සේවා රැස්වීම් වැඩසටහන
ඔක්තෝබර් 9න් පටන්ගන්නා සතිය
විනා. 8: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 12: “දෙවිගේ පුදුම ක්‍රියා කල්පනාවට ගන්න.” මිනිත්තුවකට වඩා අඩු කාලයකින් හැඳින්වීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න. යෙසායාගේ අනාවැකි කෙරෙහි අගය වැඩි කිරීම සඳහා අලුත් පොතෙහි තිබෙන පින්තූර කිහිපයකට අවධානය යොමු කරවන්න.
විනා. 25: “නව සහස්‍රයයි—ඔබේ අනාගතයයි!” සේවා අවේක්ෂක උද්‍යෝගිමත් ලෙස කරන සාකච්ඡාවක්. සමිතිය විසින් වැඩිමහල්ලන් වෙත එවන ලද 2000 ජූලි 3 දිනැති ලිපියේ සඳහන් නිවේදනය සභාවට කියවීමෙන් පසු, රාජ්‍ය ආරංචි අංක 36 පත්‍රිකාවෙන් එක පිටපතක් රැස්වීමට පැමිණ සිටින සෑම කෙනෙකුටම ලබා දෙන්න. ඉන්පසු ප්‍රශ්නෝත්තර ක්‍රමයට රාජ්‍ය සේවාවේ සඳහන් ලිපිය සාකච්ඡා කරන්න. සභා බලප්‍රදේශය සම්පූර්ණයෙන් පියවමින් මේ පිටපත් බෙදාහැරීම සඳහා යොදා තිබෙන සැලසුම් සභාවට ඉදිරිපත් කරන්න. බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් හැටියට සුදුසුකම් ලබාගැනීම සඳහා නවකයන්ට හා දරුවන්ට උපකාර කළ හැකි ආකාරය සලකා බලන්න. මෙම පත්‍රිකාව ඉදිරිපත් කරන ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න. රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් තමන්ගේ උපරිම සහය ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කරන්න.
ගීතිකාව 53 සහ අවසාන යාච්ඤාව.
ඔක්තෝබර් 16න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන හා ගිණුම් වාර්තාව. සති අන්තයේ සේවයේ හවුල් වෙද්දී, රාජ්‍ය ආරංචි අංක 36 සමඟ මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඉදිරිපත් කිරීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 15: “ඔබව දැනුවත් කරන, පොලඹවන සහ ශක්තිමත් කරන මෙවලම්.” (පළමු හා දෙවන ඡේද පමණයි.) කතාවක්. සමිතියේ වීඩියෝ පට නිෂ්පාදනය කිරීමේ ඉතිහාසය කෙටියෙන් සලකා බලන්න. (ප්‍රකාශකයෝ, ඉංග්‍රීසියෙන් jv පොතේ පිටු 600-1 දක්වා බලන්න.) ඔක්තෝබර් 30න් පටන්ගන්නා සතියේ පවත්වන සේවා රැස්වීමේදී කරන සාකච්ඡාවට සූදානම් වීමක් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හඳුනාගනිමු නමැති වීඩියෝ පටය කලින් නැරඹීමට සියලුදෙනාවම උනන්දු කරන්න. වීඩියෝ පටය තිබෙන අයට පුළුවන් එය නැති අයට ලබා දෙන්න හෝ එකට එකතු වී එය නරඹන්න.
විනා. 20: පුරෝගාමී ස්ප්‍රීතුව නිරූපණය කරන්න සියල්ලන්ටම හැකියි. පොත් පාඩම් මෙහෙයවන්නෙක් සහ ඔහුගේ සහයක විසින් කරන සාකච්ඡාවක්. මේ සාකච්ඡාව පදනම් වන්නේ 1997 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවේ, 22-3 දක්වා පිටුවල සඳහන් තොරතුරු මතයි. සභාවේ තවත් පුරෝගාමීන් සිටියහොත් එය දිරිගැන්වීමක් විය හැකි ආකාරය සහ මේ ඉලක්කය අත් කරගැනීමට සියල්ලන්ටම දායක විය හැකි ආකාරය ගැන සලකා බලන්න. දැනට පුරෝගාමි සේවය කරමින් සිටින අයව දිරිමත් කළ හැකි ආකාරය හා සභාවේ සිටින සියලුදෙනාටම දේවසේවය සඳහා ඇති තමන්ගේ ජ්වලිතය වැඩි කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න.
ගීතිකාව 131 සහ අවසාන යාච්ඤාව.
ඔක්තෝබර් 23න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. “ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම්” සාකච්ඡා කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: රැස්වීම්වලට හොඳින් සූදානම් වන්න. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. රැස්වීම්වලින් අපි ලබන ප්‍රයෝජන බොහෝදුරට රඳා පවතින්නේ ඒවාට කලින් සූදානම් වීම සඳහා අප දරන වෑයම මතයි. වර්ෂ 1998 මාර්තු 1 මුරටැඹ සඟරාවේ පිටු 15-16හි සඳහන් 8-11 දක්වා ඡේදවල ඉදිරිපත් කර තිබූ ප්‍රායෝගික යෝජනා සලකා බලන්න. රැස්වීම්වලට සූදානම් වීම සඳහා අවශ්‍ය කාලය තමන් සොයාගන්නා ආකාරය ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකාව 211 සහ අවසාන යාච්ඤාව.
