සේවා රැස්වීම් වැඩසටහන
මාර්තු 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 112
විනා. 10: සභා නිවේදන සහ අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. “මන්නාරමේ නව රාජ්‍ය ශාලාව කැප කරයි” නමැති කොටසද සලකා බලන්න.
විනා. 10: සභා අවශ්‍යතා
විනා. 20: “අප්‍රියෙල් මාසය ‘වීර්යය කරමින් වැඩ කිරීමට’ කාලයකි.” (ඡේද 1-13) මේ කොටස ඉදිරිපත් කළ යුත්තේ මුලසුන භාර අවේක්ෂක විසිනි. අප්‍රියෙල් මාසයේදී අපි ඉටු කරගැනීමට ආශාවෙන් බලා සිටින දේවල් ගැන උද්‍යෝගිමත් ලෙස කරන සාකච්ඡාවක්. අප්‍රියෙල් මාසයේදී සභාවේ සියලුම ප්‍රචාරකයන් සේවයේ හවුල් කරවීමේ ඉලක්කය සපුරාගැනීම සඳහා තමන්ගේ කොටස කිරීමට සෑම කෙනෙකුවම දිරිමත් කරන්න.
ගීතිකා අංක 147 සහ අවසාන යාච්ඤාව.
මාර්තු 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 166
විනා. 8: සභා නිවේදන සහ ගිණුම් වාර්තාව.
විනා. 17: වර්ෂ 1999 පෙබරවාරි 15 මුරටැඹ සඟරාවේ 26-29 දක්වා පිටුවල සඳහන් “සීලස් දිරිගැන්වීමේ උල්පතක්” නමැති ලිපිය පදනම් කරගත් සාකච්ඡාවක්. අනිත් අයව දිරිගැන්වීමෙන් හා ගොඩනැංවීමෙන් ලැබෙන ප්‍රයෝජන පැහැදිලි කරන්න. සාකච්ඡාව අවසානයේදී, දේවසේවයේ ජ්වලිතව හවුල් වීම, කැමැත්තෙන්ම යම් දේවල් කිරීම හා අහිතකර තත්වයන්ට මුහුණ දීමට සිදු වුණත් නිතරම ඒකාන්ත ආකල්පයක් තබාගැනීමේ ඇති වැදගත්කම ගැන අවධාරණය කරන්න.
විනා. 20: “අප්‍රියෙල් මාසය ‘වීර්යය කරමින් වැඩ කිරීමට’ කාලයකි.” (ඡේද 14-30) මේ කොටස ඉදිරිපත් කළ යුත්තේ සේවා අවේක්ෂක විසිනි. තෝරාගත් ඡේද කිහිපයක් ප්‍රශ්නෝත්තර ක්‍රමයට මෙහෙයවමින් ඉදිරිපත් කරන කතාවක්. අප්‍රියෙල් මාසයේදී දේවසේවයෙහි තමන්ට හැකි උපරිමය කිරීම සඳහා සෑම කෙනෙක්ම තමන්ට ප්‍රායෝගික වන කාලසටහනක් පිළියෙළ කරගත යුතුයි. ඒ මාසයේ ක්ෂේත්‍ර සේවය සඳහා එක්රැස් වන ස්ථාන ඇතුළත් කරමින් පිළියෙළ කර තිබෙන විධිවිධාන ගැන සභාව දැනුවත් කරන්න. උපකාරික පුරෝගාමී සේවය කළ හැකි සෑම කෙනෙකුටම රැස්වීමෙන් පසු අයදුම් පතක් ලබාගැනීමට දිරිගන්වන්න.
ගීතිකා අංක 188 සහ අවසාන යාච්ඤාව.
මාර්තු 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 204
විනා. 10: සභා නිවේදන. අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමී සේවය කිරීම සඳහා අයදුම් පතක් ඉදිරිපත් කිරීමට තවමත් ප්‍රමාද නැති බව පැහැදිලි කරන්න. දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2001 නමැති පොත් පිංචයේ සඳහන් වන ආකාරයට අප්‍රියෙල් මස 3-8 දක්වා තිබෙන සිහි කිරීමේ සතියට නියමිත බයිබල් කියවීමේ කොටස් කියවන්න සියලුදෙනාවම දිරිගන්වන්න. සිහි කිරීම පවත්වන සතියට නියමිත මුරටැඹ පාඩම පවත්වන්නේ කවදාද කියා සභාවට දැනුම් දෙන්න. අප්‍රියෙල් 1වනදා එනම් මේ ඉරිදා ඉදිරිපත් කරන “ගැළවිය හැක්කේ කාටද?” නමැති මාතෘකාවෙන් යුත් විශේෂ ප්‍රසිද්ධ කථාව ගැනද මතක් කරන්න. අප්‍රියෙල් මාසයේ සේවයට හොඳ ආරම්භයක් දෙමින් අප්‍රියෙල් 1වනදා සේවයේ හවුල් වීමටද සෑම කෙනෙකුවම දිරිගන්වන්න.
