සේවා රැස්වීම් වැඩසටහන
අගෝස්තු 14න් පටන්ගන්නා සතිය
විනා. 12: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මැයි මාසය සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම සභාවේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ගැන අදහස් දක්වන්න. අගෝස්තු මාසය සඳහා තව ඉතිරිව තිබෙන්නේ සති අන්ත දෙකක් පමණයි. එනිසා මාසය අවසන් වෙන්න කලින් සේවයේ හවුල් වීමට සියල්ලන්වම දිරිගන්වන්න. සති අන්තයේ ක්ෂේත්‍ර සේවය සඳහා රැස් වන ස්ථාන මතක් කරන්න.
විනා. 15: ‘ඇදහිල්ලේ යහපත් සටනෙහි යෙදෙන්න.’ මිනිත්තුවකට වඩා අඩු කාලයකින් හැඳින්වීම ඉදිරිපත් කරමින් ප්‍රශ්නෝත්තර ක්‍රමයට මේ කොටස මෙහෙයවන්න. සභා පොත් පාඩම් කණ්ඩායම් මෙහෙයවන්නන් තමන්ගේ කණ්ඩායම් සඳහා ක්ෂේත්‍ර සේවය සංවිධානය කරන ආකාරය ගැන හා නිතිපතා ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම හා වාර්තා කිරීම සම්බන්ධයෙන් තම කණ්ඩායමේ උපකාරය අවශ්‍ය කරන අය කෙරෙහි අවධානය යොමු කිරීම ගැන, අපගේ දේව සේවය පොතේ 44-5 පිටුවල සඳහන් තොරතුරු මත පදනම් අදහස් දැක්වීම්ද ඇතුළත් කරන්න.
විනා. 18: පාසැල් යෑමෙන් ඔබට ප්‍රයෝජන අත් කරගත හැකි ආකාරය. ලෞකික අධ්‍යාපනයේ තිබෙන වැදගත්කම තේරුම්ගැනීමට තම දරුවන්ට උපකාර කිරීම සඳහා පියෙක් තම දරුවන් සමඟ ඒ ගැන කතා කරයි. (යෞවනයෝ අසති පොතේ 133-9 දක්වා පිටු බලන්න.) නොහික්මුණු අයගෙන් පිරී තිබෙන අද සමාජය තුළ පාසැල් යෑම සැබෑ අභියෝගයක් බව යෞවනයන් බොහෝදෙනෙකුට හැඟෙනවා. තමන් ඉගෙනගන්න දේවල ප්‍රායෝගිකව එතරම් වටිනාකමක් නැහැයි කියා සිතෙන නිසා ඔවුන්ගේ උනන්දුව අඩු වී තිබෙන බවත් ඔවුන්ට හැඟෙනවා. ප්‍රමාණවත් ලෞකික අධ්‍යාපනයක් ලබාගැනීම නැණවත් දෙයක් බව පෙන්වා දෙන ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති හා වෙනත් හොඳ හේතු පියා විසින් සලකා බලයි. හොඳින් ඉගෙනගන්න කියාත් පන්තියේ වැඩවලට හොඳ අවධානයක් දෙන්න කියාත් පියා දරුවන්ව දිරිමත් කරයි.
ගීතිකාව 127 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 21න් පටන්ගන්නා සතිය
විනා. 12: සභා නිවේදන. ගිණුම් වාර්තාව. “ප්‍රේමනීය දෙවි කෙනෙක් මේ තරම් කාලයක් දුක් වේදනා පවතින්න ඉඩ දීලා තියෙන්නේ ඇයි?” කියා ක්ෂේත්‍ර සේවයේදී අසනු ලබන ප්‍රශ්නයට උත්තර දෙන ආකාරය පෙන්වන හොඳින් පුහුණු කළ නිරූපණයක් ඉදිරිපත් කරන්න. (දැනුම පොතේ 70-79 දක්වා පිටු) මේ සති අන්තයේ සේවයේ හවුල් වීමට සෑම කෙනෙකුවම දිරිගන්වන්න.