ඔක්තෝබර් 30න් පටන්ගන්නා සතිය
ගීතිකාව 167
විනා. 8: සභා නිවේදන. ඔක්තෝබර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 12: රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේදී ලබා තිබෙන අද්දැකීම් ඉදිරිපත් කරන්න. මේ දක්වා රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමෙහි හවුල් වීමෙන් අද්දැක තිබෙන ප්‍රීතිය ගැන හා ලබා තිබෙන දිරිගන්වනසුලු ප්‍රතිඵල ගැන පැවසීමට විවිධ ප්‍රචාරකයන්ට ආරාධනා කරන්න. රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේ කාලය තුළ වැඩිපුර සේවය කිරීමට හැකිවීම ගැනත් විවිධ ප්‍රචාරකයන් සමඟ සේවය කිරීමට ලැබීම ගැනත් තමන්ගේ අගය ප්‍රකාශ කිරීමට ස්ථාවර හා උපකාරික පුරෝගාමීන්ට ආරාධනා කරන්න.
විනා. 25: යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හඳුනාගනිමු. සබය සමඟ සාකච්ඡාවක්. “ඔබව දැනුවත් කරන, පොලඹවන සහ ශක්තිමත් කරන මෙවලම්” නමැති ලිපියේ 3වන ඡේදයේ සඳහන් ප්‍රශ්න සලකා බලන්න. අපේ සංවිධානය ගැන හොඳින් දැනගැනීම සඳහා මේ වීඩියෝ පටය උනන්දුවක් දක්වන අයට උපකාරවත් විය හැකි ආකාර සමහරක් යෝජනා කරන්න. කෙටි අද්දැකීම් එකක් හෝ දෙකක් ඉදිරිපත් කරන්න. වර්ෂ 1992 ඔක්තෝබර් 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්), පිටු 30-1 දක්වා බලන්න.
ගීතිකාව 15 සහ අවසාන යාච්ඤාව.
නොවැම්බර් 6න් පටන්ගන්නා සතිය
ගීතිකාව 198
විනා. 15: සභා නිවේදන. රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේ ප්‍රගතිය ගැන සලකා බලන්න. මේ දක්වා බලප්‍රදේශය කොතෙක් දුරට පියවා තිබේද කියාත්, නොවැම්බර් 17වනදාට කලින් බලප්‍රදේශය සම්පූර්ණයෙන්ම පියවීම සඳහා කළ යුතු දේවල් පිළිබඳවත් වාර්තාවක් සපයන්න.
විනා. 20: අපි විශ්වාස කරන්නේ මොනවාද? “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව වෙනත් ආගම්වලින් වෙන් කර හඳුනාගැනීමට ඉවහල් වන ඔවුන්ගේ ඉගැන්වීම් මොනවාද?” කියා ඇසූ පුද්ගලයෙකුව නැවත හමුවීමට සහෝදරයෙකු යයි. වර්ෂ 1998 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ 6වන පිටුවේ සඳහන් කොටුවේ තිබෙන කරුණු සාකච්ඡා කරන්න. වෙනත් ආගම් විසින් මිනිසුන්ගේ ඉගැන්වීම් මුල් කරගනිමින් එම මූලික බයිබල් සත්‍යයන් ප්‍රතික්ෂේප කරන ආකාරය පැහැදිලි කරන්න.
විනා. 10: ගායනා කිරීම අපේ නමස්කාරයේ වැදගත් අංගයකි. සභා රැස්වීම්වලදී ගීතිකා ගායනා කිරීම ගැන පොත් පාඩම් මෙහෙයවන්නෙකු ප්‍රචාරකයන් දෙදෙනකු සමඟ සාකච්ඡා කරයි. ඔවුන් ගීතිකා ගායනා කිරීමේදී හැඟීමෙන් යුක්තව ගායනා කරන බවක් දක්නට නොලැබෙන බව ඔහුගේ අවධානයට ලක් වී තිබෙනවා. ඔහු 1997 පෙබරවාරි 1 මුරටැඹ සඟරාවේ 27-8 දක්වා පිටුවල සඳහන් කරුණු ඔවුන් සමඟ සාකච්ඡා කරයි. වර්ෂ 1999 ජූලි 1 මුරටැඹ සඟරාවේ 20වන පිටුවේ 12වන ඡේදයේ තිබූ යෝජනාවට අනුව, ඔවුන් මේ සතියට නියමිත මුරටැඹ පාඩමට අදාළ ගීතිකාවලින් එකක පදමාලාව විග්‍රහ කර බලයි. උද්‍යෝගයෙන් ගීතිකා ගායනා කිරීමෙන් ප්‍රාණවත් ස්වභාවයකින් හා හද පත්ලෙන්ම යෙහෝවාට ප්‍රශංසා කිරීමට හැකි වෙයි.
ගීතිකාව 223 සහ අවසාන යාච්ඤාව.