ජා-ඇල රාජ්‍ය ශාලාව කැප කළා!
ජා-ඇල අවට ප්‍රදේශයේ සභා හතරක භාවිතය සඳහා ඉදි කළ ආසන 400කින් සමන්විත නව දෙමහල් රාජ්‍ය ශාලාව අගෝස්තු 20වනදා කැප කළා. තමන් සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කළ මුල් කාලයේදී, එනම් 1970දී ජා-ඇල ප්‍රදේශයේ ප්‍රචාරකයන් සිටියේ කිහිපදෙනෙක් පමණක් බව සහෝදර ජේ. පෙරේරා සභාවේ ඉතිහාසය ගැන කතා කරමින් සඳහන් කළා. මහල් දෙකකින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය ශාලා සංකීර්ණය කැප කිරීමේ විශේෂ අවස්ථාවට 656දෙනෙකු පැමිණ සිටියා.
ප්‍රධාන දොරටුව මීගමු පාරට මුහුණලා තිබෙන නව රාජ්‍ය ශාලාව පිහිටා තිබෙන්නේ ජා-ඇල නගර මධ්‍යයෙයි. පාලක මණ්ඩලය දී තිබෙන මඟ පෙන්වීම්වලට අනුව රාජ්‍ය ශාලාවක් ඉදි කිරීම යෝග්‍ය වන්නේ මහජනයාට හොඳින් පෙනෙන ස්ථානයකයි. ජා-ඇල පිහිටි මේ අලුත් රාජ්‍ය ශාලාව මහජනයාට කදිම සාක්ෂියක් සපයයි. මෙම ගොඩනැඟිල්ලේම චාරිකා අවේක්ෂකයන්ට නවාතැන් පහසුකම් සපයා තිබෙනවා.
එක් චාරිකා අවේක්ෂකයෙකුගෙන් ලැබුණු කාඩ්පතක මෙසේ සඳහන් වුණා. “අපිට ලැබිල තියෙන අලංකාර නවාතැනට ස්තුතියි. ඔබ වෙහෙස මහන්සි වෙලා කළ වැඩය අපි අගය කරනවා. රාජ්‍ය ශාලා ඉදි කිරීමේ කටයුතුවල හවුල් වන සියලුම සහෝදර සහෝදරියන්ට අපේ ස්තුතිය පුද කරන්න කැමතියි.”