නිවේදන
◼ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත පොත් පත්: රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේ වැඩපිළිවෙළ මේ මාසයේද ක්‍රියාත්මක වෙනවා. තම බලප්‍රදේශයේ සෑම නිවැසියෙකුටම රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැර තිබෙන සභාවලට හැකියි, ඕනෑ කරන්නේ විවරණිකාව හෝ දැනුම පොත ඉදිරිපත් කරන්න. දෙසැම්බර්: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. ජනවාරි: සභාවේ පොත් පත් තොගයෙහි තිබිය හැකි 1986ට කලින් ප්‍රකාශයට පත් කර තිබෙන පිටු 192කින් සමන්විත ඕනෑම පොතක්. පෙබරවාරි: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත සිංහලෙන්ද, Life—How Did It Get Here? By Evolution or by Creation? යන පොත ඉංග්‍රීසියෙන්ද, එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! යන පොත ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන්ද ලබා දිය හැකියි. ඊට අමතරව සභාවේ පොත් පත් තොගයෙහි තිබෙන ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශිත පිටු 192කින් යුත් පැරණි පොත්ද ඉදිරිපත් කරන්න.
◼ රාජ්‍ය ආරංචි බෙදාහැරීමේ වැඩපිළිවෙළ අවසන් වීමෙන් පසු, තවත් පිටපත් ඉතිරි වී තිබේ නම්, ගෙයින් ගෙට සේවයේදී හෝ වෙනත් අවස්ථාවලදී සාක්ෂි දරන විට පත්‍රිකා ඉදිරිපත් කරන ආකාරයටම ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. සුදුසු අවස්ථාවලදී ප්‍රචාරකයන්ට පුළුවන් ගෙවැසියන් නොසිටි නිවෙස්වල පිටපතක් තබා එන්න. වෙනත් අයට එය නොපෙනෙන ලෙස තැබිය යුතු බව මතක තබාගන්න. මේ රාජ්‍ය ආරංචි පත්‍රිකාවේ අඩංගු වන්නේ වැදගත් පණිවිඩයක්. එනිසා ඉතිරි වී තිබෙන සියලුම පිටපත් බෙදාහැරීමට වෑයම් කළ යුතුයි.
◼ මුලසුනභාර අවේක්ෂක විසින් හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙකු විසින් දෙසැම්බර් 1වනදා හෝ ඉන්පසු හැකි විගස සභාවේ ගිණුම් පරීක්ෂා කළ යුතුයි. මෙය කළ පසු, ඊළඟ ගිණුම් වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය මාස තුනේ ගිණුම් පරීක්ෂා කර තිබෙන බව නිවේදනය කරන්න.
◼ සභාවන් තමන්ගේ නොවැම්බර් පොත් පත් ඉල්ලුම සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත 2001 ඉල්ලුම් කළ යුතුයි. වාර්ෂික පොත ලබාගත හැක්කේ ඉංග්‍රීසියෙන් පමණයි. වාර්ෂික පොත සභාවට ලැබෙන තෙක්, සභාවට එවන ඇසුරුම් ලැයිස්තුවේ “ලැබීමට නියමිතයි” (Pending) ලෙස එය සඳහන් වෙනවා. වාර්ෂික පොත විශේෂ ඉල්ලුම් අයිතමයක්.
◼ ලබාගත හැකි අලුත් ප්‍රකාශන:
බයිබලය—උර්දු
පවුලේ සන්තෝෂයට රහස—මියන්මා සහ ලාඕෂන්