විනා. 8: “නව විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන.” කතාවක්. විශේෂ එක්රැස්වීම පවත්වන දිනය දන්නවා නම්, එය සභාවට දැනුම් දෙන්න. සම්පූර්ණ වැඩසටහනටම සහභාගි වෙන්න සියලුදෙනාවම උනන්දු කරන්න. උනන්දුව දක්වන අයට හා බයිබල් ශිෂ්‍යයන්ට ආරාධනා කිරීමට ප්‍රචාරකයන්ව දිරිගන්වන්න.
විනා. 25: “ඔබ ප්‍රයෝජන අත් කරගනිමින් සිටිනවාද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකාව 152 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 28න් පටන්ගන්නා සතිය
ගීතිකාව 165
විනා. 10: සභා නිවේදන. අගෝස්තු මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට සියල්ලන්ටම මතක් කරන්න. සැප්තැම්බර් 6වනදාට වාර්තාව සම්පූර්ණ කිරීම සඳහා සභා පොත් පාඩම් මෙහෙයවන්නන් තමන්ගේ කණ්ඩායමේ අය වාර්තා දමා තිබෙනවාද කියා පරීක්ෂා කර බැලිය යුතුයි.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “යෞවනයන්ට ප්‍රයෝජන ගෙන දෙන රැස්වීම්.” වැඩිමහල්ලෙකු විසින් මෙහෙයවන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. අටවන ඡේදය සාකච්ඡා කරන විට, රැස්වීම්වලදී හොඳින් සවන් දීම සඳහා උපකාරවත් වන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි කරුණු කිහිපයක් ගෙනහැර දක්වන්න. (1998 ඔක්තෝබර් 8 පිබිදෙව්! 19-20 පිටු බලන්න.) නිතිපතා සෑම රැස්වීමකටම තම දරුවන්ව රැගෙන යෑමේදී නොවෙනස් වනසුලු ස්ථාවරයක් පවත්වාගැනීමට දෙමාපියන්ව දිරිමත් කරන්න.—1997 සැප්තැම්බර් 1 මුරටැඹ 25වන පිටුව බලන්න.
ගීතිකාව 176 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 4න් පටන්ගන්නා සතිය
ගීතිකාව 196
විනා. 15: සභා නිවේදන. ප්‍රශ්න පෙට්ටිය. දිස්ත්‍රික් සමුළුවට යන විට හෝ සමුළුව පැවැත්වූ ස්ථානයේදී හෝ ආපසු නිවෙස් බලා එන විට අවිධිමත්ව සාක්ෂි දැරීමෙන් තමන් ලබා තිබෙන අද්දැකීම් ගැන පැවසීමට ප්‍රචාරකයන්ට ආරාධනා කරන්න.
විනා. 10: අප ජීවත් වන කාලය සුවිශේෂ කාලයකි. වැඩිමහල්ලෙක් විසින් 1996 නොවැම්බර් 15 මුරටැඹ සඟරාවේ 22-3 දක්වා පිටුවල තොරතුරු පදනම් කරගනිමින් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 20: “ඔබ විඳදරාගනිමින් සිටිනවාද?” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. ක්‍රිස්තියානි දේවසේවය තුළ විඳදරාගැනීමෙන් තමන් ලබා තිබෙන සාර්ථකත්වය ගැන කල්පනා කිරීමට සියලුදෙනාවම දිරිමත් කරන්න. ආත්මිකව දුර්වල වීමේ ලක්ෂණ අප තුළ දකින්න තිබෙනවා නම්, ආත්මිකව ශක්තිමත්ව සිටීමට පියවර ගැනීම අවශ්‍යයි. 1999 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ 20-1 දක්වා පිටුවල සඳහන් 17-21 ඡේදවලින් අදහස් දක්වන්න. අවුරුදු ගණනාවක් ඇදහිලිවන්තව විඳදරාගෙන තිබෙන ප්‍රචාරකයන් දෙතුන්දෙනෙකුව තෝරාගෙන, ඔවුන් දිගටම එසේ විඳදරාගෙන සිටීමට කරමින් සිටින දේවල් ගැන පැවසීමට ආරාධනා කරන්න.
ගීතිකාව 206 සහ අවසාන යාච්ඤාව.