ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/01 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • පෙබරවාරි 12න් පටන්ගන්නා සතිය
  • පෙබරවාරි 19න් පටන්ගන්නා සතිය
  • පෙබරවාරි 26න් පටන්ගන්නා සතිය
  • මාර්තු 5න් පටන්ගන්නා සතිය
2001 අපගේ රාජ්‍ය සේවාව
km 2/01 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

පෙබරවාරි 12න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 6

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. පෙබරවාරි 26න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීමේදී, මිනිසා සතු පැරණිතම මෙන්ම නවීනතම පොත වන බයිබලය නමැති වීඩියෝ පටයේ තොරතුරු සාකච්ඡා කරනවා. මෙම සාකච්ඡාව පදනම් වන්නේ අපගේ රාජ්‍ය සේවාවේ මෙවර කලාපයේ 5වන පිටුවේ සඳහන් ප්‍රශ්න මතයි.

විනා. 15: “යහපත් ක්‍රියාවලින් යෙහෝවාව ගෞරවයට පත් කරන්න.”a ප්‍රකාශකයෝ (Proclaimers) පොතේ 187වන පිටුවේ 2-3 දක්වා ඡේදවල සඳහන් කරුණු හා 1998 ජනවාරි 1 මුරටැඹ සඟරාවේ 14වන පිටුවේ තිබෙන 12වන හා 13වන ඡේදවල සඳහන් කරුණුද මේ කොටසට ඇතුළත් කරගන්න.

විනා. 20: “අන් අයව දිනාගත හැකි අයුරු.” මෙම ලිපිය හා 1998 මැයි 15 මුරටැඹ සඟරාවේ 21-3 දක්වා පිටුවලින් තෝරාගත් තොරතුරු පදනම් කරගෙන පොත් පාඩම් මෙහෙයවන්නෙක් විසින් පුරෝගාමියෙකු හෝ දක්ෂ ප්‍රචාරකයෙකු සමඟ කරන සාකච්ඡාවක්. කලින් සඳහන් කළ සඟරාවේ 23වන පිටුවේ තිබෙන “ඔබේ ශිෂ්‍යයාගේ හෘදය වෙත ළඟාවීම” නමැති මාතෘකාවෙන් යුත් කොටුවද සලකා බලන්න. තම බලප්‍රදේශයේ පොදුවේ දක්නට තිබෙන බොරු ආගමික ඉගැන්වීම් කිහිපයක් ගෙනහැර දැක්වීමෙන් පසු, ඒ ඉගැන්වීම් ගැන බයිබලයෙහි පවසන දෙය කෙනෙකුට ඒත්තුගන්වන ආකාරය ගැන සාකච්ඡා කරන්න.

ගීතිකා අංක 208 සහ අවසාන යාච්ඤාව.

පෙබරවාරි 19න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 221

විනා. 8: සභා නිවේදන සහ ගිණුම් වාර්තාව.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 22: “යෙහෝවාගේ නාමය හා ක්‍රියා ප්‍රකාශ කරන්න.”b මාර්තු සහ අප්‍රියෙල් මාසවල හැකි සෑම කෙනෙකුටම උපකාරික පුරෝගාමී සේවය කිරීමට හැකි වන පරිදි සභාව පිළියෙළ කර තිබෙන සැලසුම් ගැන මේ කොටස මෙහෙයවන වැඩිමහල්ලා සලකා බලයි. උපකාරික පුරෝගාමී සේවය කිරීමෙන් ලැබූ ප්‍රීතිය ගැන පැවසීමට පසුගිය අප්‍රියෙල් මාසයේ උපකාරික පුරෝගාමී සේවයේ යෙදුණු කිහිපදෙනෙකුට ආරාධනා කරන්න. සුදුසුකම් ලත් සෑම අක්‍රියාශීලී ප්‍රචාරකයෙකුටම සේවයේ හවුල් වීම සඳහා උපකාර කිරීම කෙරෙහිත් ළමුන්ට හා බයිබලය පාඩම් කරන අයට බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් ලෙස සේවය කිරීමට උපකාර කිරීම කෙරෙහිත් විශේෂ අවධානයක් දෙන්න.—අපගේ රාජ්‍ය සේවාව 2000 නොවැම්බර් කලාපයේ ප්‍රශ්න පෙට්ටිය බලන්න.

ගීතිකා අංක 27 සහ අවසාන යාච්ඤාව.