විනා. 20: “යෙහෝවාට සහ ඔහුගේ පුත්‍රයාට ගරු කරමු.” ශුද්ධ ලියවිලි පාඨ යොදාගනිමින් වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරන පොලඹවනසුලු කතාවක්. අප්‍රියෙල් මාසයේ සැලසුම් කර තිබෙන විශේෂ ක්‍රියාකාරකම්වල තමන්ට හැකි උපරිමයෙන් හවුල් වන්නත් සිහි කිරීමට නවකයන්ට ආරාධනා කිරීමට වෑයම් කරන්නත් සියලුදෙනාවම දිරිගන්වන්න.
විනා. 15: සඟරා ඉදිරිපත් කරන ආකාරය සූදානම් වීම. අප්‍රියෙල් මාසයේදී අපි ඉදිරිපත් කරන්නේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරායි. වර්ෂ 1996 අපගේ රාජ්‍ය සේවාවේ ඔක්තෝබර් කලාපයේ 8වන පිටුවේ සඳහන් 3වන හා 10වන ඡේද සලකා බලන්න. වත්මන් සඟරාවලින් තෝරාගත හැකි මතු දැක්වෙන කරුණු විශේෂ කොට දක්වන්න. (1) නිශ්චිත ලිපියක් (2) සාකච්ඡාවට යොදාගත හැකි කරුණක් (3) උනන්දුව ඇති කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්නයක් (4) අලුතින් එන හැම සඟරාවක්ම ඉදිරිපත් කිරීමේදී අවස්ථාවට ගැළපෙන අයුරින් බලපෑමෙන් යුක්තව යොදාගත හැකි ශුද්ධ ලියවිලි පාඨයක්. ඕනෑ කරන්නේ විවරණිකාව හෝ දැනුම පොත යොදාගනිමින් උනන්දුව දක්වන අය සමඟ බයිබල් පාඩම් පටන්ගැනීමට උත්සාහ කරන්න. මුල් හමුවීමේදී ඉහත සඳහන් කළ කරුණු යොදාගනිමින් සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය ගැන හොඳින් සූදානම් කළ නිරූපණයක් මේ කොටස අවසානයේදී ඉදිරිපත් කරන්න.
ගීතිකා අංක 207 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 220
විනා. 9: සභා නිවේදන. මාර්තු මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. “සිහි කිරීම ගැන මතක් කිරීම්” නමැති කොටසද සලකා බලන්න.
විනා. 18: “දේශනා කිරීමට අපව පොලඹවන්නේ ප්‍රේමයයි.”a මෙම ලිපියේ තිබෙන ශුද්ධ ලියවිලි පාඨවල සඳහන් මූලික කරුණු කැපීපෙනෙන්න සලස්වන්න. දේශනා සේවය අත්නෑර මේ දක්වා කිරීම සඳහා දෙවිට ඇති ප්‍රේමය තමන්ව පොලඹවා තිබෙන ආකාරය ගැන අදහස් දැක්වීමට අවුරුදු ගණනාවක් පුරා ක්‍රියාශීලීව සේවයේ හවුල්වන ප්‍රචාරකයෙකුට ආරාධනා කරන්න. අප්‍රියෙල් මාසයේ හා ඉන්පසු මාසවලදී ක්ෂේත්‍ර සේවයේ තමන්ට හැකි උපරිමය කිරීමට සියලුම ප්‍රචාරකයන්ව උනන්දු කරන්න.
විනා. 18: “රැස්වීම්වලට පැමිණීමට අන් අයට උපකාර කරන්න.”b බයිබල් ශිෂ්‍යයන්ව සංවිධානය වෙතට යොමු කිරීම සඳහා යොදාගත හැකි ක්‍රම පිළිබඳ යෝජනා කිහිපයක් 1996 ජූනි අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ අතිරේකයේ 14-16 දක්වා ඡේදවල සඳහන් වෙනවා. රැස්වීම්වලට පැමිණීම සඳහා මුල සිටම බයිබල් ශිෂ්‍යයන්ව උනන්දු කිරීමට ඕනෑ කරන්නේ විවරණිකාව (5වන පාඩමේ 7වන ඡේදය) හා දැනුම පොත (5වන පාඩමේ 22වන ඡේදය) යොදාගත හැකි ආකාරය පැහැදිලි කරන්න. මෙය කරන ආකාරය සභාවට හොඳින් තේරුම්ගැනීම සඳහා දක්ෂ ප්‍රචාරකයෙකුව යොදාගනිමින් රැස්වීම්වලට පැමිණීම ගැන බැරෑරුම් ලෙස කල්පනා කර බැලීමට ශිෂ්‍යයෙකුව දිරිමත් කරන ආකාරය නිරූපණය කරන්න.
ගීතිකා අංක 47 සහ අවසාන යාච්ඤාව.
[Footnote]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.