‍රදේශයේ සිටින බිහිරි අයව සොයාගැනීමට වෑයම් කරන්න.”b සංඛ්‍යා ලේඛනවලින් ලබාගත හැකි නම්, ඔබේ බලප්‍රදේශයේ බිහිරි අයගේ ගණන සඳහන් කරන්න. බිහිරි අයට සාක්ෂි දැරීම සම්බන්ධයෙන් සභාවේ යම් අය අද්දැකීම් ලබා තිබෙනවා නම්, ඒ ගැන සඳහන් කිරීමට ආරාධනා කරන්න.

ගීතිකා අංක 32 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න