පෙබරවාරි 26න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 48

විනා. 8: සභා නිවේදන. පෙබරවාරි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.

විනා. 12: දැනුම පොත ඉදිරිපත් කරන ආකාරය ගැන යෝජනා. ඔබ මාර්තු මාසයේදී දැනුම පොත ඉදිරිපත් කරන්න යන්නේ කොහොමද? ඔබ අපගේ රාජ්‍ය සේවාවේ පසුගිය කලාපවල අන්තිම පිටුව බැලුවොත්, මුල් හමුවීමේදී ඉදිරිපත් කිරීමක් කරන ආකාරය ගැන යෝජනා සොයාගන්න පුළුවන්. මෙම යෝජනාවලින් බොහොමයක දෙවන හමුවීම කරන ආකාරය ගැනත් තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. අපගේ රාජ්‍ය සේවාවල යෝජනා කර තිබෙන ඉදිරිපත් කිරීම් දෙක තුනක් සලකා බලන්න. (1995 දෙසැම්බර්; 1996 මාර්තු, ජූනි හා නොවැම්බර්; 1997 ජූනි; 1998 මාර්තු) වර්ෂ 1996 නොවැම්බර් කලාපයේ හයවන හා හත්වන ඡේදවල සඳහන් යෝජනා දෙක යොදාගනිමින් බයිබල් පාඩම් පටන්ගැනීමේ අරමුණ ඇතුව ඍජු එළඹීමක් කරන ආකාරය නිරූපණය කරන්න. අලුත් බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා විශේෂ වෑයමක් දැරීමට සියලුදෙනාවම දිරිමත් කරන්න.

විනා. 25: “මිනිසා සතු පැරණිතම මෙන්ම නවීනතම පොත වන බයිබලය කෙරෙහි අගය ඇති කිරීම.” පස්වන පිටුවේ තිබෙන ප්‍රශ්න යොදාගනිමින් සබය සමඟ කරන සාකච්ඡාවක්. පුළුල් ලෙස බෙදාහැර තිබෙන බයිබල්වලින් එකක් වන නව ලෝක පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) භාෂා 37කින් සම්පූර්ණව හෝ කොටස් වශයෙන් දශලක්ෂ 100කට වැඩි පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙන බව අවධාරණය කරන්න. අප්‍රියෙල් මාසයේදී අපි වීඩියෝ පට මාලාවේ හතරවන පටයේ අඩංගු දේවල් සලකා බලනවා. බයිබලය ඔබේ ජීවිතය කෙරෙහි ඇති කරන බලපෑම යනුවෙන් එය නම් කර තිබෙනවා.

ගීතිකා අංක 64 සහ අවසාන යාච්ඤාව.

මාර්තු 5න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 81

විනා. 15: සභා නිවේදන. “දුරකථනයෙන් සාර්ථකව සාක්ෂි දැරීම” යන කොටසද සාකච්ඡා කරන්න. මේ කොටස ඔබේ ප්‍රදේශයට අදාළ වන ආකාරයට ඉදිරිපත් කරන්න. ඔබ ප්‍රදේශයට මෙය අදාළ වන්නේ නැත්නම්, 1999 ජූනි මාසයේ අපගේ රාජ්‍යය සේවාවේ 4වන පිටුවේ සඳහන් “ඔබේ කාලය ඵලදායී ලෙස භාවිත කරන්න” නමැති ලිපිය සලකා බලන්න.

විනා. 18: “යෙහෝවා ශක්තිය සපයයි.”c මෙම ලිපියේ සඳහන් ශුද්ධ ලියවිලි පාඨ අදාළ වන ආකාරය ගැන සබයේ අදහස් ලබාගන්න.

විනා. 12: “අවංකකම—අහම්බෙන්ද නැත්නම් තේරීමෙන්ද?” 1997 මැයි 15 මුරටැඹ සඟරාවේ 21වන පිටුව බලන්න. අපි නමස්කාර කරන දෙවි සත්‍යතාවේ දෙවි වන නිසා අපිත් සත්‍යවාදී වීමේ ඇති වැදගත්කම ගැන අවධාරණය කරන්න.—හෙබ්‍රෙ. 6:18; යොහ. 8:44; එළි. 21:27.

ගීතිකා අංක 108 සහ අවසාන යාච්ඤාව.

[Footnote]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න